The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඔලිම්පික් බිරිඳගේ මරණය සිදුකළ ලෝක පාපැදි ශූර සැමියාට දෙවසරක අත්හිටවූ සිරදඬුවමක්

T

The Leader Desk

May 22, 2025 • 10:06 AM

ඔලිම්පික් බිරිඳගේ මරණය සිදුකළ ලෝක පාපැදි ශූර සැමියාට දෙවසරක අත්හිටවූ සිරදඬුවමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හොස්කින්ස් ද හිටපු ලෝක පාපැදි ශූරියක්.
  • හැවිරිදි වියේ පසුවෙමින් සිටි ඇය ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර මේ යුවලගේ නිවස පිටතදී 2023 දෙසැම්බර් 30 වැනි දින මෝටර් රථයක ගැටීමෙන් පසුව මිය ගියා.
  • හැවිරිදි ඩෙනිස් ට වසරක්, මාස හතරක් සහ දවස් 28ක සිරදඬුවමක් නියම කර තිබෙන්නේ එය වසර දෙකකට අත්හිටුවමින්.
  • වරදකරු බවට පිළිගැනීම නිසා ඩෙනිස්ගේ සිරදඩුවම වසර දෙකයි මාස දෙකේ සිට අඩු කළ අතර ඔහුගේ රියැදුරු බලපත්‍රය වසර පහකට අත්හිටුවා තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

හොස්කින්ස් ද හිටපු ලෝක පාපැදි ශූරියක්. 32 හැවිරිදි වියේ පසුවෙමින් සිටි ඇය ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර මේ යුවලගේ නිවස පිටතදී 2023 දෙසැම්බර් 30 වැනි දින මෝටර් රථයක ගැටීමෙන් පසුව මිය ගියා. ඒ කාරය පදවමින් සිටියේ ඇයගේ සැමියා වන ඩෙනිස්.

34 හැවිරිදි ඩෙනිස් ට වසරක්, මාස හතරක් සහ දවස් 28ක සිරදඬුවමක් නියම කර තිබෙන්නේ එය වසර දෙකකට අත්හිටුවමින්. ඔහුගේ සිරදඬුවම මෙසේ අත්හිටුවා තිබෙන්නේ හානියක් සිදුවීමේ හැකියාවක් නිර්මාණය කිරීමේ බරපතලකම ඔහු පිළිගත් බැවින්.

 

හොස්කින්ස් ද හිටපු ලෝක පාපැදි ශූරියක්
හොස්කින්ස්ගේ ආරක්ෂාව පිළිබඳව ඩෙනිස් නොසලකා හැර තිබුනද, ඇගේ මරණයට ඔහුගේ සාපරාධී අයුරින් වගකීමක් නැති බව උසාවිය තීරණය කළා.

වරදකරු බවට පිළිගැනීම නිසා ඩෙනිස්ගේ සිරදඩුවම වසර දෙකයි මාස දෙකේ සිට අඩු කළ අතර ඔහුගේ රියැදුරු බලපත්‍රය වසර පහකට අත්හිටුවා තිබෙනවා. මීට අමතරව, ඩෙනිස්ව දෙවසරක හොඳ චර්යාවේ බැඳීමකට යටත් කර තිබෙන අතර ඒ අනුව ඔහු බන්ධනාගාරගත කෙරෙන්නේ නැහැ.

තම සැමියා සිද්ධිය වූ තැනින් පලා යාමට තැත් කරද්දී හොස්කින්ස් කාරය බදාගෙන සිටි අයුරු උසාවිය කළින් අසා තිබුණා. රථයේ වේගය හා දුර පිළිබඳව නිශ්චිතව කීමට අපහසු වූවත් හොස්කින්ස් බොනට්ටුව උඩ සිටියදී ඩෙනිස් පැයට කිලෝමීටර් 20ක පමණ වේගයකින් මීටර් 75ක් පමණ දුරක් වාහනය පදවාගෙන ගිය බවට තක්සේරු කර ඇතැයි විනිසුරුවරයා සඳහන් කළා.

“වාහනය පදවා ගෙන යද්දී එයින් ඇයට ශාරිරික අනතුරක් සිදුවිය හැකි තත්ත්වයත් හටගත් විට වාහනය නතර කිරීම ඔබේ යුතුකමක්. ඔබට එතැනින් යාමට උවමනා වූ නිසා ඔබ වාහනය නතර නොකිරීම ගැන ඔබ දක්වන හේතු ඉතා දුර්වලයි” විනිසුරුවරයා කියා සිටියා.

