The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

බොක්සිං ලෝකය හඬවමින් එංගලන්ත ක්‍රීඩිකාව අඩු වයසේදී පිළිකාවට පරදී

T

The Leader Desk

May 23, 2025 • 10:44 AM

බොක්සිං ලෝකය හඬවමින් එංගලන්ත ක්‍රීඩිකාව අඩු වයසේදී පිළිකාවට පරදී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහ බඩවැල ඉදිමීමේ රෝගය සමග කළින් සටන් කළ එංගලන්තයේ ඩරම් නගරයේ පදිංචි මේ ක්‍රීඩිකාව තමාට පිළිකාවක් තිබෙන බව අනාවරණය කළේ මේ වසර මුල ජනවාරියේ.
  • කණිෂ්ඨ මට්ටමෙන් සාර්ථක ආධුනික බොක්සිං දිවියක් තිබූ ඔකොන 2017 වසරේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් දිනා ගත්තා.
  • පසුව, බොක්සිං ප්‍රවර්ධක බෙන් ෂැලොම්ගේ (Ben Shalom) බොක්සර් (Boxxer) ආයතනය සමග වෘත්තීය බොක්සිං ක්‍රීඩිකාවක බවට පත්වූ ඇය සහභාගි වූ වෘත්තීය තරග තුනෙන් ම අපරාජිතව සිටීමට සමත් වුණා.
  • ජෝර්ජියා ඔකොන බොක්සිං වළල්ල තුළ මෙන්ම ඉන් පිටතදීත් සැබෑ රණ ශූරියකව සිටි බවත් ඇගේ මිය යාමෙන් බොක්සිං ප්‍රජාවට සහජ කුසලතාවක් තිබෙන, නිර්භීත හා අධිෂ්ඨානයෙන් පිරුණු තරුණ කාන්තාවක් ඉතා ඉක්මනින් අහිමි වූ බවත් Boxxer නිවේදනයක් මගින් කියා තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

මහ බඩවැල ඉදිමීමේ රෝගය සමග කළින් සටන් කළ එංගලන්තයේ ඩරම් නගරයේ පදිංචි මේ ක්‍රීඩිකාව තමාට පිළිකාවක් තිබෙන බව අනාවරණය කළේ මේ වසර මුල ජනවාරියේ.
 
a5193230 373d 11f0 a5ca 3b23cbd75bec
කණිෂ්ඨ මට්ටමෙන් සාර්ථක ආධුනික බොක්සිං දිවියක් තිබූ ඔකොන 2017 වසරේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් දිනා ගත්තා.

පසුව, බොක්සිං ප්‍රවර්ධක බෙන් ෂැලොම්ගේ (Ben Shalom) බොක්සර් (Boxxer) ආයතනය සමග වෘත්තීය බොක්සිං ක්‍රීඩිකාවක බවට පත්වූ ඇය සහභාගි වූ වෘත්තීය තරග තුනෙන් ම අපරාජිතව සිටීමට සමත් වුණා.
NINTCHDBPICT000997153483
 
ජෝර්ජියා ඔකොන බොක්සිං වළල්ල තුළ මෙන්ම ඉන් පිටතදීත් සැබෑ රණ ශූරියකව සිටි බවත් ඇගේ මිය යාමෙන් බොක්සිං ප්‍රජාවට සහජ කුසලතාවක් තිබෙන, නිර්භීත හා අධිෂ්ඨානයෙන් පිරුණු තරුණ කාන්තාවක් ඉතා ඉක්මනින් අහිමි වූ බවත් Boxxer  නිවේදනයක් මගින් කියා තිබෙනවා.

දක්ෂතාවලින් පරිපූර්ණ බොක්සිං ක්‍රීඩිකාවක් හා ආධුනික බොක්සිං ප්‍රජාවගේ ඉමහත් ආදරයට ලක්වූ මේ ක්‍රීඩිකාව පොදුරාජ්‍ය මණ්ඩල යොවුන් ක්‍රීඩා උළෙලට අමතරව යොවුන් ලෝක ශූරතාවලිය හා යුරෝපීය ශූරතාවලියේ ද පදක්කම් දිනා ගත්තා.
 
මීට සති දෙකකට පෙර මැයි 9 වැනිදා ඔකොන, තමා තමාගේ පෙම්වතා වන ඇඩ්රිආනෝ කර්ඩිනාලි (Adriano Cardinali) සමග විවාහ වූ බවත් තමාගේ පෙළපත් නාමය කර්ඩිනාලි (Cardinali) යනුවෙන් වෙනස් කළ බවත් ඇයගේ අවසන් ‘ඉන්ස්ටග්‍රෑම්’ පෝස්ටුවෙන් කියා තිබුණා.

ඇයට පිළිකාවක් වැළඳ තිබෙන දැනගැනීමෙන් පසුවත් ඇය අතනොහැර සිටි ඇගේ ආදර්ශමත් පෙම්වතා ඇය මරණාසන්නව සිටියදීත් ඇයව විවාහ කර ගත්තේ උතුම් ආදර අන්දරයක් නොමැකෙන අයුරින් ලියා තබමින්.
0 georgiaPNG
 
තමාගේ මංගල මුදුව සමග පිංතූරයක් පෝස්ට් කරමින් ඇය මෙසේ සටහන් කර තිබුණා: “මම මගේ ජීවිතයේ ආදරය විවාහ කරගත් දවස.”

