The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පාකිස්තානය සමග සියලු ක්‍රිකට් තරග නතර කළ යුතුයි - ඉන්දියා පුහුණුකරු ගම්භීර්

T

The Leader Desk

May 7, 2025 • 8:50 AM

 පාකිස්තානය සමග සියලු ක්‍රිකට් තරග නතර කළ යුතුයි - ඉන්දියා පුහුණුකරු ගම්භීර්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කණ්ඩායම් ගණනාවක් සහභාගි වන තරගාවලියන්හිදී මේ කණ්ඩායම් දෙක දැනට මධ්‍යස්ථ රටක මුණගැසෙන ආකාරයෙන් වුවද මින් ඉදිරියට තරග නොකර පාකිස්තානය සමග තිබෙන සියලු ක්‍රිකට් සබඳතා ඉන්දියාව වහාම නතර කළ යුතු බව ගම්භීර් කියා සිටිනවා.
  • විදේශිකයන් වැඩි දෙනෙක් ඇතුළුව පුද්ගලයන් 26 දෙනෙක් ඝාතනය කරමින් කාශ්මීරයේ පෙහෙල්ගම් ප්‍රදේශයේ අප්‍රේල් 22 වැනි දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය හේතුව කරගෙනයි ඔහු මේ ප්‍රකාශය කර තිබෙන්නේ.
  • වෙඩි තබා මිනිසුන් මරා දැමුනු මේ ප්‍රහාරය සිදුකළේ පාකිස්තානය බවට ඉන්දියාව චෝදනා කරනවා.
  • ඉන්දියාව මේ සිද්ධියට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ඉන්දුස් ජල ගිවිසුම අත්හිටුවීම, අත්තාරි ගම්මානයේ තිබෙන දේශසීමා මාරුව වසා දැමීම සහ තානාපති සබඳතා තත්ත්වයෙන් පහත හෙළීම ඇතුළු පියවර ගණනාවක් පාකිස්තානය ට එරෙහිව ගෙන තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

කණ්ඩායම් ගණනාවක් සහභාගි වන තරගාවලියන්හිදී මේ කණ්ඩායම් දෙක දැනට මධ්‍යස්ථ රටක මුණගැසෙන ආකාරයෙන් වුවද මින් ඉදිරියට තරග නොකර පාකිස්තානය සමග තිබෙන සියලු ක්‍රිකට් සබඳතා ඉන්දියාව වහාම නතර කළ යුතු බව ගම්භීර් කියා සිටිනවා.

විදේශිකයන් වැඩි දෙනෙක් ඇතුළුව පුද්ගලයන් 26 දෙනෙක් ඝාතනය කරමින් කාශ්මීරයේ පෙහෙල්ගම් ප්‍රදේශයේ අප්‍රේල් 22 වැනි දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය හේතුව කරගෙනයි ඔහු මේ ප්‍රකාශය කර තිබෙන්නේ. වෙඩි තබා මිනිසුන් මරා දැමුනු මේ ප්‍රහාරය සිදුකළේ පාකිස්තානය බවට ඉන්දියාව චෝදනා කරනවා.

ඉන්දියාව මේ සිද්ධියට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ඉන්දුස් ජල ගිවිසුම අත්හිටුවීම, අත්තාරි ගම්මානයේ තිබෙන දේශසීමා මාරුව වසා දැමීම සහ තානාපති සබඳතා තත්ත්වයෙන් පහත හෙළීම ඇතුළු පියවර ගණනාවක් පාකිස්තානය ට එරෙහිව ගෙන තිබෙනවා.

බොහෝ කණ්ඩායම් සහභාගි වන ක්‍රිකට් තරගාවලියන්හි පාකිස්තානය සමග ක්‍රීඩා කිරීම ඉන්දියාව දිගටම කරගෙන යායුතු දැයි දිල්ලියේ ඊයේ පැවති උත්සවයකදී ගම්භීර්ගෙන් විමසූ විට, “නිසැකව ම නැහැ කියන එකයි මගේ පෞද්ගලික මතය” යනුවෙන් ඔහු කියා සිටියා. “මේ ත්‍රස්තවාදී ක්‍රියා සියල්ල නතර වනතුරු ඉන්දියාව හා පාකිස්තානය අතර කිසිම දෙයක් තිබිය යුතු නැහැ.”

ඉන්දියාව 2013 වසරේ ජනවාරියේ සිට පාකිස්තානය ට එරෙහිව ද්විපාර්ශ්වික ක්‍රිකට් තරගමාලාවක් ක්‍රීඩා කර නැති අතර රටවල් ගණනාවක් සහභාගි වන ආසියානු කුසලානය හා ICC ඉසව් වැනි තරගාවලියන්හි පමණයි මේ කණ්ඩායම් දෙක එකිනෙකා සමග තරග කර තිබෙන්නේ. ඔවුන් මුණගැසුනු ආසන්නතම තරගය වූයේ ඩුබායි දේශයේ පැවති 2025 චැම්පියන්ස් කුසලාන තරගය. ඉන්දියාව හා පාකිස්තානය මේ වසරේ පසු භාගයේදී කාන්තා ජාත්‍යන්තර එක්දින ලෝක කුසලාන තරගාවලිය හා පිරිමි ආසියානු කුසලාන තරගාවලියේදී මෙන්ම ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී එකිනෙකාට එරෙහිව තරග කිරීමට නියමිතව තිබෙනවා.

“අපි ඔවුන් සමග ක්‍රීඩා කරනවා ද නැද්ද යන්න රජයේ තීරණයක්” ගම්භීර් පවසනවා. “මම මේක මීට පෙරත් කියා තිබෙනවා. කිසිම ක්‍රිකට් තරගයක් හෝ බොලිවුඩ් ඉසව්වක් හෝ වෙනත් කිසිම අන්‍යෝන්‍ය ක්‍රියාවක් ඉන්දියානු සොල්දාදුවන් හෝ ඉන්දියානු පුරවැසියන්ගේ ජීවිතවලට වඩා වැදගත් වන්නේ නැහැ. තරග පැවැත්වීම දිගටම තියේවි, චිත්‍රපට දිගටම හැදේවි, ගායකයෝ ඉදිරියටත් සිංදු කියාවි, නමුත් මේ කිසිවක් ඔබේ පවුලේ ආදරණීය කෙනෙකු නැතිවීමක් කිට්ටුවටවත් එන්නේ නැහැ.”

“මේක මට අයිති දෙයක් නෙවෙයි. මෙය ම‌ගේ බල අධිකාරියේ තියෙන දෙයක් නෙවෙයි. අපි පාකිස්තානය සමග ක්‍රීඩා කළ යුතුද යන තීරණය ගත යුත්තේ ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) හා විශේෂයෙන් ඉන්දියා රජයයි” ගම්භීර් සඳහන් කරනවා. “ඒ අය ගන්නා ඕනෑම තීරණයකට අපි හොඳින් කැමති විය යුතුයි. එය දේශපාලනකරණය නොකළ යුතුයි!”

BCCI, පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය සහ ICCය අතර මෑතකදී පැමිණි එකඟතාවකට අනුව 2027 තරග චක්‍රය අවසන් වනතුරු ICC තරගාවලියන්හි සියලුම ඉන්දියා-පාකිස්තාන තරග ක්‍රීඩා කරනු ඇත්තේ මධ්‍යස්ථ රටක.


warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...