The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

විරාට් කෝලිගේ ටෙස්ට් සමුගැනීම පිටුපස ඇත්ත කතාව!

T

The Leader Desk

May 14, 2025 • 3:45 PM

විරාට් කෝලිගේ ටෙස්ට් සමුගැනීම පිටුපස ඇත්ත කතාව!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නොයෙකුත් කතා මතුව තිබෙනවා.
  • ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නොයෙකුත් කඳු තරණය කරමින් ඒවායේ මුදුන ට ම පිවිසි අතිවිශිෂ්ට ටෙස්ට් ක්‍රිකට් දිවියක වේදිකාවේ තිරය වසා දමමින් කෝලි සඳුදා ටෙස්ට් තරග බිමෙන් සමුගත්තේ හැඟීම් බර ප්‍රකාශයක් ඉන්ස්ටග්‍රෑම් හි සටහන් කරමින්.
  • හිටපු ඉන්දියා ක්‍රිකට් නායක විරාට් කෝලි ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව අවසන් කළේ 46.85ක සාමාන්‍යයකින් යුතුව තරග 123කින් ලකුණු 9230ක් වාර්තා කරමින්.
  • ඒ, 2024 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියා ජයග්‍රහණයෙන් පසුව ඔහු ජාත්‍යන්තර විස්සයි20 ක්‍රීඩාවෙන් ද සමුගත් බැවින්.
අකුරු ප්‍රමාණය (Font Size):

නොයෙකුත් කතා මතුව තිබෙනවා.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නොයෙකුත් කඳු තරණය කරමින් ඒවායේ මුදුන ට ම පිවිසි අතිවිශිෂ්ට ටෙස්ට් ක්‍රිකට් දිවියක වේදිකාවේ තිරය වසා දමමින් කෝලි සඳුදා ටෙස්ට් තරග බිමෙන් සමුගත්තේ හැඟීම් බර ප්‍රකාශයක් ඉන්ස්ටග්‍රෑම් හි සටහන් කරමින්.

cfghrtye

හිටපු ඉන්දියා ක්‍රිකට් නායක විරාට් කෝලි ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව අවසන් කළේ 46.85ක සාමාන්‍යයකින් යුතුව තරග 123කින් ලකුණු 9230ක් වාර්තා කරමින්.

මින් ඉදිරියට ජාත්‍යන්තර එක්දින තරගවලට පමණයි කෝලි ක්‍රීඩා කරන්නේ. ඒ, 2024 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියා ජයග්‍රහණයෙන් පසුව ඔහු ජාත්‍යන්තර විස්සයි20 ක්‍රීඩාවෙන් ද සමුගත් බැවින්.

මේ සුපිරි පිතිකරුවාගේ විශ්‍රාම යාම සිදුවූයේ රෝහිත් ෂර්මා මැයි 7 වැනිදා විශ්‍රාම ගොස් ස්වල්ප දිනකට පසුව.

sdrtw45
එදිනම සමාජ මාධ්‍ය හරහා තමන්ගේ සමුගැනීම ද ප්‍රකාශ කිරීමට කෝලි ට උවමනා වී තිබූ බව ‘ඉන්ඩියන් එක්ස්ප්‍රස්’ පුවත්පත වාර්තා කර තිබෙනවා. නමුත් ඒ වන විට ‘සින්දූර් මෙහෙයුම’ ආරම්භ වී තිබීම සහ පාකිස්තානය සමග යුද්ධය උත්සන්නව තිබීම හේතුවෙන් ඔහුගේ සමුගැනීම ප්‍රසිද්ධ කිරීම දින කිහිපයකින් ප්‍රමාද කරන ලෙසට ඔහුට උපදෙස් දී තිබූ බව එම වාර්තාවේ දැක්වෙනවා.

ඉන්දියාව හා පාකිස්තානය අතර සටන් විරාමය මැයි 10 වැනිදා නිවේදනය වීමෙන් පසුව, තමා ළඟදීම තමාගේ ටෙස්ට් සමුගැනීමේ තීරණය ප්‍රසිද්ධ කරන බවට කෝලි ඉන්දියා ක්‍රිකට් බලධාරීන්ට දන්වා සිටි බවත් ඉන්පසුව සඳුදා එය ප්‍රකාශ කළ බවත් එම පුවත්පත සඳහන් කරනවා.

