මෙය අවමානයක් බව පවසමින් බලධාරීන්ව තදින් විවේචනය කරන අසරුදීන් වහාම මීට මැදිහත් වන ලෙසට ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් (BCCI) ඉල්ලා තිබෙනවා.
උතුරු ක්‍රීඩා මණ්ඩපයේ තිබෙන අසරුදීන්ගේ නම මකා දමන ලෙසට හයිද්‍රාබාද් ක්‍රිකට් සංගමය (HCA) ට විධිමත් නියෝගයක් ලැබී තිබෙන්නේ අයථා පක්ෂපාතකමේ චෝදනා හිටපු ඉන්දියා ක්‍රිකට් නායකයාට එල්ල වීමෙන් පසුව. මේ කාරණය සඳහන් පෙත්සමකට ප්‍රතිචාර වශයෙන් මේ නියෝගය නිකුත් කර තිබෙන්නේ HCA වෙනුවෙන් ආචාර ධර්ම හා රාජ්‍ය විමර්ශන නිලධාරියා ලෙස කටයුතු කරන V. Eswaraiah විනිසුරුවරයා.
මොහමඩ් අසරුදීන්අසරුදීන් HCA හි සභාපති ලෙස කටයුතු කළ කාලයේදී ඔහු තමාගේ කැමැත්තට අනුව තීරණ ගනිමින් පක්ෂපාතකම් දැක්වූ බවට සඳහන් කරමින් ලෝඩ්ස් ක්‍රිකට් සමාජය නමැති දේශීය ක්‍රීඩා සමාජයක් විසින් ගොනුකර ඇති චෝදනාවෙන් පසුව මේ ක්‍රියාමාර්ගය ගෙන තිබෙනවා. තමාට වාසියක් වන පරිදි ක්‍රියා කරමින්, පාලනයේ සිටින ඔහුගේ තත්ත්වයේ කෙනෙකුගෙන් බලාපොරොත්තු වන සාධාරණත්වය හා අපක්ෂපාතිත්වයේ ප්‍රතිපත්තිවලට හානිකර අයුරින් අසරුදීන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳව පෙත්සමෙන් විශේෂයෙන් පෙන්වා දී තිබෙනවා.
“මට මේක කියන්න සිදුවීම ගැන දැනෙන්නේ ලොකු වේදනාවක්. නමුත් ක්‍රිකට් ක්‍රීඩා කිරීම ගැන මම සමහර අවස්ථාවල කනගාටු වෙනවා. ක්‍රීඩාව ගැන පොඩි දැනුමක් හෝ දැනුමක් ඇත්තේම නැති පුද්ගලයන් දැන් එය ඉගැන්වීමේ හා මූලිකත්වය දීමේ තනතුරුවල සිටීම දකින විට හදවත කඩා වැටෙනවා. එය ක්‍රීඩාවට කරන මහත් නින්දාවක්” අසරුදීන් පවසා තිබෙනවා.
“මේ අසාධාරණයට විරුද්ධව නඩු මගට බැසීමට අදිටන් කරගෙන සිටින මම, මීට මැදිහත් වෙමින් අවශ්‍ය පියවර ගන්නා ලෙසට ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා. මෙය හුදෙකලා කාරණයක් නෙවෙයි. විරෝධයක් හා දුර්වල පාලනයක් ඉස්මතු කරණ තරග ප්‍රවේශ පත් සම්බන්ධයෙන් ආරවුලක් මේ සංගමය සමග සන්රයිසර්ස් හයිද්‍රබාද් කණ්ඩායමටත් තිබුණා.”
“මේ අසාධාරණයට විරුද්ධව නඩු මගට බැසීමට අදිටන් කරගෙන සිටින මම, මීට මැදිහත් වෙමින් අවශ්‍ය පියවර ගන්නා ලෙසට ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා. මෙය හුදෙකලා කාරණයක් නෙවෙයි. විරෝධයක් හා දුර්වල පාලනයක් ඉස්මතු කරණ තරග ප්‍රවේශ පත් සම්බන්ධයෙන් ආරවුලක් මේ සංගමය සමග සන්රයිසර්ස් හයිද්‍රබාද් කණ්ඩායමටත් තිබුණා.”

