The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පුතුගේ පාසල් ක්‍රීඩා දිනයේ ජැමෙයිකානු වේග රැජින දෙමාපියන් අසරණ කරයි

T

The Leader Desk

April 25, 2025 • 10:08 AM

පුතුගේ පාසල් ක්‍රීඩා දිනයේ ජැමෙයිකානු වේග රැජින දෙමාපියන් අසරණ කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහිදී දෙමාපියන්ගේ දිවීමේ තරගයට සහභාගි වෙමින් ඇය නිරායාසයෙන් තරගය ජය ගත්තේ අනෙක් මව්පියන්ට මහත් අසාධාරණයක් වෙමින්.
  • හැවිරිදි වියේ පසුවන මේ ජැමෙයිකානු වේග රැජින ඇගේ හත් හැවිරිදි පුත් සයොන් (Zyon)ගේ පාසලේ ක්‍රීඩා දිනයට සහභාගි වෙමින් එහිදී පැවති මීටර් 100 තරගයේ ධාවනයේ යෙදී සිටියදී අනෙක් මව්පියන් ඇයගේ සෙවණැල්ල හඹා යමින් සිටීම අරුමයක් නෙවෙයි.
  • සියලු පදක්කම්වල මව වන ඔලිම්පික් කාන්තා මීටර් 100 රන් පදක්කම දෙවතාවක් දිනා ගැනීමට සමත් වූ ‌ෆේස-ප්‍රයිස් මෙතෙක් බිහිවූ ලොව තෙවැනියට වේගවත්ම කාන්තාව බවට පත්ව සිටින්නේ 2021 වසරේදී මීටර් 100 ඉසව්වේ තත්පර 10.6ක් සටහන් කරමින්.
  • ඇය ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය වූයේ 2008 බෙයිජිං සහ 2012 ලන්ඩන් හි දී.
අකුරු ප්‍රමාණය (Font Size):


එහිදී දෙමාපියන්ගේ දිවීමේ තරගයට සහභාගි වෙමින් ඇය නිරායාසයෙන් තරගය ජය ගත්තේ අනෙක් මව්පියන්ට මහත් අසාධාරණයක් වෙමින්.

අට වතාවක් ඔලිම්පික් පදක්කම් හිමිකර ගත් ඇය බදාදා සෙසු තරගකරුවන්ගෙන් මිදී ඉදිරියට ඇදෙන අයුරු වීඩියෝවක දැක්වෙනවා.

 

38 හැවිරිදි වියේ පසුවන මේ ජැමෙයිකානු වේග රැජින ඇගේ හත් හැවිරිදි පුත් සයොන් (Zyon)ගේ පාසලේ ක්‍රීඩා දිනයට සහභාගි වෙමින් එහිදී පැවති මීටර් 100 තරගයේ ධාවනයේ යෙදී සිටියදී අනෙක් මව්පියන් ඇයගේ සෙවණැල්ල හඹා යමින් සිටීම අරුමයක් නෙවෙයි.

ෆ්‍රේස-ප්‍රයිස් සිය පුතාගේ ක්‍රීඩා දිනයේදී පිට්ටනිය සුනුවිසුණු කළ පළමු අවස්ථාව මෙය නෙවෙයි. මීට දෙවසරකට පෙර ද ඇය මේ තරගයට ඉදිරිපත්ව ජයග්‍රහණය කළ අයුරු දිස්වන වීඩියෝවක් ද මේ සමග මතුව තිබෙනවා.

 

shelly ann1


ඇය මේ වීඩියෝ සහ සයොන් පුතු තරග කරන වීඩියෝව ද ‘ඉන්ස්ටග්‍රෑම්’ හි පෝස්ට් කරමින්, “ඔවුන් තවමත් මාව තහනම් කර නැහැ. ඒ නිසා මම තරග ආරම්භක රේඛාවේ ඉන්නවා” යනුවෙන් විහිළු කළා.

සියලු පදක්කම්වල මව වන ඔලිම්පික් කාන්තා මීටර් 100 රන් පදක්කම දෙවතාවක් දිනා ගැනීමට සමත් වූ ‌ෆේස-ප්‍රයිස් මෙතෙක් බිහිවූ ලොව තෙවැනියට වේගවත්ම කාන්තාව බවට පත්ව සිටින්නේ 2021 වසරේදී මීටර් 100 ඉසව්වේ තත්පර 10.6ක් සටහන් කරමින්.

 

ඇය ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය වූයේ 2008 බෙයිජිං සහ 2012 ලන්ඩන් හි දී.

shelly ann fraser pryce 2 1 2000 f6045588035746799d78709e04a5b1a5

 

පුතුගේ පාසල් ක්‍රීඩා දිනයේ කළ ධාවනය ඇයට එක්තරා අන්දමක පෙරහුරුවක් වූයේ ලෝක ජවන ක්‍රීඩාවේ අවසන් නොකළ කාර්යභාරයක් තමාට ඉතිරිව තිබෙන බව ඇය පසුගිය සතියේ ප්‍රකාශ කළ බැවින්.

එයින් ඇය අදහස් කළේ විශ්‍රාම ගත් තමා නැවත තරග බිමට පිවිසෙන බව.

එළඹෙන සැප්තැම්බරයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත 2025 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය තමාගේ අවසාන තරගය බවට පත්කර ගැනීමට ෆ්‍රේස-ප්‍රයිස් මාන බලමින් සිටිනවා.

 

Shelly Ann Fraser Pryce Oregon 2022 e1744946732116 1280x720

මීටර් 100, මීටර් 200 හා මීටර් 4x100 ඉසව් හරහා ඔලිම්පික් පදක්කම් අටක් දිනා ගෙන සිටින ඇය දහ වතාවක් ලෝක ශූරිය බවට ද පත්ව තිබෙනවා. ඇගේ ආසන්නතම රන් පදක්කම වාර්තා වූයේ අමෙරිකාවේ යූජීන් නුවර පැවති 2022 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ. ෆ්‍රේස-ප්‍රයිස් 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ජැමෙයිකාව වෙනුවෙන් තරග කළේ එය ඇයගේ අවසාන ඔලිම්පික් උළෙල බව ප්‍රකාශ කරමින්. මූලික වට තරගයේ දෙවැනි ස්ථානයට පත්වූ ඇයට ආබාධයක් හේතුවෙන් අවසන් පූර්ව තරගයෙන් ඉවත් වීමට සිදුවුනා.

පසුගිය සතියේදී ඇය මිනිත්තුවක් දිග ‘ඉන්ස්ටග්‍රෑම්’ වීඩියෝවක් පෝස්ට් කළේ ඇයගේ සමහර ජයග්‍රහණ ද ඇතුළත් කරමින්.

“කාලය ඔබේ ශ්‍රේෂ්ඨත්වයට ගරු කරාවි - 2025” යන කැප්ෂනයකින් යුත් එම වීඩියෝව අවසන්ව තිබුනේ “අවසන් නොකළ කාර්යය” යන වාක්‍යයෙන්.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පුතුගේ පාසල් ක්‍රීඩා දිනයේ ජැමෙයිකානු වේග රැජින දෙමාපියන් අසරණ කරයි | The Leader