මීට හේතුව වී තිබෙන්නේ මාර්තු මාසයේ පැවති 2025 Suzhou මැරතන් තරගයේදී මේ ක්‍රීඩකයන් ප්‍රසිද්ධියේ මුත්‍ර කර හසුවීමයි. මේ සිදුවීම අන්තර් ජාලයේ වේගයෙන් සංසරණය වූ අතර ඔවුන්ට අවිනීත හැසිරීමේ චෝදනාව මත මේ දඬුවම පනවා තිබෙනවා.
මේ තරගකරුවන්ට දඬුවම් කළේ විශේෂයෙන් ඔවුන් ද්විතීයික පාසලක ප්‍රධාන නාමපුවරුවක් මතට මුත්‍ර කරනු දැක තිබෙන නිසා යැයි CAA ප්‍රකාශ කරනවා. දඬුවම 2028 මාර්තු 1 වැනිදා දක්වා වසර තුනක් ක්‍රියාත්මක වනවා.

සිද්ධිය හටගෙන තිබෙන්නේ පසුව දඬුවම් ලැබූ මේ ක්‍රීඩකයන් තරග සංවිධායකයන් විසින් තැනින් තැන සවිකර තිබූ වැසිකිලි කාමර ගණන් නොගෙන ක්‍රියා කළ අවස්ථාවේ. එම වැසිකිලි තිබුනේ ඔවුන් මුත්‍ර කළ ස්ථානයට මීටර් කිහිපයක් දුරින් පමණක් වීමෙන් මේ වරද තවත් ප්‍රබල වුනා. එම වැසිකිලි කාමර භාවිතා කරනවා වෙනුවට මේ ක්‍රීඩකයන් ප්‍රසිද්ධියේ මුත්‍ර කිරීම තෝරා ගැනීමෙන් ඔවුන් එම තරගය නැරඹීමට පැමිණ සිටි සමහරුන්ගේ ඡායාරූප ගැනීමට හා පටිගත කිරීමට ලක්වුනා.
මොවුන් මුත්‍ර කරන ඡායාරූප වේගයෙන් අන්තර් ජාලයේ හා සමාජ මාධ්‍යයේ පැතිර ගියේ ජනතාව අතර දැඩි කෝපයක් හා ප්‍රබල විවේචනයක් මතු කරමින්. වරදකරුවන් CAA විසින් සැණින් හඳුනා ගැණුනා.

මේ මැරතන් ධාවකයන්ට තෙවසරක තරග තහනම පැනවීමට අමතරව 2026 වසර සඳහා වන Suzhou මැරතන් තරගයේ නිල සහතිකය අවලංගු කිරීමට ද CAA තීරණය කළා. ඒ අනුව මේ ඉසව්ව එම සංගමය විසින් අනුමත කර තිබෙන නිල කැලැන්ඩරයෙන් ඉවත් කෙරෙනවා. “නීති නිකං කෙටුම් පත් කරන්න එපා. ඒවා ක්‍රියාත්මක වන බවට හා ජනතාව නාමපුවරු මත මුත්‍ර නොකරන බවට සහතික වෙන්න” යනුවෙන් චීන මලල ක්‍රීඩා සංගමය සංවිධායකයන්ට දන්වා තිබෙනවා.

(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



