හෝමෝන කවන ලද සත්වයන්ගේ මස ආහාරයට ගැනීමෙන් තහනම් ශරීර උත්තේජන පරීක්ෂණවලින් අසමත් වීමට ඉඩ තිබෙන බවට එම ආයතනය ඔවුන්ගේ රටේ ක්‍රීඩකයන්ට අනතුරු අඟවා තිබෙනවා.
“සත්වයන්ගේ වැඩීම වර්ධනය කිරීම පිණිස චීනයේ සමහර සත්වයන්ට හෝමෝන කවන බැවින් ඒවා ආහාරයට ගැනීමේදී ක්‍රීඩකයන් ඉබේටම Clenbuterol උකහා ගෙන තිබෙන බව අධ්‍යයනවලින් පෙනී ගොස් තිබෙනවා. තහනම් ශරීර උත්තේජන පරීක්ෂණයකට පෙර මස් සහිත ආහාරයක් අනුභව කළොත් එම ක්‍රීඩකයා තහනම් මත්ද්‍රව්‍ය භාවිතා කළ බවට ඔප්පූ වීමට ඉඩ තිබෙනවා” යනුවෙන් Olympiatoppen ඔවුන්ගේ නිර්දේශවලින් කියා තිබෙනවා.

“ඒ නිසා චීනයේ සිටින විට සියලුම වර්ගයේ මස් ආහාරයට ගැනීමෙන් වළකින ලෙසට අපි මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපදෙස් දෙනවා.”
මලල ක්‍රීඩා තරගාවලියන් දෙකක් මැයි මාසයේ චීනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. 2025 ලෝක මලල ක්‍රීඩා සහාය දිවීම Guangzhou නගරයේ Guangdong ඔලිම්පික් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර ඩයමන්ඩ් ලීග් තරගාවලිය පැවැත්වෙන්නේ Shanghai ක්‍රීඩාංගණයේ. මේ තරගාවලියන්ට නෝවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් සහභාගි වීමට නියමිතයි.

තමා මේ නිර්දේශ අනුගමනය කරන බව මේ වසරේ චීනයේ පැවැත්වෙන තරගාවලියන් කිහිපයකම තරග වැදීමට නියමිතව සිටින නෝවේජියානු මලල ක්‍රීඩිකා Henriette Jaeger ස්ථිර වශයෙන් කියනවා. මීටර් 400 ඉසව්වේ සුපිරි ක්‍රීඩිකාවක වන ඇය මෑතකදී Nanjing නුවර පැවති ලෝක ගෘහස්ත ශූරතාවලියේ ලෝකඩ පදක්කම හා නෙදර්ලන්තයේ Apeldoorn නගරයේ පැවති යුරෝපීය ගෘහස්ත ශූරතාවලියේ රිදී පදක්කමක් හිමිකර ගත්තා.
Josefine Tomine Eriksen නෝවේජියානු ක්‍රීඩිකාව ද චීනයේ පැවැත්වෙන තරග සඳහා ඇයගේ ම ප්‍රෝටීන් ආහාර රැගෙන එන බව පවසනවා.
“මම ඇත්තටම මස් කෑමෙන් සතුටක් ලබනවා. ඊටත් එය තරග කරන්න යන විටදී ශරීරයට ඉතා හොඳ දෙයක්. නමුත් වෘත්තීමය අත්දැකීම් තියෙන අයට ඇහුම්කන් දෙමින් ඔවුන්ව විශ්වාස කළ යුතු වනවා” යනුවෙන් Jaeger සඳහන් කරනවා.
“මම ඇත්තටම මස් කෑමෙන් සතුටක් ලබනවා. ඊටත් එය තරග කරන්න යන විටදී ශරීරයට ඉතා හොඳ දෙයක්. නමුත් වෘත්තීමය අත්දැකීම් තියෙන අයට ඇහුම්කන් දෙමින් ඔවුන්ව විශ්වාස කළ යුතු වනවා” යනුවෙන් Jaeger සඳහන් කරනවා.
මේ ගැටළුව චීනයෙන් එහා රටවල් ගණනාවක ද පවතින බව මලල ක්‍රීඩාවේ පාලකයන් වන ලෝක මලල ක්‍රීඩා ආයතනය ප්‍රකාශ කරනවා.
“ලෝකයේ සමහර ප්‍රදේශවල තිබෙන මස් වර්ගවල Clenbuterol අඩංගුව තිබෙන බව ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා කණ්ඩායම් දැනටමත් දන්නවා. මෙය චීනයට පමණක් විශේෂ වූ දෙයක් නෙවෙයි” ලෝක මලල ක්‍රීඩා ආයතනය කියා සිටිනවා. “සියලුම ක්‍රීඩකයින් කලින් පරෙස්සම් වීම සඳහා අවශ්‍ය පියවර ගත යුතුයි. ඔවුන් ඔවුන්ගේ කණ්ඩායම්වල උපදෙස් අනුගමනය කළ යුතුයි.”
උපදෙස් දෙන ලැයිස්තුවට චීනයේ මස් ඇතුළත් වූ ප්‍රථම අවස්ථාව මෙය නෙවෙයි. 2011 වසරේදී ජර්මනියේ මත්ද්‍රව්‍ය විරෝධී ඒජන්සිය (NADA), චීනයේ හා මෙක්සිකෝවේදී වැරදීමකින් තහනම් ශරීර උත්තේජන ශරීරයට ඇතුළු වීමේ සහ පරීක්ෂණ වලින් අසමත් වීමේ ඉහළ අවදානමක් තිබෙන බව ප්‍රකාශ කරමින් මස් අනුභව කිරීමෙන් හැකි තරම් දුරට වැළකී සිටින ලෙසට චීනයේ සංචාරය කළ ජර්මන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අනතුරු අඟවා තිබුණා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



