The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

'ශ්‍රී ලංකාව රනින් සැරසු පොඩි තරුෂි'

T

The Leader Desk

April 20, 2025 • 4:34 AM

'ශ්‍රී ලංකාව රනින් සැරසු පොඩි තරුෂි'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නැවත වරක් මලල ක්‍රීඩා පිටිය තුළ තරුෂි යන නාමය කතා බහට ලක් වුයේ ( අප්‍රේල් 18) සෞදි අරාබියේ දී පැවති වයස අවුරුදු 18න් පහළ මීටර් 800 කාන්තා තරගයේ දී තරුෂි අභිෂේකා ලද ජයග්‍රහණයත් සමග යි.
  • තරගයේ අවසන් මීටර් 50 තුළදී චීන ජාතික ක්‍රීඩිකාව අභිබවා යමින් 10 වසරකට පසුව ශ්‍රී ලංකාවට වයස අවුරුදු 18 න් පහළ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම හිමිකර දීමට ඇය සමත් විය.
  • මහදුර ගෙදර තරුෂි අභිෂේකා උපත ලබන්නේ 2008 වසරේ ඔක්තෝම්බර් මස 30 වැනිදා ගලේවල, නිලගම ප්‍රදේශයේදී ය.
  • දඹුල්ල ජාතික පාසැලේ අධ්‍යාපනය හදාරමින් සිටි ඇයට මීට වසර දෙකකට පමණ ඉහතදී ගම්පොළ වික්‍රමභාහු ජාතික පාසලට ඇතුල්වීමට අවස්ථාව හිමි වී තිබුණේ මලල ක්‍රීඩා පිටියේ දී දැක්වූ දක්ෂතා හේතුවෙන් ය.
අකුරු ප්‍රමාණය (Font Size):


නැවත වරක් මලල ක්‍රීඩා පිටිය තුළ තරුෂි යන නාමය කතා බහට ලක් වුයේ ( අප්‍රේල් 18) සෞදි අරාබියේ දී පැවති වයස අවුරුදු 18න් පහළ මීටර් 800 කාන්තා තරගයේ දී තරුෂි අභිෂේකා ලද ජයග්‍රහණයත් සමග යි.

තරග ආරම්භයේ සිට චීන ජාතික ක්‍රීඩිකාව වූ, යේ මෙයිලෙන්ග් සමග කරට කර ධාවනයක නිරතවීමට තරුෂි අභිෂේකා සමත් වුවාය.

තරගයේ අවසන් මීටර් 50 තුළදී චීන ජාතික ක්‍රීඩිකාව අභිබවා යමින් 10 වසරකට පසුව ශ්‍රී ලංකාවට වයස අවුරුදු 18 න් පහළ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම හිමිකර දීමට ඇය සමත් විය.

තරුෂි අභිෂේකා කියන්නේ කවු ද ?

 

WhatsApp Image 2025 04 18 at 21.00.55 4a25da02
මහදුර ගෙදර තරුෂි අභිෂේකා උපත ලබන්නේ 2008 වසරේ ඔක්තෝම්බර් මස 30 වැනිදා ගලේවල, නිලගම ප්‍රදේශයේදී ය.

දඹුල්ල ජාතික පාසැලේ අධ්‍යාපනය හදාරමින් සිටි ඇයට මීට වසර දෙකකට පමණ ඉහතදී ගම්පොළ වික්‍රමභාහු ජාතික පාසලට ඇතුල්වීමට අවස්ථාව හිමි වී තිබුණේ මලල ක්‍රීඩා පිටියේ දී දැක්වූ දක්ෂතා හේතුවෙන් ය.

මීටර් 800 ඉසව්වට අමතරව තරුෂි අභිෂේකා මීටර් 400 සහ මීටර් 1500 තරග ඉසව් ද නියෝජනය කරනු ලබයි.

6thsbv4t4

ඉකුත් 2024 වසරේ පැවති සමස්ත ලංකා පාසැල් ක්‍රීඩා තරගාවලියේදී තරුෂි වසර 39ක් පැරණි වාර්තාවක් බිඳ දැමීමට සමත් විය.

එහිදී මීටර් 1500 ධාවන ඉසව්ව මිනිත්තු 04යි තත්පර 29 යි දශම 9 යි 7 කින් අවසන් කළ තරුෂි බිඳ දැමුවේ මෙරටින් බිහිවූ දක්ෂ ක්‍රීඩිකාවක් වන ධම්මිකා මැණිකේ විසින් ඊට වසර 39 කට පෙර තබා තිබු මිනිත්තු 04යි තත්පර 35යි දශම 7ක් වූ වාර්තාව ය.

එමෙන්ම තරුෂි අභිෂේකා 2024 වසරේ ඉන්දියාවේ දී පැවති වයස අවුරුදු 20 න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 800 ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වූවාය.

 tharushi abhisheka1

බීබීසී සිංහල සමග අදහස් දක්වමින් ගම්පොළ වික්‍රමභාහු ජාතික පාසැලේ විදුහල්පතිනිය වන කෝකිලා එදිරිසිංහ පවසා සිටියේ තරුෂි අභිශේකා ක්‍රීඩාවට මෙන්ම අධ්‍යාපනය අතින් ද දක්ෂතා දක්වන බවයි

 

'ඇය දක්ෂ ක්‍රීඩිකාවක්'

බීබීසී සිංහල සමග අදහස් දක්වමින් ගම්පොළ වික්‍රමභාහු ජාතික පාසැලේ විදුහල්පතිනිය වන කෝකිලා එදිරිසිංහ පවසා සිටියේ තරුෂි අභිෂේකා ක්‍රීඩාවට මෙන්ම අධ්‍යාපනය අතින් ද දක්ෂතා දක්වන බවයි.