ක්‍රීඩා මණ්ඩපය නැවත නම් කිරීමේ නියෝගයට අමතරව, දැන් ක්‍රියාත්මකව තිබෙන ඉන්දියා ප්‍රිමිය ලීගයේ (IPL) 2025 තරග වාරය තුළ පැවැත්වෙන තරග වෙනුවෙන් නිකුත් කරන කිසිම ප්‍රවේශ පත්‍රයක අසරුදීන්ගේ නම ඇතුළත් කිරීම නතර කරණ ලෙස ට ද HCA ට පැහැදිලිව උපදෙස් දී තිබෙනවා. මෙය විශේෂයෙන් වැදගත් වන්නේ මේ තරගාවලියේ තවත් තරග පහක් රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබෙන නිසා. සන්රයිසර්ස් හයිද්‍රබාද් කණ්ඩායමේ සත්කාරක තරග තුනක් මීට ඇතුළත්ව තිබෙන අතර අවසන් වටයට සුදුසුකම් ලැබීමේ පළමු තරගය හා තරගාවලියෙන් ඉවත් කිරීමේ තරග ද පැවැත්වීමට නියමිතව තිබෙන්නේ මේ ක්‍රීඩාංගණයේ.
“දිග ඇරෙමින් තිබෙන්නේ අවබෝධයෙන් එහා ගිය දෙයක්. එය පෞද්ගලික මට්ටමෙන් මට වේදනාවක් ගෙන දෙනවා. මට HCA නිලවරණයේ තරග කිරීමට අවස්ථාව නොදුන්නේ මේ සිස්ටම් එක ඇතුළේ තිබෙන දූෂණය හෙළිදරව් කළ නිසායි. සත්‍යය මාව ඉලක්කයක් බවට පත්කළා” යනුවෙන් අසරුදීන් වැඩිදුරටත් පවසා තිබෙනවා.
මීට අමතරව, අසරුදීන්ගේ නම ඉවත් කරන ලෙසට ඉල්ලා සිටීමෙන් පමණක් පෙත්සම්කරු වන ලෝඩ්ස් ක්‍රිකට් සමාජය නතර වී නැහැ. ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදර්ශවත් දායකත්වයක් ලබා දුන් බවට ප්‍රසිද්ධ හයිද්‍රාබාද් හි කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩක වී.වී.එස්. ලක්ස්මන් ට ගෞරව පිණිස උතුරු ක්‍රීඩා මණ්ඩපය නැවත නම් කිරීමට ඉඩ දෙන ලෙසට ද ඔවුන් ඉල්ලා තිබෙනවා. සියලු ප්‍රායෝගික හා කාර්යාලයීය අරමුණුවලදී එම ක්‍රීඩා මණ්ඩපය ‘වී.වී.එස්. ලක්ස්මන් මණ්ඩපය’ ලෙසින් සඳහන් කිරීමට අවසර ලබා දෙන ලෙසට ද එම පෙත්සම මගින් විශේෂයෙන් ඉල්ලා තිබෙනවා.

හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් නායක හැන්සි ක්‍රොන්යේ, තමාව බුකීකරුවන්ට හඳුන්වා දුන්නේ අසරුදීන් බවට 2000 වසරේදී කියා සිටියා. ඒ පිළිබඳව සිදුකළ පරීක්ෂණයකින් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සහ ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය අසරුදීන් ට ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනමක් පැනවූවා.
2003 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණයක් විසින් අසරුදීන්ගේ ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනම අනුමත කළ ද පසුව අන්ද්‍රා ප්‍රදේශයේ උසාවියක් 2012 නොවැම්බර් 8 වැනිදා එම තීන්දුව අවලංගු කළා. 2019 වසරේදී මොහමඩ් අසරුදීන් හයිද්‍රබාද් ක්‍රිකට් සංගමයේ සභාපති ලෙස තෝරා ගැණුනා.

(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



