ජාතිවාදී අපහාස කිරීම්වලට දැඩි අප්‍රසාදය පළ කරමින් ස්පාඤ්ඤයේ අධිකරණයක් මේ ෙඒතිහාසික නඩු තීන්දුව දී තිබෙන්නේ 2022 වසරේ පැවැති ලීග් පාපන්දු තරගයකදී ජූනියර් ට ජාතිවාදී අයුරින් අපහාස කිරීමේ චෝදනාවට මේ ක්‍රීඩා ලෝලීන් පස් දෙනා වරදකරු බවට තීරණය කරමින්.
විනීසියස් ජූනියර්
මේ ක්‍රීඩා ලෝලීන් පස් දෙනාට වසරක සිරදඬුවමක් හා යුරෝ 1,620ක් (ඩොලර් 1,837) දක්වා වන දඩයක් නියම කර තිබෙනවා. ඔවුන් කිසිම වරදක් සිදු නොකිරීම හෝ වසර තුනක් ගතවන තෙක් නිල ජාතික තරගාවලියන්ට සත්කාරකත්වය දක්වන පාපන්දු ක්‍රීඩාංගණවලට ඔවුන් නොපැමිණීමේ කොන්දේසි මත මේ සිරදඬුවම් කාලය අත්හිටුවා තිබෙනවා.
ක්‍රීඩාවෙන් ජාතිවාදය අතුගා දැමීම වෙනුවෙන් ගත් පළමු ස්ථිර පියවර මේ නඩු තීන්දුව බව ස්පාඤ්ඤ පාපන්දු ලීගය ප්‍රකාශ කරනවා.
“මේ නඩු තීන්දුව නියෝජනය කරන්නේ ස්පාඤ්ඤ ක්‍රීඩාවේ තිබෙන වර්ගවාදයට එරෙහි සටනේ පෙර නොවූ විරූ සන්ධිස්ථානයක්” යනුවෙන් ලීගය පවසනවා.
පසුගිය වසරේදී, විනීසියස් ජූනියර් ට ජාතිවාදී අපහාස සිදු කිරීමේ වරද පිළිගත් වෙලෙන්සියා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩා ලෝලීන් තිදෙනෙකුට අට මසක සිරදඬුවම් නියම කෙරුනා.

එය ස්පාඤ්ඤයේ වෘත්තීය පාපන්දුවේ ජාතිවාදයට අදාළ පළමු දඬුවම් පැමිණවීම වූවද එය වෛරී අපරාධය මත පදනම්ව තිබුනේ නැහැ. වෙලෙන්සියා ක්‍රීඩා ලෝලීන් වැරදිකරුවන් වූයේ ජාතිවාදී චේතනාව මත පදනම් වූ බරපතල විවේචන තත්ත්වය සමග සදාචාර අවංකත්වයට එරෙහි අපරාධයටයි.
ජාතිවාදී අපහාසයට සම්බන්ධ වෛරී අපරාධය මේ නඩු තීන්දුවෙන් පැහැදිලිව සඳහන්ව තිබීම යන සාධකය මගින් පාපන්දුව තුළ නොඉවසීමට ඉඩක් නැති බවට පණිවුඩයක් දී තිබෙන බව ලීගය සඳහන් කරනවා.
වයඩලේඩ් පාපන්දු ලෝලීන්ට එරෙහිව පළමුව පැමිණිල්ල ගොනුකළේ ස්පාඤ්ඤ පාපන්දු ලීගය යි. පසුව ක්‍රීඩකයා, රේආල් මෙඩ්රිඩ් ක්‍රීඩා සමාජය හා රජයේ පැමිණිලි කාර්යාලය එම නඩුවට එක්වුනා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.comර



