The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පාපන්දු සමාජයට දූෂණ චෝදනා

T

The Leader Desk

May 5, 2025 • 9:15 AM

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පාපන්දු සමාජයට දූෂණ චෝදනා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නමුත් Jorge Bergoglio ළමා වියේ සිට සහයෝගය දුන් ආජන්ටිනා පාපන්දු ක්‍රීඩා සමාජයේදී උන්වහන්සේගේ ස්වර්ගස්ථවීම වෙනුවෙන් පැවති යාච්ඤා සතිය විරෝධතා ප්‍රදර්ශනයක් බවට හැරුනා.
  • මේ අනුව ඒ රාත්‍රිය අසමානතාවන්ගේ රැයක් බවට පත්වුණා.
  • මෙය පැවැත්වුනේ ‘සාන්තුවරයෝ’ නමින් හැඳින්වෙන මේ ක්‍රීඩා සමාජය 1908 වසරේදී ආරම්භ කෙරුනු බුවනොස් අයිරස් දිස්ත්‍රික්කයේ පිහිටි දේවස්ථානයක.
  • එහෙත් එම ප්‍රශස්තිය කියැවෙන මොහොතේ තවත් ක්‍රීඩා ලෝලීන් සියයක් පමණ හදිසියේ සැන් ලොරෙන්සෝ පාපන්දු සමාජයීය මූලස්ථානය ඉදිරි‌යේ රැස්වෙමින් මොරිට්ටි ට ඉල්ලා අස්වන ලෙස බලකර සිටියා.
අකුරු ප්‍රමාණය (Font Size):


නමුත් Jorge Bergoglio ළමා වියේ සිට සහයෝගය දුන් ආජන්ටිනා පාපන්දු ක්‍රීඩා සමාජයේදී උන්වහන්සේගේ ස්වර්ගස්ථවීම වෙනුවෙන් පැවති යාච්ඤා සතිය විරෝධතා ප්‍රදර්ශනයක් බවට හැරුනා.

 

Marcelo Moretti
මේ ක්‍රීඩා සමාජය ඔසවා තැබීම පිණිස ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සමග පැවැත්වූ සාකච්ඡා මෙනෙහි කරමින් සැන් ලොරෙන්සෝ (San Lorenzo) පාපන්දු සමාජයේ සභාපති මාසෙලෝ මොරිට්ටි (Marcelo Moretti) උපහාර නිවේදන නිකුත් කර පැය කිහිපයකට පසුව එම සමාජය අපකීර්තියේ ගිලුනා.

Presidenti i klubit te futbollit filmohet teksa merr 25 mije dollare ryshfet Insajderi.org

2024 වසරේදී රහසේ පටිගත කරන ලද වීඩියෝවක් ආජන්ටිනා රූපවාහිනියෙන් විකාශය කෙරුනේ මොරිට්ටි තරුණ ක්‍රීඩකයෙකු ක්‍රීඩා සමාජයට බඳවා ගැනීමට පෙර ඔහුගේ මවගෙන් මුදල් නෝට්ටු මිටි ගණනින් ලබා ගන්නා අයුරු පෙන්වමින්.

මේ අනුව ඒ රාත්‍රිය අසමානතාවන්ගේ රැයක් බවට පත්වුණා.

සමහර ක්‍රීඩා ලෝලීන් ක්‍රීඩා සමාජයේ වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩා ලෝලියාට ගෞරව කිරීම පිණිස පැවති පූජාවට සහභාගි වෙමින් සිටියා. මෙය පැවැත්වුනේ ‘සාන්තුවරයෝ’ නමින් හැඳින්වෙන මේ ක්‍රීඩා සමාජය 1908 වසරේදී ආරම්භ කෙරුනු බුවනොස් අයිරස් දිස්ත්‍රික්කයේ පිහිටි දේවස්ථානයක.

“ෆ්‍රැන්සිස්කෝ සත්‍යයෙන්ම විශිෂ්ටයෙක්. පිටියේ සිටි හොඳම ක්‍රීඩකයා. ලෝකයේ සිටි හොඳම ක්‍රීඩකයා....” යනුවෙන් Juan Pablo Sclippa පියතුමා රැස්ව සිටි පිරිසට පැවසුවා.

 

skynews argentina buenos aires 6895648

එහෙත් එම ප්‍රශස්තිය කියැවෙන මොහොතේ තවත් ක්‍රීඩා ලෝලීන් සියයක් පමණ හදිසියේ සැන් ලොරෙන්සෝ පාපන්දු සමාජයීය මූලස්ථානය ඉදිරි‌යේ රැස්වෙමින් මොරිට්ටි ට ඉල්ලා අස්වන ලෙස බලකර සිටියා.

