The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලන්ඩන් මැරතන්: තරගය අවසන් කළ සංඛ්‍යාවේ නව ලෝක වාර්තාවක්

T

The Leader Desk

April 28, 2025 • 10:36 AM

ලන්ඩන් මැරතන්: තරගය අවසන් කළ සංඛ්‍යාවේ නව ලෝක වාර්තාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වැනි වරටත් ඊයේ පැවති ලන්ඩන් මැරතන් තරගය පස්වරු 6.30 වන විට නවසිලන්ත මැරතන් තරගයේ පිහිටුවා තිබූ 55,646ක වාර්තාව අභිබවා ගොස් තිබුණා.
  • පුද්ගලයන් 800,000ක් පමණ පිරිසක් තරගකරුවන්ට චියර් කළ අතර මෙය සාමාන්‍යයෙන් මේ තරගය නරඹන සංඛ්‍යාවට වඩා 60,000ක පමණ වැඩිවීමක්.
  • සැතපුම් 26.2ක් දුර දිවීම මතුපිටින් පෙනෙන ඉලක්කය වී තිබුණ ද ඇත්තෙන්ම එය මනුෂ්‍ය දයාව සැමරීමේ අවස්ථාවක් වී තිබුණා.
  • නමුත් 60,000ක් පමණ වැඩිපුර ජනතාවක් තරගය නැරඹූ බවට අපි විශ්වාස කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


45 වැනි වරටත් ඊයේ පැවති ලන්ඩන් මැරතන් තරගය පස්වරු 6.30 වන විට නවසිලන්ත මැරතන් තරගයේ පිහිටුවා තිබූ 55,646ක වාර්තාව අභිබවා ගොස් තිබුණා.

‌මීට අමතරව, මැරතන් තරගයක් නැරඹූ වැඩිම පුද්ගල සංඛ්‍යාවේ ලෝක වාර්තාව ද ඉරිදා පැවති ලන්ඩන් මැරතන් තරගයේදී බිඳ වැටුනා. පුද්ගලයන් 800,000ක් පමණ පිරිසක් තරගකරුවන්ට චියර් කළ අතර මෙය සාමාන්‍යයෙන් මේ තරගය නරඹන සංඛ්‍යාවට වඩා 60,000ක පමණ වැඩිවීමක්. උණුසුම් දේශගුණය හා තරගකරුවන් සංඛ්‍යාවේ වැඩිවීම මීට හේතු වී තිබුණා.

මේ ඉරිදාව නව වාර්තා බිහිවීමේ අපූර්ව දිනයක් වුණා. නමුත් ඊට වඩා වැදගත් කරුණ වූයේ මෙය විශාල ජනතාවක් එකට එක්ව එකිනෙකාට සහයෝගය දුන් අසාමාන්‍ය දවසක් වීම. සැතපුම් 26.2ක් දුර දිවීම මතුපිටින් පෙනෙන ඉලක්කය වී තිබුණ ද ඇත්තෙන්ම එය මනුෂ්‍ය දයාව සැමරීමේ අවස්ථාවක් වී තිබුණා.

“නරඹන්නන්ගේ දත්ත නිවැරදිව දැන ගැනීමට වෙලාවක් ගතවෙනවා. නමුත් 60,000ක් පමණ වැඩිපුර ජනතාවක් තරගය නැරඹූ බවට අපි විශ්වාස කරනවා. එය පාපන්දු තරගයක් නරඹන අති විශාල සෙනඟ ප්‍රමාණයක්. එය වාර්තාගත සෙනඟක් නොවන්නේ නම් මම පුදුම වෙනවා” යනුවෙන් ලන්ඩන් මැරතන් තරග අධ්‍යක්ෂ හියූ බ්‍රෙෂ (Hugh Brasher) ප්‍රකාශ කළා.

 

7209 David Stancombe

පසුගිය වසරේ ජූලි මස 29 වැනි දින එංගලන්තයේ සවුත්පෝට් නගරයේ නර්තන ශාලාවක තරුණ බාලිකාවන් ඉලක්ක කරගෙන සිදුවූ  පිහි ඇනුම් ප්‍රහාරයෙන් මිය ගිය තම දියණියන් සිහිවීම පිණිස ධාවනයේ යෙදී සිටි Sergio Aguiar සහ David Stancombe ද ලන්ඩන් මැරතන් තරගකරුවන් අතර සිටියා. තමන් ධාවනයේ යෙදෙමින් සිටින විට හත් හැවිරිදි Elsie Dot Stancombe සහ නව හැවිරිදි Alice Aguiar ගේ ආත්මයන් තමන් සමග සිටි බව මේ පියවරුන් පවසා තිබුණා.