ඒ සමග ඇයට සුභ පැතුම් ගලා ආවේ මේ ප්‍රබෝධමත් ඩරම් වීරවරිය පසුපස බොක්සිං ප්‍රජාව රොද බැඳ ගනිමින්.

පෙබරවාරියේදී ඔකොන ඇගේ ‘සුපර් වීර’ ඇඩ්රිආනෝ ට ප්‍රසන්න ප්‍රශංසාවක් කරමින් මෙසේ පෝස්ට් කළා: “අන් සියල්ලටම වඩා ඔබට ආදරය කරන පිරිමියෙක් ඉන්නවා නම්, ඔබව ඔහුගෙන් වෙන් කිරීමට උත්සාහ කරන මුළු ලෝකයක් වුනත් ගිනිතියන්න සූදානම් කෙනෙක් ඔබට ඉන්නවා නම්, එයාව හොඳින් අල්ලගෙන ඉන්න. මොකද, එවැනි ආදරයක්  හරිම දුර්ලභයි.”

“මට පිළිකාවක් තිබෙන බවට සොයාගත් මොහොතේ සිට, ඇඩ්රිආනෝ පසුබට වුනේ නැහැ. තත්පරයක්වත් නොසිතා එයා එයා‌ගෙ රස්සාවෙන් අස්වෙලා මාත් එක්ක මේ සටන කිරීම ඔහුගේ කාර්යය බවට පත්කර ගත්තා.”

“එයා මගේ පසෙකින් සිටියා පමණක් නෙවෙයි. මේ සටනේ මූලිකත්වය ගත්තේත් එයායි. මාව බේරාගන්න එයාට පුළුවන් හැම දෙයක්ම කළා...”
 
NINTCHDBPICT000997153470
“හැම විකල්පයක්ම ලුහුබඳිමින් දිවා රාත්‍රියේ පර්යේෂණ කරමින් මේ සටන ජය ගන්න මට තියෙන සෑම අවස්ථාවක්ම මට ලැබෙන බවට එයා වගබලා ගත්තා.”

“මේ වගේ ආදරයක් මම කවදාවත් දැන සිටියේ නැහැ. පසුබට නොවන, නොකැඩෙන, මොහොතකටවත් පැකිළෙන්නේ නැති ආදරයක්. ‘මොකක් සිද්ධ වුනත් අපි මේක එකතු වෙලා කරමු, රාත්‍රිය කොතරම් අඳුරු වුනත්, ඉදිරි දවස් කොච්චර දුෂ්කර වුනත් අපි එකට ඉමු, ඔයාට මම ඉන්නවා, මට ඔයා ඉන්නවා!’ කියලා කියන ආදරයක්.”

“ඇඩ්රිආනෝ...ඔයා තමයි මගේ සුපිරි වීරයා. මගේ රණවිරුවා, මගේ ආරක්ෂකයා, මගේ ආත්මගත මිත්‍රයා.”
 
former professional boxer georgia oconnor 997153478
“ඔයා මට කොච්චර වටිනවාද, මම ඔයාට කොච්ර ආදරේද, මම ඔයාට කොච්චර ස්තූතිවන්ත වනවාද, මට ඔයාව කොච්චර ඔ්නද කියලා තේරුම් කර දෙන්න තරම් ශක්තිමත් වචන මට නැහැ.”

“මගේ ආරක්ෂක ස්ථානය ඔබයි. මගේ නිවස ඔබයි. මම දසදහස් වාරයක් ලෝකය පීරලා හෙව්වත් කවදාවත් ඔයා වගේ කෙනෙක් හොයාගන්න මට බැරිවෙයි.” “අපි මුහුණ දුන් හැම දෙයකටම අපි එකට යමු. හැම සටනක්ම, හැම ජයග්‍රහණයක්ම අපි එකට විඳගමු.”

“අපි ඒ සියල්ල එකට අත්වැල් බැඳගෙන ලබාගමු. අපි දිනනවා. මගේ නියම කුමාරයා. මම ජීවත් වෙන්න හේතුව. මගේ සදාකල් මිතුරා.”
 
0 GettyImages 1389165245
ජෝර්ජියා ඔකොන දක්ෂ බොක්සිං ක්‍රීඩිකාවක් පමණක් නොව තෙවතාවක ජාතික ටේක්වොන්ඩෝ ශූරියක් සහ අපරාජිත කික් බොක්සිං ක්‍රීඩිකාවක්.

ක්‍රීඩා නොකරන විට ගිටාරය වාදනය කළ ඇය සිංදු කීමෙන් හා සමාජ මාධ්‍යයේ වීඩියෝ පෝස්ට් කරමින් විනෝදයක් ලැබුවා.
පිළිකාව සමග අවසානය දක්වා මහත් වෙහෙසකාරී සටනක යෙදුනු මේ ලස්සන යුවතිය දැන් පහසුවෙන් සැතපෙනවා.

2019 පරාජයෙන් පළිගැනීමට එංගලන්තය මාන බලයි(සටහන | වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බොක්සිං ලෝකය හඬවමින් එංගලන්ත ක්‍රීඩිකාව අඩු වයසේදී පිළිකාවට පරදී | The Leader