The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ගමන ඇරඹේ!...ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝගේ පුතාට පෘතුගාලයෙන් පළමු කැඳවීම ලැබෙයි

T

The Leader Desk

May 7, 2025 • 2:53 PM

ගමන ඇරඹේ!...ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝගේ පුතාට පෘතුගාලයෙන් පළමු කැඳවීම ලැබෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රොඒෂියාවේ ළඟදී පැවැත්වෙන ජාත්‍යන්තර තරගාවලියක් වෙනුවෙනුයි ඔහුව කැඳවා තිබෙන්නේ.
  • ගෝල් 136ක් ලබා ගෙන ජාත්‍යන්තර පාපන්දුවේ එදා මෙදා තුර වැඩිම ගෝල්ලාභියා බවට පත්ව සිටීමට අමතරව තරග 219කට ක්‍රීඩා කරමින් වැඩිම ජාත්‍යන්තර තරග ලෝක වාර්තාව ද උසුලමින් සිටින රොනාල්ඩෝ ට ඔහුගේ පුතා පෘතුගාල ජාතික කණ්ඩායමට තෝරා ගැනීමේ සතුට සඟවා ගැනීමට බැරිවුණා.
  • පෙබරවාරි 5 වැනිදා 40 වැනි වියට පා තැබූ රොනාල්ඩෝ මේ වසර මුල ප්‍රකාශයක් කරමින් තමා විශ්‍රාම යාමට පෙර තම පුතා පසෙකින් තබාගෙන ක්‍රීඩා කිරීමට කැමති බව පවසා තිබුනා.
  • පාපන්දුවේ ඉහළම සම්මානය වන ‘බැලන් ඩෝ’ පස් වතාවක් හිමිකර ගත් රොනාල්ඩෝ මෙසේ සඳහන් කළා: මම මගේ 14 හැවිරිදි පුතා එක්ක ක්‍රීඩා කරන්න කැමතියි.
අකුරු ප්‍රමාණය (Font Size):

තෝරා ගෙන තිබෙනවා.

ක්‍රොඒෂියාවේ ළඟදී පැවැත්වෙන ජාත්‍යන්තර තරගාවලියක් වෙනුවෙනුයි ඔහුව කැඳවා තිබෙන්නේ.

14 හැවිරිදි මේ නව යොවුන් ක්‍රීඩකයා ඔහුගේ පියා ක්‍රීඩා කරන සෞදි අරාබියේ ‘අල්-නසර්’ පාපන්දු සමාජයේ ඇකඩමිය වෙනුවෙන් දැක්වූ දස්කම් අපතේ ගොස් නැත්තේ පෘතුගාල වයස අවුරුදු 15න් පහළ පාපන්දු පුහුණුකරු Joao Santos විසින් මේ ඉදිරි පෙල ක්‍රීඩකයාව ඔහුගේ 22 දෙනෙකුගෙන් යුත් සංචිතයට ඇතුළත් කර තිබෙන නිසා.

ගෝල් 136ක් ලබා ගෙන ජාත්‍යන්තර පාපන්දුවේ එදා මෙදා තුර වැඩිම ගෝල්ලාභියා බවට පත්ව සිටීමට අමතරව තරග 219කට ක්‍රීඩා කරමින් වැඩිම ජාත්‍යන්තර තරග ලෝක වාර්තාව ද උසුලමින් සිටින රොනාල්ඩෝ ට ඔහුගේ  පුතා පෘතුගාල ජාතික කණ්ඩායමට තෝරා ගැනීමේ සතුට සඟවා ගැනීමට බැරිවුණා.

තම පුතුගේ අවුරුදු 15න් පහළ තෝරා ගැනීම පිළිබඳව ‘ඉන්ස්ටග්‍රෑම්’හි පෝස්ටුවක් තබමින් පෘතුගාල පාපන්දු නායකයා මෙසේ සටහන් කළා: “ඔබ ගැන ආඩම්බරයි, පුතේ!”


