The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ආසියානු මලල ක්‍රීඩා උළෙල : අවලංගු කළ ලෝකඩ පදක්කම යළි ශ්‍රී ලංකාවට

T

The Leader Desk

May 29, 2025 • 5:29 AM

ආසියානු මලල ක්‍රීඩා උළෙල : අවලංගු කළ ලෝකඩ පදක්කම යළි ශ්‍රී ලංකාවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු කොරියාවේ ගුමී නුවරදී පැවැත්වෙන 26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී තරග නීති රීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත ශ්‍රී ලංකාවට අහිමි කළ මීටර 400 × 4 ( මිශ්‍ර) සහය දිවීමේ ලෝකඩ පදක්කම ඊට එරෙහිව ඉදිරිපත්වූ අභියාචනාව පිළි ගැනීමෙන් පසුව යළි ශ්‍රී ලංකාවට හිමි විය.
  • ඒ විනාඩි 3 තත්පර 18.12 කටය.
  • සදෙව් රාජකරුණා, සයුරි මෙන්ඩිස්, කාලිංග කුමාරගේ හා නිෂේන්ද්‍රා ප්‍රනාන්දු ඊයේ ශ්‍රී ලංකා මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායමේ ධාවනයේ යෙදෙමින් විනාඩි 3 තත්පර 21.95 කට ලෝකඩ පදක්කම දිනා ගත්හ.
  • විනාඩි 3 තත්පර 20.52 කට එහි රිදී පදක්කම චීනය හිමි කර ගත් බව ඒ අනුව නිල වශයෙන් ප්‍රකාශ විය.
අකුරු ප්‍රමාණය (Font Size):

දකුණු කොරියාවේ ගුමී නුවරදී පැවැත්වෙන 26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී තරග නීති රීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත ශ්‍රී ලංකාවට අහිමි කළ  මීටර 400 × 4 ( මිශ්‍ර) සහය දිවීමේ ලෝකඩ පදක්කම ඊට එරෙහිව ඉදිරිපත්වූ අභියාචනාව පිළි ගැනීමෙන් පසුව යළි ශ්‍රී ලංකාවට හිමි විය.

එහිදී ශ්‍රී ලංකාවෙන් ඉවත් කළ  ලෝකඩ පදක්කම කළින් ප්‍රදානය කර තිබුණේ දකුණු කොරියාවටයි.

කෙසේවූවත් තරග නීති උල්ලංඝණය කිරීමේ චෝදනා ලැබීමෙන් පසුව මුල් ප්‍රතිපල ලේඛනයෙන් ඉවත් කළ ශ්‍රී ලංකාව සමග චීනයද ඊට එරෙහිව අභියාචනා ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව ඉසව්වේ සංශෝධිත අවසන් ප්‍රතිපලයට අනුවත් එහි රන් පදක්කම දිනා තිබුණේ ඉන්දියාව විසිනි. ඒ විනාඩි 3 තත්පර 18.12 කටය.

WhatsApp Image 2025 05 28 at 16.29.51 ea9ae5e2
සදෙව් රාජකරුණා, සයුරි මෙන්ඩිස්, කාලිංග කුමාරගේ හා නිෂේන්ද්‍රා ප්‍රනාන්දු ඊයේ ශ්‍රී ලංකා මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායමේ ධාවනයේ යෙදෙමින් විනාඩි 3 තත්පර 21.95 කට ලෝකඩ පදක්කම දිනා ගත්හ.

විනාඩි 3 තත්පර 20.52 කට එහි රිදී පදක්කම චීනය හිමි කර ගත් බව ඒ අනුව නිල වශයෙන් ප්‍රකාශ විය.

ශ්‍රී ලංකා හා චීන සහය දිවීමේ කණ්ඩායම් ඉවත් කරමින් නිකුත් කර තිබූ ඉසව්වේ මුල්  ප්‍රතිපල ලේඛනයට අනුව රිදී පදක්කම හා ලෝකඩ පදක්කම පිළිවෙලින් දිනා තිබුණේ කසකස්ථානය හා දකුණු කොරියාව විසිනි.

