එහි දී විශිෂ්ඨ තරගයකින් අනතුරුව එම කණ්ඩායම් දෙකම ශූරතාවය දිනා ගැනීමට සමත් විය.
පිරිමි අවසන් මහා තරගයේදී අසල්වැසි ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කරමින් ශූරයන් ලෙසින් කිරුලු දරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත්විය.
මෙහිදී ශ්‍රී'ලංකා කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස අචිනි මධුෂානි කටයුතු කළ අතර උප නායිකාව ලෙස පාකිර්තන් කිරුත්තිකා කටයුතු කළාය. කානේෂ්වරන් රම්මියා, උෂානි මධුෂිකා, මිනාලි බාන්ස්, තිළිණි ජයරත්න, සුබෝධා ගමගේ, පාස්කරන් සතූර් ජා, වික්ෂාන් යෝකිතා, කසුන්තා තත්සරණී කාන්තා කණ්ඩායමේ සෙසු සාමාජිකාවෝ වෙති.

පිරිමි කණ්ඩායමේ නායකයා ලෙස ගිහාන් හසන්ජිත් කටයුතු කරද්දී උප නායකයා ලෙස උදාර ප්‍රියන්ත කටයුතු කළේය. ධනූජ තේනුක, තරිඳු ධනංජය,ෂෙනාන් ප්‍රනාන්දු, සිතික මෙත්සිළු, නිශාන්ත සචිනාස්, තිනෙත් කවින්ද්‍ය, බවුම් නිදාන, මලීෂ දනෙතසිංහ, මාෆිල් කිරන් සහ කවීෂ මෙහි සෙසු සාමාජිකයෝ වෙති. මෙහි කණ්ඩායම් පුහුණුකාරීත්වය ජානකි සමරතුංග විසින් සිදු කළ අතර චානිකා චතුරංගනී සහ ස්වර්ණා ප්‍රනාන්දු කණ්ඩායම් කළමනාකරුවෝ ලෙස කටයුතු කළ හ.
(සටහන | සමීර මදුසංක හේවා ගමගේ )
madusanka8816@gamil.com



