The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

තහනම් ශරීර උත්තේජනයට පසුව දැන් තහනම් දේශගුණ උත්තේජනයක් ඇවිත්

T

The Leader Desk

April 21, 2025 • 7:40 PM

තහනම් ශරීර උත්තේජනයට පසුව දැන් තහනම් දේශගුණ උත්තේජනයක් ඇවිත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නමුත් අමෙරිකාවේ පැවති තරගාවලියකදී කවපෙත්ත ඉතාම වේගයෙන් විසිවෙමින් බිහිවූ නව වාර්තා පිටුපස තිබුනේ ‘තහනම් දේශගුණය’ බව සමහර නිරීක්ෂකයන් චෝදනා කරනවා.
  • පැරිස් ඔලිම්පික් රිදී පදක්කම්ලාභී ලිතුවේනියාවේ මීකොලෙස් ඇලෙක්නා (Mykolas Alekna) ඔහුගේම ලෝක වාර්තාව බිඳ දමමින් මීටර් 75.56ක් දුර කවපෙත්ත විසිකළේ මීටර් 75 පසුකළ පළමුවැන්නා බවට පත්වෙමින්.
  • හැවිරිදි මේ ක්‍රීඩකයා ඔහුගේ කළින් තිබූ දක්ෂතාව වන මීටර් 74.35 අභිබවා ගිය අතර ඔහු මේ විසිකිරීම පසුගිය වසරේ සිදු කළේ ද මේ ස්ථානයේදී ම වීම විශේෂත්වයක්.
  • එහිදී ඇලෙක්නා තමා විසින් කළින් පිහිටුවා තිබූ වාර්තාව මකා දැමුවේ ඔහුගේ ආරම්භක විසිකිරීමේදී ම මීටර් 74.89ක් සටහන් කරමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

නමුත් අමෙරිකාවේ පැවති තරගාවලියකදී කවපෙත්ත ඉතාම වේගයෙන් විසිවෙමින් බිහිවූ නව වාර්තා පිටුපස තිබුනේ ‘තහනම් දේශගුණය’ බව සමහර නිරීක්ෂකයන් චෝදනා කරනවා.

2024 පැරිස් ඔලිම්පික් රිදී පදක්කම්ලාභී ලිතුවේනියාවේ මීකොලෙස් ඇලෙක්නා (Mykolas Alekna) ඔහුගේම ලෝක වාර්තාව බිඳ දමමින් මීටර් 75.56ක් දුර කවපෙත්ත විසිකළේ මීටර් 75 පසුකළ පළමුවැන්නා බවට පත්වෙමින්. ඔහු මේ නව ලෝක වාර්තාව පිහිටුවූයේ අමෙරිකාවේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ රමෝනා පෙදෙසේ මිලිකන් පිටියේ (Millican Field, Ramona) පැවති ඔක්ලහෝමා ආරාධිත ලෝක විසිකිරීමේ තරගයේ (Oklahoma Throws Series World Invitational).

22 හැවිරිදි මේ ක්‍රීඩකයා ඔහුගේ කළින් තිබූ දක්ෂතාව වන මීටර් 74.35 අභිබවා ගිය අතර ඔහු මේ විසිකිරීම පසුගිය වසරේ සිදු කළේ ද මේ ස්ථානයේදී ම වීම විශේෂත්වයක්. එහිදී ඇලෙක්නා තමා විසින් කළින් පිහිටුවා තිබූ වාර්තාව මකා දැමුවේ ඔහුගේ ආරම්භක විසිකිරීමේදී ම මීටර් 74.89ක් සටහන් කරමින්.

ඔස්ට්‍රේලියාවේ මැතිව් ඩෙනී (Matthew Denny) ද මීටර් 74.78ක් දුර කවපෙත්ත විසි කරමින් පසුගිය වසරේ ඇලෙක්නාගේ වාර්තාව මකා දැමුවා. ප්‍රථම වතාවට එකම තරගාවලියකදී ක්‍රීඩකයන් පස් දෙනෙක් මීටර් 70 සීමාව පසු කළ අතර තවත් හත් දෙනෙක් මීටර් 69 සීමාව අභිබවා ගියා.

අමෙරිකානු කවපෙත්ත විසිකිරීමේ ක්‍රීඩිකා වාලරී ඔ්මන් (Valarie Allman) අමෙරිකානු කාන්තා වාර්තාව බිඳ දැමුවේ මීටර් 73.52ක් දුරට කවපෙත්ත විසි කරමින්. මෙය වසර 36ක් තුළ කාන්තාවක් විසින් කවපෙත්ත විසිකළ වැඩිම දුර ප්‍රමාණය වනවා.