වැඩිවෙමින් තිබූ පීඩනය හා නිල පරීක්ෂණ මධ්‍යයේ මැදියම් රැයෙන් පසුව සමාජ මාධ්‍යයේ පළ කළ නිවේදනයක් මගින් මොරිට්ටි කියා සිටියේ ඒ මුදල් නෝට්ටු ක්‍රීඩා සමාජයට කළ පරිත්‍යාගයක් බවයි.  තමා තමාගේ නිර්දෝෂී භාවය ඔප්පු කිරීමට අවධානය යොමු කිරීම පිණිස තාවකාලික නිවාඩුවක් ගන්නා බව ද මොරිට්ටි දන්වා සිටියා.

ක්‍රීඩා සමාජයේ නියෝජිත පිරිස වතිකානුවට ගෙන යාමේදී මූලිකත්වය ගත් මොරිට්ටි, සැලසුම් කර තිබෙන නව ක්‍රීඩාංගණයකට ෆ්‍රැන්සිස්ගේ නම යෙදීම සඳහා පාප් වහන්සේගෙන් අවසර ඉල්ලා තිබුණා.

 

gettyimages 2102835830

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එතුමාගේ පාප් පදවිය දැරූ වසර 12ක කාලය තුළ කිසිවිටෙක නැවත මේ ක්‍රීඩා සමාජයට හෝ ආජන්ටිනාව ට පැමිණියේ නැහැ.

නමුත් ආජන්ටිනා ප්‍රිමේරා අංශයේ ‘බී’ කොටසේ ‌හෝ පළමු කොටසේ තරග කළ සැන් ලොරෙන්සෝ කණ්ඩායම 2013 වසරේ ජාතික ලීග් ශූරතාව සහ ඊට පසු වසරේ දකුණු අමෙරිකානු කෝප ලිබටිඩෝස් (Copa Libertadores) ශූරතාව දිනා ගැනීමෙන් පසුව එම කුසලාන පාප් වහන්සේ වෙත රැගෙන ගියා.

එතරම් දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක් නොවූ බුවනොස් අයිරස් නුවර හැදී වැඩුනු ෆ්‍රැන්සිස් වරක් තමාට වම් කකුල් දෙකක් තිබෙන බව පැවසුවා.

එබැවින් උන්වහන්සේ තමාට කලින් සිටි එක් පාප් වහන්සේ කෙනෙකු වූ දෙවැනි ජෝන් පෝල් මෙන් නිතරම ක්‍රීඩා කළේ ගෝල් රකින්නෙකු ලෙස.

නමුත් උන්වහන්සේ ආජන්ටිනා පුරාවෘත්ත පාපන්දු ක්‍රීඩකයන් වන ලයනල් මෙසී හා ඩිඑගෝ මැරඩෝනා වතිකානුවට කැඳවා සත්කාර දැක්වූවා.

 

97507215 0 image a 7 1745225857171

රූපවාහිනිය නැරඹීම නතර කිරීමේ ආගමික දිවුරුමකින් පසුව උන්වහන්සේ පාපන්දු තරග විස්තර දැනගත්තේ ගුවන්විදුලියෙන් පමණයි.

මෙසීගේ නායකත්වයෙන් යුත් ආජන්ටිනාව 2022 ලෝක පාපන්දු කුසලානයේ අවසාන තරගයේදී කීර්තිය කරා ගිය බව පාප් වහන්සේට දන්වන ලද්දේ උන්වහන්සේට ආරක්ෂාව සැපයූ ස්විස් මුරකායේ සාමාජකයන් විසින්.

සැන් ලොරෙන්සෝ පාපන්දු ක්‍රීඩා සමාජය උන්වහන්සේව සදා මතකයේ තබා ගන්නේ ඔවුන්ගේ අංක 88,235 සාමාජිකයා වශයෙන්.  

මේ සම්බන්ධයෙන් ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය යොමුව තිබෙන්නේ සමපාතීය සිදුවීමකට. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 88 වැනි වියේ පසුවෙමින් සිටියදී ස්වර්ගස්ථ වූයේ බුවනොස් අයිරස් වේලාවෙන් පස්වරු 2.35 ට.

warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පාපන්දු සමාජයට දූෂණ චෝදනා | The Leader