The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලිවපූල් පාපන්දු ලෝලීන්ගේ ප්‍රීති ඝෝෂාවෙන් භූමි කම්පාවක්

T

The Leader Desk

May 4, 2025 • 9:51 AM

ලිවපූල් පාපන්දු ලෝලීන්ගේ ප්‍රීති ඝෝෂාවෙන් භූමි කම්පාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එංගලන්තයේ ඇන්ෆීල්ඩ් (Anfield) නගරයේදී ටොට්නම් හොට්ස්ප (Tottenham Hotspur) කණ්ඩායම පරාජය කරමින් ඓතිහාසික පාපන්දු ශූරතා ජයග්‍රහණය හිමිකර ගැනීම ලිවපූල් (Liverpool) ක්‍රීඩා ලෝලීන් උත්සව සිරියෙන් සැමරූ මොහොතේ භූ කම්පන මාලාවක් ඇතිවූ බවට විද්‍යාඥයින් අනාවරණය කර තිබෙනවා.
  • අතුරු සිදුරු නැතිව රොක්ව සිටි සෙනඟක් ඉදිරියේ ඇන්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී ලිවපූල් කණ්ඩායම පාපන්දුවේ ඉහළම ශූරතාව වන ප්‍රමිය ලීග් කිරුළ අප්‍රේල් 27 වැනි දිනයේ හිමිකර ගත්තේ ටොට්නම් පිල ගෝල් 5-1කින් පරදවමින්.
  • පොළොවේ කම්පන දත්ත වඩාත්ම සැලකිය යුතු භූ කම්පනය සිදුවූයේ ලිවපූල් කණ්ඩායම ගෝල් 2-1කින් පෙරමුණට ගෙන එමින් තරගයේ 24 වැනි මිනිත්තුවේදී ඇලෙක්සිස් මැක් ඇලිස්ට (Alexis Mac Allister) ගෝලය ලබා ගත් මොහොතේ.
  • එම අවස්ථාවේ රික්ට මාපකයේ 1.74ක ඉහළම භූ චලනයක් සටහන්ව තිබුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

එංගලන්තයේ ඇන්ෆීල්ඩ් (Anfield) නගරයේදී ටොට්නම් හොට්ස්ප (Tottenham Hotspur) කණ්ඩායම පරාජය කරමින් ඓතිහාසික පාපන්දු ශූරතා ජයග්‍රහණය හිමිකර ගැනීම ලිවපූල් (Liverpool) ක්‍රීඩා ලෝලීන් උත්සව සිරියෙන් සැමරූ මොහොතේ භූ කම්පන මාලාවක් ඇතිවූ බවට විද්‍යාඥයින් අනාවරණය කර තිබෙනවා.

අතුරු සිදුරු නැතිව රොක්ව සිටි සෙනඟක් ඉදිරියේ ඇන්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී ලිවපූල් කණ්ඩායම පාපන්දුවේ ඉහළම ශූරතාව වන ප්‍රමිය ලීග් කිරුළ අප්‍රේල් 27 වැනි දිනයේ හිමිකර ගත්තේ ටොට්නම් පිල ගෝල් 5-1කින් පරදවමින්.

 

liverpool 1පොළොවේ කම්පන දත්ත

වඩාත්ම සැලකිය යුතු භූ කම්පනය සිදුවූයේ ලිවපූල් කණ්ඩායම ගෝල් 2-1කින් පෙරමුණට ගෙන එමින් තරගයේ 24 වැනි මිනිත්තුවේදී ඇලෙක්සිස් මැක් ඇලිස්ට (Alexis Mac Allister) ගෝලය ලබා ගත් මොහොතේ. එම අවස්ථාවේ රික්ට මාපකයේ 1.74ක ඉහළම භූ චලනයක් සටහන්ව තිබුණා.

භූ කම්පනයන් අනාවරණය කර ගැනීම පිණිස භාවිතා කරන උපකරණ යොදා ගනිමින් මේ දත්ත පටිගත කිරීම් සිදුකර තිබෙන්නේ ලිවපූල් සරසවිය.

ක්‍රීඩා ලෝලීන් විසින් අත්විඳිනු ලැබූ කම්පනය මැන බැලුවේ ඉතාමත් සංවේදී උපකරණ පාවිච්චි කිරීමෙන් බව බ්‍රිතාන්‍ය භූවිද්‍යාත්මක සමීක්ෂණයේ භූ කම්පනවේදිනී කැලම් හැරිසන් (Callum Harrison) පවසනවා.