තරගයට පෙර මේ පවුල්වලට ලබා දුන් වීඩියෝ පණිවුඩයක් මගින් එංගලන්ත අගමැති Keir Starmer දූවරුන් අහිමි වූ මේ පියවරුන් දෙදෙනාට උපහාරය පුද කළා.

“මෙය ඔබේ වටිනා දූවරුන්ගේ මතකයන්ට ගෞරව කිරීමේ විස්මය ජනක ක්‍රමයක්. මුළු රට ම ඔබේ ධෛර්යයට හා ඔබ නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වීම ගැන ඔබට ගරු කරනවා” යනුවෙන් අගමැතිවරයා පැවසුවා.

තරගය අවසන් කළ අය අතර 2024 ජූනි මාසයේදී ස්නායු ආබාධයකින් මිය ගිය ශ්‍රේෂ්ඨ රග්බි ලීග් ක්‍රීඩක රොබ් බරෝ (Rob Burrow) ගේ බිරිඳ වන ලින්ඩ්සේ බරෝ (Lindsay Burrow) ද සිටියා. දිවීම මගින් තමාට සිත එක්තැන් කිරීමක් හා අරමුණක් ලබා දුන් බව කී ලින්ඩ්සේ පැය පහකට මඳක් අඩු කාලයකින් තරගය නිම කළා.

raino

ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් පිහිටුවූ වාර්තාවන්ට අමතරව 3D ඇඳුමකින් සැරසී වැඩිම මැරතන් තරග ප්‍රමාණයක් ධාවනය කිරීමේ වාර්තාව බිඳ දැමූ ක්‍රිස් ‘රයිනෝ බෝයි’ ග්‍රීන් (Chris ‘Rhino Boy’ Green) ඇතුළුව අසාමාන්‍ය වාර්තා 42ක් බිහිවෙමින් තිබීම නිසා ගිනස් ලෝක වාර්තා කණ්ඩායමට මෙය කාර්යබහුල දිනයක් වී තිබුණා.

“මීට වඩා සතුටින් සිටින රයිනෝසිරසෙක් මේ මොහොතේ ඔබට හොයා ගන්න බැහැ” යනුවෙන් රයිනෝ කෙනෙක් ලෙස සිය 113 වැනි මැරතන් තරගය සම්පූර්ණ කිරීමෙන් හා රයිනෝසිරස් සතුන් බේරා ගැනීමේ පුණ්‍යායතනයට මුදල් රැස් කිරීමෙන් පසුව ග්‍රීන් කියා සිටියා.

දිනය නිමා වෙමින් තිබියදී නැවත වතාවක් ලන්ඩනය සතුට හා උත්සවශ්‍රීයෙන් සිතුවම් වී තිබුණා.

“මැරතන් දුවන අයගෙන් හතරෙන් තුනක් ම එසේ කරන්නේ පරිත්‍යාගශීලී කටයුතු වෙනුවෙන්. සියලු දෙනාටම දුවන්න හේතුවක් තියෙනවා” යනුවෙන් බ්‍රෙෂ කියනවා.

“තරගය අවසන් කරන්නන්ගේ ලෝක වාර්තාව බිඳින්න උත්සාහ කරන්නේ ඇයි කියලා මිනිස්සු මගෙන් අහනවා. නමුත් මෙය ඒ වෙනුවෙන් සිදුවන දෙයක් නෙවෙයි.”

5230

“අපි උත්සාහ කරන්නේ ජීවිතය තහවුරු කරන, ප්‍රජාව ගොඩනගන සහ ශාරීරික හා මානසික සෞඛ්‍යයට හොඳ දෙයක්  අත්විඳීමේ අවස්ථාවක් අපට පුළුවන් තරමින් බොහෝ දෙනෙකුට ලබා දෙන්නයි.”

ඒ අනුව ලන්ඩන් මැරතන් තරගය තවත් එක් වතාවකට ඔවුන්ගේ යුතුකම ඉෂ්ට කර තිබුණා.

warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...