 

denis 241212

අනතුරුදායක ලෙස හා නොසැලකිලිමත්ව රිය පැදවීමෙන් මේ මරණය සිදු කිරීමේ බරපතල චෝදනා ඩෙනිස් ට එරෙහිව මීට කළින් ගොනුකර තිබුණා. මේ චෝදනා සමග උසාවිය ඉදිරියට කටයුතු නොකරන බවට 2024 දෙසැම්බරයේදී ප්‍රකාශ වුනා.

ඩෙනිස් තවමත් හොස්කින්ස් පවුලෙන් සමාව ගෙන නැති බව මෙලීසාගේ පියා පීටර් හොස්කින්ස් පැවසුවා. “වෙලාව ආවම ඒක සිද්ධ වෙයි කියලා මට සහතිකයි. හැමෝටම මේක අමාරු කාලයක් බව මම හිතනවා” යනුවෙන් පීටර් කියා සිටියා.

 



ඩෙනිස් සිරගත කිරීම තමාගේ අරමුණ නොවූ බවත් එමගින් යුවලගේ දරුවන්ට සෘණාත්මක බලපෑමක් ඇතිවිය හැකි බවත් ඔහු ප්‍රකාශ කළා.

6d481d75c4c35587925dda5d9eeb837c

“මෙතැනින් ඉදිරියට යන්නයි දැන් අපිට තියෙන්නේ. මෙලීසාගේ බලාපොරොත්තුව වනු ඇත්තේත් එයයි” යනුවෙන් ඔහු පැවසුවේ ඩෙනිස් ජීවිතයේ ඉදිරියට යාම පිළිබඳව ඔහු සමග හොඳ හැසිරීමකින් යුත් සම්බන්ධතාවක් තමාගේ පවුලේ අය තුළ තිබීම වැදගත් බව කියමින්.

“මේ ඛේදවාචකයට හසුව සිටින තරුණ ළමයින් දෙන්නෙක් ඉන්නවා” යැයි පීටර් හොස්කින්ස් පැවසුවා. “පැහැදිලිවම, ඒ දරුවන්ගේ ජීවිත හා ඔවුන්ගේ අනාගතයේ පූර්ණ කොටසක් වශයෙන් දිගටම ඉන්න අපට අවශ්‍යයි.”

240102 Melissa Hoskins se 145p c0bc95

2012 සහ 2016 ඔලිම්පික් උළෙලන්හි ඔස්ට්‍රේලියාව නියෝජනය කළ හොස්කින්ස් 2015 වසරේ ලෝක ශූරතාවලියේ රන් පදක්කම දිනා ගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩිකාවකව සිටියා. මේ ධාවන පථ හා මාර්ග ධාවන රේසිං පාපැදි ක්‍රීඩිකාව 2012, 2013 හා 2014 ලෝක ශූරතාවලියන්හිදී කණ්ඩායම් රිදී පදක්කම් තුනක් හා ලෝකඩ පදක්කමක් ද දිනා ගත්තා.

2017 වසරේදී පාපැදි තරග බිමෙන් විශ්‍රාම ගිය පර්ත් නුවර වැසියකු වන මෙලීසා 2012 සහ 2014 අතර කාලය තුළ කණ්ඩායම් කාලය මැනීමේ තරගවලින් මාර්ග පාපැදි ලෝක රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් හිමිකර ගැනීමට සමත් වුණා.

 

2a55840daf04be2fdd9dc80dcb06ebb6

මේ අතර, රොහාන් ඩෙනිස්, 2012 සහ 2020 අතර කාලයේදී පිට පිට ඔලිම්පික් ක්‍රීඩා උළෙලන් තුනකට සහභාගි වූයේ 2012 ලන්ඩනයේදී රිදී පදක්කමක් හා ඊට වසර අටකට පසුව ටෝකියෝ හි දී ලෝකඩ පදක්කමක් දිනා ගනිමින්. 2023 පෙබරවාරියේ තමාගේ විශ්‍රාම යාම නිවේදනය කිරීමට පෙර ඔහු පාපැදි තරග බිමේ ග්‍රෑන්ඩ් සවාරි තුනේදී ම අදියර ජයග්‍රහණ වාර්තා කළා.



මෙම පුවතට අදාල තවත් විස්තර

ලෝක පාපැදි ශූරී බිරිඳගේ මරණය සිදුකිරීම ලෝක පාපැදි ශූර සැමියා පිළිගනී


warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...