The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

සරාගී පාපන්දු ක්‍රීඩීකාව මෙහෙයවූ ජයග්‍රහණයේ ලස්සන රංගනය

T

The Leader Desk

April 24, 2025 • 10:12 AM

සරාගී පාපන්දු ක්‍රීඩීකාව මෙහෙයවූ ජයග්‍රහණයේ ලස්සන රංගනය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇය විසින් පාපන්දු ලෝලීන් ආකර්ෂණය කරගත් අලුත්ම වීඩියෝව වන්නේ යූවෙන්චස් ක්‍රීඩිකාවන් Serie A ශූරතාව දිනා ගැනීමෙන් පසුව ඇගේ මූලිකත්වයෙන් උත්සවාකාරයෙන් පැවති නැටුම.
  • ඔවුන් මෙවර කිරුළ දිනා ගත්තේ ඒ.සී.මිලාන් (AC Milan) කණ්ඩායම ගෝල් 2-0කින් පරාජය කරමින්.
  • Vittorio Pozzo Lamarmora ක්‍රීඩාංගණයේදී තරගයේ අවසන් නළාහඬ නිකුත් වනවාත් සමග යූවෙන්චස් සංචිතය හරහා ප්‍රීති ඝෝෂාව පැතිර ගියා.
  • (සටහන | වර්නන් ගුණසේකර) ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී gunasekera33@gmail.com.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඇය විසින් පාපන්දු ලෝලීන් ආකර්ෂණය කරගත් අලුත්ම වීඩියෝව වන්නේ යූවෙන්චස් ක්‍රීඩිකාවන් Serie A ශූරතාව දිනා ගැනීමෙන් පසුව ඇගේ මූලිකත්වයෙන් උත්සවාකාරයෙන් පැවති නැටුම. ඔවුන් මෙවර කිරුළ දිනා ගත්තේ ඒ.සී.මිලාන් (AC Milan) කණ්ඩායම ගෝල් 2-0කින් පරාජය කරමින්.

alisha l1

 

ඉතාලියේ බීහෙලා නුවර පසුගිය සිකුරාදා සන්ධ්‍යාවේ ලැබූ ජයග්‍රහණයත් සමග යූවෙන්චස් කණ්ඩායම ලකුණු තුනක් සුරක්ෂිත කර ගත්තා පමණක් නොව ගණිතමය වශයෙන් වෙනත් කණ්ඩායමකට තමන් වෙත ළංවිය නොහැකි තත්ත්වයට පිවිසියේ තවත් තරග දෙකක් ක්‍රීඩා කිරීමට ඉතිරිව තිබියදීත් ශූරතාව හිමිකර ගනිමින්.

මෙය යූවෙන්චස් කණ්ඩායම පසුගිය වසර අට තුළ දිනාගත් ඔවුන්ගේ හය වැනි ලීග් කිරුළ සංකේතවත් කරන අතර ඉතාලි කාන්තා පාපන්දුවේ ඔවුන්ගේ ආධිපත්‍යය ද මේ ජයග්‍රහණයෙන් තව තවත් ශක්තිමත් වී තිබෙනවා.

 

The18 Photo Alisha Lehmann Juventus video Getty 2210901405
ඒ සැඳෑවේ වීරවරිය වූයේ තරගයේ පළමු භාගයේ මෙන්ම දෙවැනි භාගයේ ද ගෝලයක් බැගින් ලබා ගෙන යූවෙන්චස් ජයග්‍රහණය තහවුරු කළ පළපුරුදු ඉදිරිපෙල ක්‍රීඩිකා ක්‍රිස්ටිආනා ජිරෙල්ලි (Cristiana Girelli).

Vittorio Pozzo Lamarmora ක්‍රීඩාංගණයේදී තරගයේ අවසන් නළාහඬ නිකුත් වනවාත් සමග යූවෙන්චස් සංචිතය හරහා ප්‍රීති ඝෝෂාව පැතිර ගියා. තරගයෙන් පසුව පැවති ජය සැමරීමේදී පෙරමුණ ගත් ක්‍රීඩිකාවන් අතර සුරූපී එලීෂ ලේමන් ද සිටි අතර මේ ස්විට්සලන්ත ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩිකාව ඇගේ කණ්ඩායම් සගයින් සම්බන්ධ කරගත් නැටුමකට මූලිකත්වය දෙමින් කාගේත් අවධානය තමන් වෙත යොමුකර ගැනීමට සමත් වුණා. එම වීඩියෝව අන්තර්ජාලය හරහා වේගයෙන් ව්‍යාප්ත වුණා.

alisha l 2

 

Serie A ශූරතාවෙන් නියෝජනය වන්නේ ලේමන්ගේ වෘත්තීය පාපන්දු ක්‍රීඩා දිවියේ පළමු ඉහළම මට්ටමේ කුසලානය. ඇය මේ වැදගත් කිරුළ හඹා යමින් සිටියේ ඇයගේ එංගලන්ත පාපන්දු ක්‍රීඩාවේ මුල් දවස්වල සිට.

(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...