''මීට අවුරුදු දෙකකට කලින් තරුෂිව ගම්පොල වික්‍රමභාහු ජාතික පාසැලට එක්කන් ආවේ අපේ පාසැලේ ක්‍රීඩා පුහුණුකරු බුද්ධික නුවන්. බුද්ධික නුවන් ක්‍රීඩා පුහුණුකරු තමයි අපේ පාසැලේ ළමයි අරන් ජාතික සහ පළාත් තරග වලට යන්නේ. එතැනදී තමයි තරුෂිව දැකලා අපේ ඉස්කෝලෙට ඇතුළත් කර ගන්න කටයුතු කළේ. තරුෂි ගිය අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉදලා ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්නේ.''

''එයා අධ්‍යාපනයට වගේම මලල ක්‍රීඩාව වෙනුවෙනුත් ලොකු කැපකිරීමක් කරනවා." විදුහල්පතිනිය පැවසුවාය.

'මීළඟ බලාපොරොත්තුව ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය'

 



තරුෂි අභිෂේකා බීබීසී සිංහල වෙත පැවසුවේ, සෞදි අරාබියේ පැවති දේශගුණික තත්ත්වය යටතේ ක්‍රීඩා කිරීමට ලැබීම විශාල අභියෝගයක් වූ බවය.

"එරටේ පැවති දේශගුණික තත්ත්වයත් මත අපිට තරග කටයුතු කරගැනීම ගොඩක් ලොකු අභියෝගයක් වුණා. ඒ වුණාට එම අභියෝගය හමුවේ වුණාත් මේ ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වීම ගැන මම ගොඩක් සතුටු වෙනවා."

"මගේ මීළඟ ආසන්නම බලාපොරොත්තුව බහරේන් පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී පදක්කමක් මෙරටට ගෙන එන එක" ඇය පැවසුවාය.

'10 වසරකට පසු ජයග්‍රහණය කළ රන් පදක්කම'

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියකදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ වැඩිම පදක්කම් සංඛ්‍යාව මෙය වන බවයි.

''වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය මුලින්ම ආරම්භ වන්නේ 2015 වසරේදී. මේ අවුරුද්දේ ශ්‍රී ලංකා කණ්ඩායමට පදක්කම් 08ක් ජයග්‍රහණය කරන්න හැකියාව ලැබුණා. ඒ වගේම මෙවර අපේ ක්‍රීඩිකාවක්ට රන් පදක්කමක් ජයග්‍රහණය කරන්න හැකි වුණා. මේ තරගාවලියේ දී අපිට රන් පදක්කමක් දිනා ගන්න ලැබුනේ අවුරුදු 10 කට පස්සේ. ඒක සතුටට කාරණාවක්." මලල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයා පැවවේය.

 tharushi abhisheka 2

සෞදි අරාබියේ පැවති 06 වන ආසියානු යොවුන් මළළ ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද (අප්‍රේල් 20 වැනිදා) අළුයම දිවයිනට පැමිණියහ.

 

ශ්‍රී ලංකාවට පදක්කම් 8ක්

සෞදි අරාබියේ පැවති 06 වන ආසියානු යොවුන් මළළ ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ වයස අවුරුදු 18 න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද (අප්‍රේල් 20 වැනිදා) අළුයම දිවයිනට පැමිණියහ.

06 වන වරටත් පැවති මෙම තරගාවලිය සඳහා රටවල් 31 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ අතර එහිදී ශ්‍රී ලංකාව සමස්ත තරගාවලියේ පදක්කම් සටහනේ 9 වන ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක්, රිදී පදක්කම් 3ක්, ලෝකඩ පදක්කම් 4ක් සමගින් සමස්ත පදක්කම් 8ක් හිමිවිය.

asb ty67

මෙම තරගාවලියේ දී තුන් පිම්ම ඉසව්ව සදහා සහභාගී වූ අවිශ්ක ජෙන්කින්ස් , මීටර් 200 කාන්තා ධාවන ඉසව්වට සහභාගී වූ ධනංජනා ප්‍රනාන්දු සහ කාන්තා මෙඩ්ලි සහාය දිවීමේ ඉසව්වට සහභාගී වූ ධනංජනා ප්‍රනාන්දු , තරුෂි අභිෂේකා , හිමාෂනී සංසලා සහ දිල්කි නිහාරා රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.

මීට අමතරව මෙම තරගාවලිය සහභාගී වූ උස පැනීම පිරිමි ඉසව්වට සහභාගී වූ පවන් නිත්‍ය , මීටර් 800 පිරිමි ධාවන ඉසව්වට සහභාගී වූ සවිදු අවිශ්ක , මීටර් 1,500 පිරිමි ධාවන ඉසව්වට සහභාගී වූ ළහිරු අචිත්ත සහ කාන්තා තුන් පිම්ම ඉසව්වට සහභාගී වූ දිල්කි නිහාරා ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වුණි.

| BBC සිංහල සේවය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'ශ්‍රී ලංකාව රනින් සැරසු පොඩි තරුෂි' | The Leader