The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ප්‍රතිවාදී ක්‍රීඩිකාව ළඟ ගඳයි කීම ගැන එංගලන්ත ටෙනිස් ක්‍රීඩිකාව සමාව ඉල්ලයි

T

The Leader Desk

April 25, 2025 • 3:40 PM

ප්‍රතිවාදී ක්‍රීඩිකාව ළඟ ගඳයි කීම ගැන එංගලන්ත ටෙනිස් ක්‍රීඩිකාව සමාව ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තරග විනිසුරු ට කියා සිටි බ්‍රිතාන්‍ය ටෙනිස් ක්‍රීඩිකා හැරිඅට් ඩාට් (Harriet Dart) ඒ පිළිබඳව සමාව ඉල්ලා තිබෙනවා.
  • Rouen විවෘත තරගාවලියේ අඟහරුවාදා පැවති පළමු වටයේදී ඩාට් ලකුණු 6-0, 6-3කින් ප්‍රංශයේ ලොවෙස් බොයිසන් (Lois Boisson) ට පරාජය වුනා.
  • “ලොවෙස් ගැනත් ඇය අද තරග කළ ආකාරය ගැනත් මගේ ලොකු ගෞරවයක් තියෙනවා.
  • මම මෙයින් ඉගෙන ගෙන ඉදිරියට යන්නම්.” ආබාධයන්ට ලක්වීමෙන් පසුව ශ්‍රේණිගත කිරීම්වල 303 ස්ථානයේ සිට නැවත ඉහළ නැගීමට උත්සාහ කරමින් සිටින බොයිසන් මෙසේ පෙනී සිටියේ ලෝක කාන්තා සංගමයේ (WTA) මෙවර තරග වාරයේ ඇගේ පළමු තරගයට.
අකුරු ප්‍රමාණය (Font Size):

තරග විනිසුරු ට කියා සිටි බ්‍රිතාන්‍ය ටෙනිස් ක්‍රීඩිකා හැරිඅට් ඩාට් (Harriet Dart) ඒ පිළිබඳව සමාව ඉල්ලා තිබෙනවා.

Rouen විවෘත තරගාවලියේ අඟහරුවාදා පැවති පළමු වටයේදී ඩාට් ලකුණු 6-0, 6-3කින් ප්‍රංශයේ ලොවෙස් බොයිසන් (Lois Boisson) ට පරාජය වුනා.

තරගය අතරතුර ඇය තරග විනිසුරුට මෙසේ කියනු මයික්රොෆෝනයක් හසුකර ගෙන තිබෙනවා:

sert45444
“ඇයට (බොයිසන්) දුර්ගන්ධ නාශකයක් පාවිච්චි කරන්න කියලා ඔබට කියන්න පුළුවන්ද?...මොකද, එයා ළඟ හරි ගඳයි.”

‌එම වීඩියෝ පටය සමාජ මාධ්‍යයේ පැතිර යාමෙන් පසුව, ඩාට් සමාව ඉල්ලා ‘ඉන්ස්ටග්‍රෑම්’ හි පෝස්ටුවක් තබමින්, “තරගයේ උණුසුම් අවස්ථාවක මම කියපු ඒ දෙය ගැන මම ඇත්තටම කනගාටු වෙනවා” යැයි කියා සිටියා.

“මට ක්‍රීඩා කරන්න ඕන ඒ අන්දමට නෙවෙයි. මම ඒ ගැන සම්පූර්ණ වගකීම බාරගන්නවා” යනුවෙන් ඇය සටහන් කළා.

“ලොවෙස් ගැනත් ඇය අද තරග කළ ආකාරය ගැනත් මගේ ලොකු ගෞරවයක් තියෙනවා. මම මෙයින් ඉගෙන ගෙන ඉදිරියට යන්නම්.”

ආබාධයන්ට ලක්වීමෙන් පසුව ශ්‍රේණිගත කිරීම්වල 303 ස්ථානයේ සිට නැවත ඉහළ නැගීමට උත්සාහ කරමින් සිටින බොයිසන් මෙසේ පෙනී සිටියේ ලෝක කාන්තා සංගමයේ (WTA) මෙවර තරග වාරයේ ඇගේ පළමු තරගයට.

සිද්ධිය සම්බන්ධයෙන් ඇය ප්‍රතිචාර දැක්වූයේ සන්සුන් ලීලාවෙන්.

Dove ලාංජනයේ දුර්ගන්ධ නාශකයක් (deodorant) ටෙනිස් පිටියේ සිටින ඇගේ අතට උඩින් දිස්වන ලෙස සංස්කරණය කරන ලද ඡායාරූපයක් ‘ඉන්ස්ටග්‍රෑම්’ හි පෝස්ට් කළ ලොවෙස් බොයිසන්, එම දුර්ගන්ධ නාශක නිපදවන ආයතනය ‘ටැග්’ කරමින් ඔවුන්ට සහයෝගීත්වයක් අවශ්‍යව තිබෙන බව පැහැදිලි යැයි සටහන් කළා.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ප්‍රතිවාදී ක්‍රීඩිකාව ළඟ ගඳයි කීම ගැන එංගලන්ත ටෙනිස් ක්‍රීඩිකාව සමාව ඉල්ලයි | The Leader