ශ්‍රී ලංකා කණ්ඩායමට සහාය දැක්වීම සඳහා මෙම තරගය නොමිලේ නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.
තරගාවලියේ මූලික වටය යටතේ පෙරේදා (9 වැනිදා) පැවැති අවසන් තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 76 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් වුවද, එම තරගයටත් පෙරාතුවම දකුණු අප්‍රිකාවට අවසන් තරගයේ දොර වැසී තිබිණ. ඊට හේතුව වූයේ සහභාගි වූ මුල් තරග 3 දීම ඔවුන් පරාජයට පත්ව තිබීමය.
මූලික වටයේදී සහභාගි වූ තරග 4 න් 3 ක් ජයගත් ඉන්දීය ක්‍රීඩිකාවෝ පළමුවෙන්ම අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කරවා ගත්හ.
තරග 3 කට සහභාගි වෙමින් තරග 2 ක් ජයගත් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අවසන් තරගයේ දොරටු විවර වූයේ ඉකුත් බදාදා (7 වැනිදා) පැවැති තරගයේදී ඉන්දියාව හමුවේ දකුණු අප්‍රිකාව පරාජය වීමත් සමගිනි.
පෙරේදා පැවැති තරගයද ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූවා නම් ඔවුන්ට ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුව තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසීමේ අවස්ථාව තිබිණ.
මේ දින වන පවතින වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් අද දිනයේදී අවසන් තරගයටද වර්ෂාවෙන් බාධා එල්ල වීමට වැඩි ඉඩක් පවතී.
කෙසේ වුවත් මෙම තරගාවලියේ අවසන් මහ තරගය සඳහා අතිරේක දිනයක් යොදා නොමැති බැවින් වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් අවසන් මහ තරගය විසඳුමකින් තොරව නිමාවට පත්වුවහොත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තරගාවලියේ සම ශූරියන් බවට පත්වනු ඇත.
( kelimandala | ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා - ඉන්දියා අවසන් සටන අද (11)
T
The Leader Desk
May 11, 2025 • 7:30 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ශ්‍රී ලංකා කණ්ඩායමට සහාය දැක්වීම සඳහා මෙම තරගය නොමිලේ නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.
- තරගාවලියේ මූලික වටය යටතේ පෙරේදා (9 වැනිදා) පැවැති අවසන් තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 76 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් වුවද, එම තරගයටත් පෙරාතුවම දකුණු අප්‍රිකාවට අවසන් තරගයේ දොර වැසී තිබිණ.
- ඊට හේතුව වූයේ සහභාගි වූ මුල් තරග 3 දීම ඔවුන් පරාජයට පත්ව තිබීමය.
- මූලික වටයේදී සහභාගි වූ තරග 4 න් 3 ක් ජයගත් ඉන්දීය ක්‍රීඩිකාවෝ පළමුවෙන්ම අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කරවා ගත්හ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