 

swift t
“පසුගිය වසරේ පැවති Taylor Swift (ජනප්‍රිය අමෙරිකානු ගායිකාව) ගේ සංගීත ප්‍රසංග ඇතුළු පසුගිය වසර කිහිපයේ පැවති ප්‍රසංග හා ක්‍රීඩා තරග ගණනාවක මෙවැනි ප්‍රමාණයේ භූ කම්පන සංඥා නිරීක්ෂණය කර තිබෙනවා” යනුවෙන් ඇය කියනවා.

“මේ ඉසව්වල මුදාහැරෙන ශක්තිය කුඩා භූමි කම්පාවකට සමාන කළ හැකියි. එය උත්පාදනය කරන්නේ සත්‍ය වූ භූමි කම්පාවකින් නොව සෙනඟ උඩ පැනීමෙන් හා නැටීමෙන්.”

ලිවපූල් පාපන්දු සමාජය සමග සහයෝගයෙන් යුතුව මේ අධ්‍යයනය මෙහෙයවා තිබෙන්නේ ලිවපූල් විශ්ව විද්‍යාලයේ පොළොව, සාගරය හා පාරිසරික විද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්යවරුන් වන Antoine Septier හා Farnaz Kamranzad සහ මහාචාර්ය බෙන් එඩ්වර්ඩ්ස් (Ben Edwards).

 

liverpool4Farnaz Kamranzad (වමේ) සහ Antoine Septier යන ආචාර්යවරුන්

“ස්වභාවික භූ කම්පන සිද්ධීන් මෙන්ම, මේ ගෝල් ලබා ගැනීමේ අවස්ථාවලින් ද පොළොව සෙලවීම් ගණනාවක් ඇතිවුනේ ලිවපූල් ක්‍රීඩා ලෝලීන්ගේ හුදු ආවේගය නිසායි” මහාචාර්ය බෙන් එඩ්වර්ඩ්ස් සඳහන් කරනවා.

“පෘථිවිය සසල කිරීමට තරම් ප්‍රබල ශක්තියක් ඔවුන්ගේ උද්යෝගයේ ගැබ්ව තිබුණා.”

තරගය අතරතුර විශේෂයෙන් ගෝල් ලබා ගැනීමට ප්‍රතිචාර දැක්වීමේදී 60,415ක ශක්තිමත් සෙනඟ විසින් නියම භූ කම්පන ක්‍රියාවන් උත්පාදනය කළ බවට දත්තවලින් අනාවරණය වී තිබෙනවා.

liverpool 2 ඇලෙක්සිස් මැක් ඇලිස්ටගේ ගෝලය 1.74ක භූ කම්පනයක් සටහන් කළා
දෙවැනියට විශාල භූ කම්පනය වූ 1.60ක් සටහන් වූයේ තරගයේ දෙවැනි භාගයේ Mo Salah ගෝලය වාර්තා කළ මොහොතේ.

Cody Gakpo ගේ උත්සාහය 1.03ක් ද, ටොට්නම් හොට්ස්ප කණ්ඩායමේ Destiny Udogie තමන් විසින්ම ප්‍රතිවාදීන්ට ගෝලයක් ලබා දුන් අවස්ථාවේ 1.35ක් ද සහ Luis Diaz ගේ ගෝලය 0.64ක් ද වශයෙන් භූ කම්පන සටහන්ව තිබුණා.

මේ කම්පන කුඩා ප්‍රමාණයේ සහ ක්‍රීඩා මණ්ඩපවලට දැනෙන්නට තරම් ප්‍රබල නොවූ ඒවා වූව ද එම කම්පන ඇන්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැහැදිලි හා කල් පවතින සලකුණු ඉතිරි කිරීමට තරම් ශක්තිමත් වූ බව Farnaz ආචාර්යවරිය සඳහන් කළා.

liverpool 3තරගය පුරාම පර්යේෂකයන් පොළොවේ චලනය මැන බැලුවා

“සෑම චියර් කිරීමක් ම, සෑම සතුටු වීමක් ම අපේ කකුල්වලට යටින් ශේෂ මාත්‍රයක්, ඒකාබද්ධ ප්‍රීතිවීමක භූ කම්පන ඇඟිලි සලකුණක් ඉතිරි කරමින් පොළොවේ මතකයට යමක් ලියා තබනවා” යනුවෙන් ඇය කීවා.

 

භූ කම්පනවේදීන් අලුත් පරම්පරාවකට මේ පරීක්ෂණයෙන් පෙළඹවීමක් හටගනු ඇතැයි තමා අපේක්ෂා කරන බව Antoine ආචාර්යවරයා පැවසුවා.

(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...