The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක පුබුදු දසනායක නැවතත් අමෙරිකා ක්‍රිකට් පුහුණුකරු තනතුරට

T

The Leader Desk

May 17, 2025 • 9:44 AM

හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක පුබුදු දසනායක නැවතත් අමෙරිකා ක්‍රිකට් පුහුණුකරු තනතුරට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු ඔස්ට්‍රේලියානු පිතිකරු ස්ටුවර්ට් ලෝ පසුගිය වසර අග ඉවත්ව යාමෙන් පසුව අමෙරිකානු පිරිමි ක්‍රිකට් ප්‍රධාන තනතුර හිස්ව තිබුනා.
  • ප්‍රබල පාකිස්තානය පරාජය කිරීමේ ‌ෙඑතිහාසික ජයග්‍රහණයක් ද සමග අමෙරිකාව පසුගිය වසරේ විස්සයි20 ලෝක කුසලානයේ පිළිමළුන් පිටුදැකීමේ වටය කරා මෙහෙයවූයේ ස්ටුවර්ට් ලෝ.
  • පළමු වාරය මෙන්ම අමෙරිකාව සමග පුබදු දසනායකගේ දෙවැනි ධූර කාලය ද අභියෝගාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
  • ඔහු 2016 වසරේදී ප්‍රථම වතාවට අමෙරිකා ක්‍රිකට් කණ්ඩායම බාරගන්නා විට ඒ රට ක්‍රිකට් ලෝකයට නවකයන් වී සිටි අතර ඔවුන්ගේ කෙටි ක්‍රිකට් ඉතිහාසය තුළ කිසිම ප්‍රධාන සාර්ථකත්වයක් වාර්තා කර තිබුනේ නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):


හිටපු ඔස්ට්‍රේලියානු පිතිකරු ස්ටුවර්ට් ලෝ පසුගිය වසර අග ඉවත්ව යාමෙන් පසුව අමෙරිකානු පිරිමි ක්‍රිකට් ප්‍රධාන  තනතුර හිස්ව තිබුනා. ප්‍රබල පාකිස්තානය පරාජය කිරීමේ ‌ෙඑතිහාසික ජයග්‍රහණයක් ද සමග අමෙරිකාව පසුගිය වසරේ විස්සයි20 ලෝක කුසලානයේ පිළිමළුන් පිටුදැකීමේ වටය කරා මෙහෙයවූයේ ස්ටුවර්ට් ලෝ.

පළමු වාරය මෙන්ම අමෙරිකාව සමග පුබදු දසනායකගේ දෙවැනි ධූර කාලය ද අභියෝගාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.


USA coach

ඔහු 2016 වසරේදී ප්‍රථම වතාවට අමෙරිකා ක්‍රිකට් කණ්ඩායම බාරගන්නා විට ඒ රට ක්‍රිකට් ලෝකයට නවකයන් වී සිටි අතර ඔවුන්ගේ කෙටි ක්‍රිකට් ඉතිහාසය තුළ කිසිම ප්‍රධාන සාර්ථකත්වයක් වාර්තා කර තිබුනේ නැහැ. එසේ වුවත්, ජගත් ක්‍රිකට් කවුන්සලයට අනුබද්ධිත රටවල් අතරින් ඉහළම ස්ථානයකට පිවිසීමට අමෙරිකාව ට උපකාර කළ දසනායක ඔවුන්ට ODI තත්ත්වය සුරක්ෂිත කර දුන්නා.

අමෙරිකාවේ සිය කාර්යයෙන් ඉවත් වීමෙන් පසු දසනායක කැනඩාව හා නේපාලයේ ජාතික ක්‍රිකට් කණ්ඩායම් පුහුණු කළා. මෙහිදී විශේෂයෙන් ඔහු නේපාලය ට ඔවුන්ගේ පළමු විස්සයි20 ලෝක කුසලාන සුදුසුකම ලබා ගැනීමට උපකාර වූ අතර පසුගිය වසරේ පැවති විස්සයි20 ලෝක කුසලානයේ සහභාගිත්වය කරා ද නේපාලය මෙහෙයවූවා.

මේ වතාවේදී ඔහුගෙන් බලාපොරොත්තු වන මෙහෙය ඉතා වැඩිවී තිබෙනවා. අමෙරිකානු කණ්ඩායම දැනටමත් ලබන වසරේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා සිටිනවා. ඔවුන් තවත් පියවරක් ඉදිරියට ගෙන යමින් අවසන් පූර්ව වටය දක්වා අමෙරිකාව ගෙන යාම දසනායකගේ ඉලක්කය වී තිබෙනවා.

1747282272 Pubudu Dassanayake 6

“ආපසු ඇවිත් අමෙරිකාවේ පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවීමට අවස්ථාවක් ලැබීම ගෞරවයක්” යනුවෙන් දසනායක පවසනවා. “මම මෙහේ ගත කළ පළමු සමයේදී අපි ලබා ගත් දේවල් ගැන මම ආඩම්බර වෙනවා. ඊටත් වඩා ඉහළ තලයකට යාමේ හැකියාව මම මේ කණ්ඩායමෙන් දකිනවා. අමෙරිකානු ක්‍රිකට් ක්‍රීඩාවට තේරුමක් ඇති යමක් ගොඩනැගීම පිණිස ක්‍රීඩකයන් හා කාර්ය මණ්ඩලය සමග දිගටම කටයුතු කරන්න මම බලාපොරොත්තු වෙනවා.”

පුබුදු දසනායක අමෙරිකානු ක්‍රිකට් කණ්ඩායම සමග එක්වන්නේ අතිශය වැදගත් මොහොතක බව අමෙරිකා ක්‍රිකට් ප්‍රධාන විධායක ජොනතන් ඈකිසන් ප්‍රකාශ කරනවා.

“2024 වසරේ ලබා ගත් ගැම්මෙන් පසුව අපේ අවධානය දැන් කේන්ද්‍රගතව තිබෙන්නේ 2026 T20 ලෝක කුසලානයේ හා 2027 ODI ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ වටයේ ප්‍රබල ක්‍රීඩාවකට” ඔහු සඳහන් කළා.

pubudu d

කැනඩා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක්වීමට පෙර පුබුදු දසනායක ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 11ක් සහ ජාත්‍යන්තර එක්දින තරග 16කට ක්‍රීඩා කළා.


warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...