කොළඹ ඉසිපතන විදුහල අද (18 වැනිදා) සමත් විය.

අවසන් මහ තරගයේදී මහනුවර ත්‍රිත්ව විදුහලට එරෙහිව ලකුණු 12-09 ක තියුණු ජයක් වාර්තා කරමින් ඉසිපතන ක්‍රීඩකයෝ මෙවර ශූරතාවට හිමිකම් කීහ.
ඉසිපතන විදුහල ජනාධිපති කුසලාන රග්බි තරගාවලියක අවසන් මහ තරගයකට ක්‍රීඩා කළ 29 අවස්ථාව මෙය වූ අතර එහිදී ශූරතාව දිනූ 13 වැනි අවස්ථාවද මෙය විය.

ඉසිපතන විදුහල අවසන් මහ තරගයකදී ත්‍රිත්ව විදුහල පරාජය කරමින් ජනාධිපති කුසලානට හිමිකම් කී දෙවැනි අවස්ථාවද මෙය වන අතර මින් පෙර 2012 වසරේදීද ඔවුන්ට ජනාධිපති කුසලානට හිමිකම් කියා ඇත්තේ ත්‍රිත්ව විදුහල පරාජය කරමිනි.
කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම අවසන් මහ තරගය ආරම්භයේ සිටම ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර එහි පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 07-06 ක් ලෙස ඉසිපතන විදුහල ලකුණකින් පෙරමුණ ගත්තේය. එහිදී ඉසිපතන විදුහල ගෝල දිනුමක් මගින් ලකුණු රැස්කළ අතර ත්‍රිත්ව විදුහල ලකුණු රැස්කළේ දඬුවම් පහර දෙකක් මගිනි.
තරගයේ 10 වැන විනාඩියේදී ඉසිපතන විදුහල වෙනුවෙන් ආදිත්‍ය මධුෂාන් වාර්තා කළ උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කරගනිමින් එය ගෝල දිනුමක් බවට පත්කිරීමට සවිෂ්ක හිරාන් සමත් වූ අතර එම මෙම තරගයේදී වාර්තා වූ එකම ගෝල දිනුමද විය.
ත්‍රිත්ව විදුහල වෙනුවෙන් 13 වැනි සහ 18 වැනි විනාඩි වලදී දඬුවම් පහර දෙක සාර්ථක කරගනු ලැබුවේ ශාන් අල්තාෆ් විසිනි.
දෙවැනි අර්ධය ආරම්භ වීමෙන් අනතුරු 61 වැනි විනාඩියේදී ඩ්‍රොප් ගෝලයක් වාර්තා කරමින් ලකුණු 09-07 ක් ලෙස ත්‍රිත්ව විදුහල තරගයේ පෙරමුණට ගෙන ඒමට ශාන් අල්තාෆ් සමත් විය.
කෙසේ වුවත් තරගයේ අවසන් විනාඩියේදී ඉසිපතන විදුහල වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කළ යොවිඳු කොඩිතුවක්කු ලකුණු 12-09 ක් ලෙස සිය කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය.
(kelimandala.lk | ශානුක අරවින්ද)
ඡායාරූප - කුෂාන් පතිරාජ