මේ තීරණය පිටුපස තිබෙන ප්‍රධාන සාධකය වන්නේ තමාගේ පවුල සමග දැනට වඩා වැඩි කාලයක් ගතකිරීමට කෝලි ට තිබුණු නොපිරුණු ආශාව බව පැවසෙනවා. පසුගිය වසර තුළ කෝලි ඔහුගේ බිරිඳ හා නිළිය වන අනුෂ්කා ෂර්මා සහ දියණිය වාමිකා හා පුතු අකේ සමග කල්ගත කිරීම පිණිස නිතර එංගලන්තය ට ගිය බව වාර්තා වනවා.

ඔස්ට්‍රේලියාවේ පැවති ‘බෝඩර් - ගවස්කාර්’ කුසලාන ටෙස්ට් තරගමාලාවෙන් ඉන්දියාව ලැබූ 1-3ක පරාජයෙන් පසුව, ඉන්දියා සංචිතය සමග පවුලේ සාමාජිකයන්ට රැඳී සිටිය හැකි දින ගණන සීමා කරමින් BCCI විසින් නිවේදනයක් ක්‍රීඩකයන් වෙත යැවුවා. මේ තීරණය පිළිබඳව කෝලි සිටියේ සතුටකින් නෙවෙයි.

srt43

“පවුලකගේ කාර්යභාරය ජනතාවට තේරුම් කර දීම ඉතා අපහසුයි. පිටතදී යම් ප්‍රබල දෙයක් සිදුවන සෑම අවස්ථාවකම පවුල වෙත පැමිණීම කොතරම් මූලික අවශ්‍යතාවක්දැයි පැහැදිලි කරදීම අසීරුයි” කෝලි IPL 2025 අතරතුර පැවති සාකච්ඡාවකදී පවසා තිබුණා.

“එමගින් ගෙන එන වටිනාකමේ තරම පිළිබඳව තේරුමක් ජනතාවට තිබෙනවා කියා මම හිතන්නේ නැහැ. මගේ කාමරයට ගිහිං තනියම ඉඳගෙන ඔහේ බුම්මා ගෙන ඉන්න මට ඔ්න නැහැ. මට අවශ්‍ය සාමාන්‍ය මිනිහෙක් වෙන්නයි. එවිට වගකීමකින් යුතුව ඇත්තටම තරගය කෙරෙහි අවධානය යොමු කරන්න පුළුවන් වෙනවා. අපැහැදිලි හැඟීමකින් නොව නියම විදියට ඔබේ කැපවීම අවසන් කර යළි නිවසට පැමිණ පවුලේ අය සමග සිටීමෙන් නියම සාමාන්‍ය තත්ත්වය ඇතිවී සාමාන්‍ය පවුල් ජීවිතයක් ගෙවෙනවා” යනුවෙන් කෝලි පවසා තිබුණා.

“ඒ නිසා, මට නම්, එය පැහැදිලිවම මිනිය නොහැකි තරම් විශාල ප්‍රීතියක් ගෙන දෙන දවසක්. මට පුළුවන් හැමවෙලාවකම පවුලේ අයත් එක්ක එළියට ගිහින් කාලය ගත කරන්න ලැබෙන කිසිම අවස්ථාවක් මම මඟ හරින්නේ නැහැ. BCCI තීරණය ගැන මම ඉන්නේ මහත් කලකිරීමකින්. මොකද, සිද්ධ වෙන දේවල් ගැන පාලනයක් නැති පුද්ගලයන් සංවාදවලට ගෙනැවිත් මෙවැනි කාරණා ඉදිරියට දමා, ‘ඔව්, ඒ අයව එළියෙන් තියන්න ඔ්න’ යනුවෙන් තීරණ ගැනීම වැරදියි” කෝලි කියා තිබුණා.


මේ අතර තවත් වාර්තාවකින් දැක්වෙන්නේ, ළඟ එන එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් සංචාරයේදී ඉන්දියා කණ්ඩායම යළි මෙහෙයවීමට කෝලි ට අවශ්‍ය වී තිබුන ද එම කාර්යය තමන්ට පිළිනොගැන්වූ බැවින් ඔහු ටෙස්ට් තරග බිමෙන් විශ්‍රාම ගැනීමට තීරණය කළ බවයි.