ශ්‍රී ලංකාව පසු ගිය (2023 - බැංකොක්) තරගාවලියේදී මෙහි රිදී පදක්කම දිනා ගැනීමට සමත්ව තිබේ.

කාලිංග කුමාරගේ ලෝකඩ පදක්කම දිනාගනී 


New Project 8 592172

මේ අතර ශ්‍රී ලංකාව මෙවර ආසියානු තරගාවලියේ ඊයේ වන විට දිනා තිබූ සෙසු ලෝකඩ පදක්කම මීටර 400 ක්‍රීඩක කාලිංග කුමාරගේ තත්පර 45.55 කට හිමි කර ගෙන තිබුණි.

කාලිංග අවසන් තරගයට නිර්දේශ ලැබුවේ ඉසව්වේ මූලික වටයේදී තත්පර 46.59 ක කාලයක් හා අවසන් පූර්ව වටයේදී තත්පර 45.74 ක නිර්දේශ කාලයන් දෙකක් වාර්තා කරමිණි.

එහිදී අවසන් පූර්ව හා අවසන් තරග දෙකේම ඔහුගේ කාලයන් වාර්තා වූයේ මේ තරග සමයේ මෙතෙක් හොදම කාල අගයන් ලෙසයි.
 
images 2025 05 29T105436.227කාලිංග කුමාර
මේ අතර තරගාවලියේ වාර්තාවූ වැදගත්ම සිදුවීමක් වූයේ ගිය වර (2023) තරගාවලියේ මීටර 400 (කාන්තා) ඉසව්වේ රන් පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකා 30 හැවිරිදි නදීෂා රාමනායකගේ පරාජයයි. එහිදී ඉසව්වේ අවසන් තරගයේදී තත්පර 54.70 කට ඇය හත් වැනි ස්ථානය දක්වා පහළට ඇද වැටුණි.
මෙහි රන් පදක්කම දිනා ගත්තේ ජපන් ක්‍රීඩිකා නනාකෝ මට්සුමොටෝ විසිනි. ඒ තත්පර 52.17 කටය. නදීෂා මෙහි රන් පදක්කම ගිය වර දිනා ගත්තේ  තත්පර 52.61 ක සිය එතෙක් හොදම ඉසව්වේ දක්ෂතාවය වාර්තා කරමිණි.

මීටර 100 (පිරිමි) ඉසව්වේ අවසන් පූර්ව තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක චමෝද් යෝධසිංහ අවසන් තරගයට නිර්දේශ ලබා ගැනීමට සමත් නොවීය. ඔහු එහිදී වාර්තා කළ කාලය තත්පර 10.46 කි. චමෝද් එහිදී මූලික වටයේදී තත්පර10.40 ක වැඩි වේගයක් වාර්තා කරමින් අවසන් පූර්ව තරගයට නිර්දේශ ලැබීය.

මීටර 100 (පිරිමි) ඉසව්වේ අවසන් තරගය තත්පර 10.20 කට ජය ගත් ජපන් ක්‍රීඩක හිරෝකී යනගිටා ආසියාවේ අළුත්ම වේගවත්ම මිනිසා බවට පත් විය. චීන ක්‍රීඩිකා ලියෑන්ග් ඉයාඕජින්ග් තත්පර 11.37 කට මීටර 100 (කාන්තා) ඉසව්වේ රන් පදක්කම ඊයේ දිනා ගනිමින් ආසියාවේ වේගවත්ම කාන්තාව බවට පත්වූවාය.

අද (29) තරගයේ තෙවැනි දිනයයි. ශ්‍රී ලංකා ක්‍රීඩක ලෙසදු ආතාවිදු තරග වදින උස පැනීම (පිරිමි) ඉසව්ව ඇතුළුව ශ්‍රී ලංකාව සහභාගි වන සහය දිවීමේ ඉසව් කීපයක අවසන් තරගත් අද පැවැත්වේ
 



( kelimandala.lk | නාමල් පතිරගේ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආසියානු මලල ක්‍රීඩා උළෙල : අවලංගු කළ ලෝකඩ පදක්කම යළි ශ්‍රී ලංකාවට | The Leader