The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලයන්ස් ජාත්‍යන්තර නෙට්බෝල් ලීග් ශූරතාව වෙළඳ සේවා සංගමයට: අනුශූරියෝ ශ්‍රී ලයන්ස්

T

The Leader Desk

May 19, 2025 • 4:57 PM

ශ්‍රී ලයන්ස් ජාත්‍යන්තර නෙට්බෝල් ලීග් ශූරතාව වෙළඳ සේවා සංගමයට: අනුශූරියෝ ශ්‍රී ලයන්ස්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ’ තරගාවලියේ ශූරියන් වීමට වෙළඳ සේවා නෙට්බෝල් සංගමය ඊයේ සමත් වුණා.
  • ඔවුන් ශූරතාව දිනා ගත්තේ අවසාන තරගයේදී ශ්‍රී ලයන්ස් නෙට්බෝල් සමාජය ලකුණු 60-36කින් පරාජය කරමින්.
  • තරගයේ පළමු කාර්තුව අවසානයේ ලකුණු14-7කින් ඉදිරියෙන් සිටි එම කණ්ඩායම තරගයේ පළමු භාගය අවසන් විට ලකුණු 31-18ක් වාර්තා කර තිබුණා.
  • තෙවැනි කාර්තුව අවසානයේ වෙළඳ සේවා කණ්ඩායම ඉදිරියෙන් සිටියේ ලකුණු 46-23කින්.
අකුරු ප්‍රමාණය (Font Size):

2025’ තරගාවලියේ ශූරියන් වීමට වෙළඳ සේවා නෙට්බෝල් සංගමය ඊයේ සමත් වුණා. ඔවුන් ශූරතාව දිනා ගත්තේ අවසාන තරගයේදී ශ්‍රී ලයන්ස් නෙට්බෝල් සමාජය ලකුණු 60-36කින් පරාජය කරමින්.

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති අවසාන තරගයේ මුල සිටම පෙරමුණ ගැනීමට වෙළඳ සේවා නෙට්බෝල් ක්‍රීඩිකාවන් සමත් වුණා.

තරගයේ පළමු කාර්තුව අවසානයේ ලකුණු14-7කින් ඉදිරියෙන් සිටි එම කණ්ඩායම තරගයේ පළමු භාගය අවසන් විට ලකුණු 31-18ක් වාර්තා කර තිබුණා. තෙවැනි කාර්තුව අවසානයේ වෙළඳ සේවා කණ්ඩායම ඉදිරියෙන් සිටියේ ලකුණු 46-23කින්.

පසුගිය වසරේ පැවති මංගල තරගාවලියේ ශූරියන් වූ රාජ්‍ය සේවා නෙට්බෝල් සංගම් කණ්ඩායමට මෙවර හිමිවූයේ  තෙවැනි ස්ථානය.

මේ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට පිරිනැමෙන ‘තිලකා ජිනදාස අභියෝග කුසලානය’ මෙවර හිමිකර ගත්තේ වෙළඳ සේවා නෙට්බෝල් සංගම් කණ්ඩායමේ ගයානි දිසානායක. මීට අමතරව තරගාවලියේ හොඳම ආරක්ෂක ක්‍රීඩිකාව වශයෙන් ද සම්මානයට පාත්‍ර වීමට ඇය සමත් වුණා.

තරගාවලියේ පිරිනැමුනු අනෙකුත් ප්‍රධාන ශූරතා සියල්ල ද වෙළඳ සේවා නෙට්බෝල් සංගමයේ ක්‍රීඩිකාවන් විසින් දිනා ගැනීම විශේෂත්වයක්. ඒ අනුව තරගාවලියේ දක්ෂතම විදින්නිය (Shooter) ලෙස දර්ශිකා අබේවික්‍රම, හොඳම සෙන්ටර් කෝට් (Centre Court) ක්‍රීඩිකාව ලෙස දුලංගි වන්නිතිලක තේරුණු අතර අවසාන තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව වශයෙන් නම් කෙරුනේ ගයාන්ජලී අමරවන්ශ.

ඉතාමත් සාර්ථකව පැවති මේ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවන් තිදෙනෙකුට ඩුබායි සෙවන්ස් නෙට්බෝල් ලීගයේ ශ්‍රී ලයන්ස් ධජය යටතේ ක්‍රීඩා කිරීමේ මං විවර වුනා. එම සුදුසුකම ලබා ගත් ක්‍රීඩිකාවන් වූයේ ගයානි දිසානායක, ගයාන්ජලී අමරවන්ශ සහ හසිතා මෙන්ඩිස් (ශ්‍රී ලයන්ස්).

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු මහතා තිළිණ ප්‍රදානෝත්සවයට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූයේ ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයේ නිර්මාතෘ සහ සභාපති ආචාර්ය කැළුම් සුජිත් පෙරේරා මහතාගේ ආරාධනයෙන්.


warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 
netball
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...