මැයි 13 සිට 18 දක්වා පැවැත්වෙන Vlatko Markovic තරගාවලියේදී පෘතුගාල කණ්ඩායම ජපානය, ග්‍රීසිය, එංගලන්තය හා තවමත් තීරණය වී නැති සිවුවැනි ප්‍රතිවාදයෙකු සමග තරග කිරීමට නියමිතව තිබෙනවා.

පෙබරවාරි 5 වැනිදා 40 වැනි වියට පා තැබූ රොනාල්ඩෝ මේ වසර මුල ප්‍රකාශයක් කරමින් තමා විශ්‍රාම යාමට පෙර තම පුතා පසෙකින් තබාගෙන ක්‍රීඩා කිරීමට කැමති බව පවසා තිබුනා.

පාපන්දුවේ ඉහළම සම්මානය වන ‘බැලන් ඩෝ’ පස් වතාවක් හිමිකර ගත් රොනාල්ඩෝ මෙසේ සඳහන් කළා: මම මගේ 14 හැවිරිදි පුතා එක්ක ක්‍රීඩා කරන්න කැමතියි. නමුත් අපි බලමු. ඔහුට වඩා මගේ ක්‍රීඩාව මතයි එය රැඳී තිබෙන්නේ.”

srt35r
කණිෂ්ඨ ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝගේ නව යොවුන් ක්‍රීඩා දිවිය රේආල් මෙඩ්රිඩ්, යූවෙන්චස්, මැන්චෙස්ට යුනයිටඩ් හා අල්-නසර් යන පාපන්දු සමාජයන්හි ඇකඩමිවල එකක් පසුපස එකක් ලෙසින් ක්‍රීඩා කරමින් ගෙවීගොස් තිබෙන්නේ ඔහුගේ පියාගේ ලෝකය වටා යන ගමනත් සමග.

මේ ළාබාල ක්‍රීඩකයා ඉතාලි පාපන්දු යෝධයන් වන යූවෙන්චස් ක්‍රීඩා සමාජය සමග සිටි කාලය තුළ එක් ක්‍රීඩා වාරයකදී ගෝල් 58ක් ලබා ගත් බවට මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා.

ඔහු එංගලන්ත සුපිරි පාපන්දු ක්‍රීඩක වේන් රූනිගේ පුත් කායි සමග මැන්චෙස්ට යුනයිටඩ් තරුණ ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩා කර තිබෙනවා. ඒ, ජ්‍යෙෂ්ඨ රොනාල්ඩෝ දෙවැනි ගිවිසුමක් යටතේ නැවත එම පාපන්දු සමාජයට ක්‍රීඩා කිරීමට පැමිණි අවස්ථාවේ.

පියා ගෝලයක් ලබා ගන්නා විට ප්‍රදර්ශනය කරන ‘Siu’ ඉරියව්ව පුතා ද අල්-නසර් ඇකඩමිය වෙනුවෙන් ක්‍රීඩා කරද්දී රඟ දැක්වූ අවස්ථාව පෙන්වන වීඩියෝව සමාජ මාධ්‍යයේ ඉතා ජනප්‍රිය වුනා.


ලබන මාසයේ පැවැත්වෙන තරගාවලිය සඳහා වන පෘතුගාලයේ අවුරුදු 15න් පහළ කණ්ඩායමට ඔහුව කැඳවා තිබුන ද, කණිෂ්ඨ ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ ට ඔහු උපන් රට වන අමෙරිකාව වෙනුවෙන් සහ පියා රේආල් මෙඩ්රිඩ් කණ්ඩායමට බැඳුනු අවස්ථාවේ ලැබුනු නේවාසික පදිංචි පුරවැසිභාවයෙන් ස්පාඤ්ඤය වෙනුවෙන් ද  ක්‍රීඩා කිරීමට සුදුසුකම් තිබෙනවා.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගමන ඇරඹේ!...ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝගේ පුතාට පෘතුගාලයෙන් පළමු කැඳවීම ලැබෙයි | The Leader