කෙසේ වෙතත්, විවිධ ස්කැන්ඩිනේවියානු තරග විස්තර ප්‍රචාරකයන් හා පුහුණුකරුවන් කියා සිටියේ මේ අසාමාන්‍ය දක්ෂතාවන් ප්‍රදර්ශනය කිරීමට ක්‍රීඩකයන්ට හැකිවූයේ තරග පැවති ස්ථානයේ තිබෙන ඉංජිනේරු ශිල්පීය සැලැස්ම නිසා බව.  ක්‍රීඩාංගණය සකස් කර තිබෙන්නේ ඉහළ සුළං වේගයෙන් වාසියක් ලබා ගැනීමට ඉඩ සලසමින් බව ද ඔවුන් පැවසුවා.

පිටියේ පිහිටීමෙන් ඇතිව තිබෙන වායු ගෝලීය තත්ත්වයෙන් ක්‍රීඩකයන්ට ඉමහත් ත්‍යාගී බවක් ලැබී තිබීම ඉතාම පැහැදිලි වූයේ ඉතිහාසයේ හොඳම කවපෙත්ත විසිකිරීමේ දක්ෂතා තුනක් මෙහිදී වාර්තා වීම නිසා.

නොයෙක් ජවන ඉසව් හා තිරස් පැනීම් මෙන් නොව කවපෙත්ත විසිකිරීම ඉසව්වේ වාර්තා තහවුරු කිරීමේදී සුළඟේ ආධාරය බාධාවක් නොවන අතර මිලිකන් පිටියේ තිබෙන විසිකිරීමේ කව කිහිපයක් ස්ථානගත කර තිබෙන්නේ ක්‍රීඩකයන්ට සුළඟ හමන දිසාවෙන් වාසියක් ලබා ගැනීමට උපකාර වෙන අයුරින්.

cfhy56754

“නොකඩවා තදින් හුළං හමන රමෝනා හි මිලිකන් පිටියේ ඇලෙක්නා මීටර් 75.56ක් දුරට කවපෙත්ත විසි කරමින් එයාගේ ම ලෝක වාර්තාව බිඳ දමනවා. මම හිනාවෙන්න ඔ්නද එහෙම නැත්නම් අඬන්න ඔ්නද කියලා දන්නේ නැහැ” යනුවෙන් ස්වීඩන තරග විස්තර ප්‍රචාරක Mats Wennerholm කියා සිටියා.

“චණ්ඩ මාරුතයක වේගයෙන් හමන සුළඟෙන් එන්නත් කළ තරගාවලියක මෙය අසාධාරණ ක්‍රීඩාවක් බවට දැන් පත්වුනා. තහනම් ද්‍රව්‍ය ලැයිස්තුවට දේශගුණයත් (Weather doping) එකතු කළ යුතුයි” යනුවෙන් එම නිවේදකයා පැවසුවා.

මෙය වෙනස් ක්‍රීඩාවක් බව ස්වීඩනයේ ඔලිම්පික් හා ලෝක ශූර කවපෙත්ත විසිකිරීමේ ක්‍රීඩක Daniel Stahi ගේ පුහුණුකරු  Staffan Jonson ප්‍රකාශ කළා.

දැන් ක්‍රීඩා විශාරදයෙකු බවට පත්ව සිටින හිටපු නෝවේජියානු ඔලිම්පික් මීටර් 800 ශූර Vebjorn Rodal මෙසේ සඳහන් කළා: “මෙහෙ සුළඟ හමන්නේ උමතුවෙන් වගෙයි. බොහෝ දුරට කවපෙත්ත විසි කරන්න මේ පිටිය තෝරාගත් බවට කිසිම සැකයක් නැහැ.”

විවේචන මධ්‍යයේ වූව ද මේ තරගාවලියේ ප්‍රතිඵල තහවුරු කෙරෙනු ඇති බවත් සුළඟ ආධාර කොටගත් තවත් විසිකිරීම් බොහොමයක් බලාපොරොත්තු විය හැකි බවත් නෝවේජියානු මලල ක්‍රීඩා සම්මේලනයේ Thor Gjesdal පැවසුවා.

“දිවීමේ ඉසව්වල සිදුකරනවා වගේ මේ ඉසව්වේදීත් සුළඟේ වාසිය මැනීම බොහෝ අසීරුයි” ඔහු කීවා. “දැන් නීති වෙනස් කරන්න අමාරු වේවි.”

අවිශ්වාසය සහ හෙළා දැකීමෙන් පිරී තිබූ මේ තරගාවලිය සම්බන්ධයෙන් ලෝක මලල ක්‍රීඩා සම්මේලනය මෙතෙක් කිසිම ප්‍රකාශයක් සිදුකර නැහැ.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තහනම් ශරීර උත්තේජනයට පසුව දැන් තහනම් දේශගුණ උත්තේජනයක් ඇවිත් | The Leader