The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මිනිසුන් සමග රොබෝලා එක්වූ ලොව පළමු මානව රූපී මැරතන් තරගය

T

The Leader Desk

April 21, 2025 • 11:05 AM

මිනිසුන් සමග රොබෝලා එක්වූ ලොව පළමු මානව රූපී මැරතන් තරගය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මානව රූපී රො‌බෝලා ට එරෙහිව මිනිසුන් ප්‍රථම වතාවට පසුගිය සතිඅන්තයේ චීනයේ බෙයිජිං නුවර පැවති යිස්වොං අර්ධ මැරතන් තරගයේ (Yizhuang half-Marathon) ධාවනයේ යෙදුනා.
  • උසින් සෙන්ටිමීටර් 75 සිට 180 දක්වාත්, බරින් කිලෝග්‍රෑම් 88 දක්වාත් නොයෙකුත් හැඩයන්ගෙන් යුත් රොබෝලා මේ තරගයට සහභාගි වුනා.
  • ආරක්ෂක පියවරක් ලෙස, මිනිස් තරගකරුවන්ට සමාන්තරව දිවෙන බාධකයක් විසින් මානවයන් හා රොබෝවරුන් සඳහා තරග මාර්ගය බෙදා වෙන්කර තිබුනා.
  • චීනය හරහා ඇති විශ්ව විද්‍යාල හා තාක්ෂණික ආයතනවලින් නිෂ්පාදනය කර තිබූ මේ රෝබෝලා විසි දෙනා කිලෝමීටර් 21 (සැතපුම් 13) දුරැති ධාවනයේ යෙදුනේ දහස් ගණන් මිනිස් තරගකරුවන් සමග.
අකුරු ප්‍රමාණය (Font Size):


මානව රූපී රො‌බෝලා ට එරෙහිව මිනිසුන් ප්‍රථම වතාවට පසුගිය සතිඅන්තයේ චීනයේ බෙයිජිං නුවර පැවති යිස්වොං අර්ධ  මැරතන් තරගයේ (Yizhuang half-Marathon) ධාවනයේ යෙදුනා. පසුගිය වසරේ චීනයේ පැවති විවිධ උත්සව හා තරගවල මානව රූපී රොබෝලා පෙනී සිට තිබුන ද, ඔවුන් මිනිසුන් සමග තරග කළ ප්‍රථම අවස්ථාව මෙය වුනා.

 

උසින් සෙන්ටිමීටර් 75 සිට 180 දක්වාත්, බරින් කිලෝග්‍රෑම් 88 දක්වාත් නොයෙකුත් හැඩයන්ගෙන් යුත් රොබෝලා මේ තරගයට සහභාගි වුනා. සමහර රොබෝලා සිනහවේ සිට කෙළිලොල් ඇස් ගැහීම දක්වා අසම්පූර්ණ චිත්තවේගී හැඟීම් පවා පළ කරන අයුරු දක්නට ලැබුණා. ආරක්ෂක පියවරක් ලෙස, මිනිස් තරගකරුවන්ට සමාන්තරව දිවෙන බාධකයක් විසින් මානවයන් හා රොබෝවරුන් සඳහා තරග මාර්ගය බෙදා වෙන්කර තිබුනා.

china robot m 2

චීනය හරහා ඇති විශ්ව විද්‍යාල හා තාක්ෂණික ආයතනවලින් නිෂ්පාදනය කර තිබූ මේ රෝබෝලා විසි දෙනා කිලෝමීටර් 21 (සැතපුම් 13) දුරැති ධාවනයේ යෙදුනේ දහස් ගණන් මිනිස් තරගකරුවන් සමග.

අර්ධ මැරතන් තරගය ජනතාව සම්ප්‍රදායානුකූල නීති යටතේ තරග වදිද්දී රොබෝලා වෙනුවෙන් බැටරි මාරුකරන සේවා ස්ථාන ඇතුළු විශේෂයෙන් සකස් කළ නිර්ණායකයන් තිබුණා.

සමහර රොබෝලා තරගය සම්පූර්ණ කළ අතර අනෙක් රොබෝලා ආරම්භයේ සිටම දඟලන්නට වුනා. එක් රොබෝ තරගකරුවෙක් තරග ආරම්භක රේඛාවේදී ම බිම ඇද වැටුනු අතර නැවත නැගිට ධාවනය ආරම්භ කළේ මිනිත්තු කිහිපයක් බිම දිගාවී සිටීමෙන් පසුව.

 

china robot m4

ලොව පළමු මානව රූපී අර්ධ මැරතන් තරගය (World’s first humanoid half-marathon) ලෙසින් මෙය හඳුන්වා තිබෙනවා. බෙයිජිං අගනුවර යිස්වොං නමැති අධි තාක්ෂණ කලාපයේ පසුගිය සෙනසුරාදා පැවති මේ තරගය චීන කෘතිම බුද්ධිය හා රොබෝ නිර්මාණ විශේෂඥතාවේ ප්‍රදර්ශනයක් පමණක් නෙවෙයි. එය සැබෑ ලෝකයේ දරා සිටීමේ ශක්තිය, ස්වයං පාලනයට ඇති අයිතිය සහ තාක්ෂණික පරිණත බවේ පරීක්ෂණයක් ද වුනා.

china robot m 5

 

මීට පෙර චීන වසන්ත උත්සවයේදී රොබෝලා තරු බවට පත්ව සිටි අතර ඔවුන් ෂැංහයි මෝස්තර සතියේ පලස මතින් ඇවිද ගියා. පසුගිය සතිඅන්තයේ ඔවුන් බෙයිජිං තාර පාරේ නියම පිරිමින් හා කාන්තාවන් 12,000කට පමණ එරෙහිව පාදයෙන් පාදය තබමින් ගියා.

 

china robot m1

මේ කිසිම රොබෝට්ටෙක් මිනිස් තරග කාලය අසලටවත් නොපැමිණි අතර කිලෝමීටර් 21 දුර ධාවනය පිරිමි ජයග්‍රාහකයා සම්පූර්ණ කළේ පැය 1යි මිනිත්තු 2කින්. බෙයිජිං මානව රොබෝ නවෝත්පාදන මධ්‍යස්ථානය විසින් නිර්මාණය කරන ලද රොබෝ ජයග්‍රාහක Tiangong Ultra ට තරගයේ අවසන් රේඛාව පසු කිරීමට පැය 2යි මිනිත්තු 40ක් ගතවුණා.

china robot m

china robot m 6
warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මිනිසුන් සමග රොබෝලා එක්වූ ලොව පළමු මානව රූපී මැරතන් තරගය | The Leader