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතා නව චක්‍රයක් ආරම්භ වෙමින් තිබියදී තමා සහ කණ්ඩායම මෑතකදී වැටුනු අගාධයෙන් නැවත ගොඩඒමට නම් සමහර දේවල් වෙනස් විය යුතුව තිබූ බවට කෝලි දැන සිටියා. මාධ්‍ය වාර්තාවන්ට අනුව, අලුත් අභියෝගයක් සහ නැවත නායකත්වයට පැමිණෙමින් කණ්ඩායමේ‌ මේ සංක්‍රාන්ති සමයේදී ඔවුන්ට නැංගුරමක් වීමේ අවස්ථාවක් කෝලි ට උවමනා වී තිබුණා. නමුත් ඉන්දියා ක්‍රිකට් බලධාරීන්ට තිබුනේ වෙනත් අදහස්.

කෝලි ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගැනීමේ තීරණයට එළැඹියේ තරුණ ක්‍රීඩකයෙකුට නායකත්වයේ වගකීම පැවරීමේ තීරණය කණ්ඩායමේ කළමනාකාරිත්වය විසින් දැනුම් දීමෙන් පසුව බව තවත් වාර්තාවකින් කියනවා. තමාගේ ම ස්වයං සොයාගැනීම හා යළි නැඟී සිටීම වෙනුවෙන් ඔහුට අලුත් අභියෝග අවශ්‍ය වී තිබුණා.

වර්තමාන කළමනාකාරිත්වය යටතේ ඔහුට අවශ්‍ය නිදහස, වටපිටාව සහ හැඟීම් නොලැබුනු බව වාර්තා වී තිබෙනවා. ක්‍රීඩකයන්ගේ විවේකාගාරයේ කළින් තිබූ වාතාවරණය සමග සැසැඳීමේදී වර්තමාන තත්ත්වයේ ලොකු වෙනසක් ඔහුට දැනී තිබෙනවා.

32ක සාමාන්‍යයකින් යුතුව පමණක් ලකුණු රැස් කළ, වසර තුනක් පමණ දක්වා ආපස්සට දිවෙන දුර්වල පිතිකරණයකින් පසුව 36 හැවිරිදි කෝලි ට අවශ්‍යව තිබුනේ නැවුම් අභියෝගයක්. එය නැතිව, අවාසනාවකට, ඔහුට සුදු ඇඳුම පැළඳ තමාගේ ගමන තවදුරටත් යාමට හේතුවක් තිබුනේ නැහැ.

අවසන් තීරණය ගැනීමට පෙර කෝලි ඔහුගේ ඉතා හොඳ මිතුරෙකු මෙන්ම ඉන්දියා කණ්ඩායමේ හිටපු පුහුණුකරු ද වන රවි ශාස්ත්‍රි ට කතා කළ බවත් එම වාර්තාවේ දැක්වෙනවා. කෝලි හිටපු BCCI ලේකම් ජේ ෂා ට ද කතා කර ඇතත් එහිදී සාකච්ඡා වූයේ කුමක් ද යන්න දැනගන්නට නැහැ. කෝලි සහ ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ වඩාත්ම ප්‍රබල පුද්ගලයෙකු වන රජීව් ෂුක්ලා අතර ද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබුන ද, ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් සහ අවකාශයක් ඉන්දු-පාකිස්තාන උණුසුම් දේශපාලනික තත්ත්වය නිසා නිර්මාණය වුනේ නැහැ.

මෑත කාලයේදී කෝලි අවම වශයෙන් දෙවතාවක් දුරකථනයෙන් BCCI ප්‍රධාන තේරීම් නිලධාරී අජිත් අගාකර් සමග කතා කළ බව ද එම වාර්තාවේ සඳහන් වනවා. නමුත් රතු පන්දුවේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට විරාට් කෝලි ගත් තීරණය වෙනස් කිරීමට මේ කිසිම සංවාදයකට පුළුවන් වුනේ නැහැ.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විරාට් කෝලිගේ ටෙස්ට් සමුගැනීම පිටුපස ඇත්ත කතාව! | The Leader