The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ග්වේන් හේරත් : කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ නොමැකෙන සඳවත

T

The Leader Desk

May 29, 2025 • 5:52 AM

ග්වේන් හේරත් : කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ නොමැකෙන සඳවත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංගමය පිහිටුවමින් එහි ආරම්භක සභාපතිනිය ලෙස වසර 10 ක් කටයුතු කළ ග්වේන් හේරත් පුත්තලම දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් සංගමයේ සභාපතිනිය ලෙසින් වසර 15 ක කාලයක් එක දිගට කටයුතු කළාය.
  • එහෙත් වසර 2004 දී, එවකට ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි ජීවන් කුමාරතුංගගේ ආශිර්වාදය ඇතිව තවත් කාන්තා ක්‍රිකට් සංගමයක් නිර්මාණය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව දෙකඩ වීම සම්බන්ධයෙන් ග්වේන් හේරත් දැඩි කළකිරීමෙන් සිටියාය.
  • එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු ඇමතිවරයකු වූ හැරල්ඩ් හේරත් හා විවාහ වීමෙන් පසුව ග්වේන් හේරත් ලෙසින් හැඳින්වුණ නමුත් ඇය කලක් ශ්‍රී ලංකාවේ සුප්‍රකට නිළියක ව සිටියේ අයේෂා වීරකෝන් නමිනි.
  • දශකයේදී තිරගත වූ ‘ප්‍රේම තරගය’ ඇතුළු චිත්‍රපට කිහිපයක ඇය රඟපෑවද පසුව සිනමාවෙන් ඈත් වූවාය.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංගමය පිහිටුවමින් එහි ආරම්භක සභාපතිනිය ලෙස වසර 10 ක් කටයුතු කළ ග්වේන් හේරත්  පුත්තලම දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් සංගමයේ සභාපතිනිය ලෙසින් වසර 15 ක කාලයක් එක දිගට කටයුතු කළාය.

ග්වේන් හේරත් ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා සිය ජීවිත කාලය කැප කළ කාන්තාවකි.

එහෙත් වසර 2004 දී, එවකට ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි ජීවන් කුමාරතුංගගේ ආශිර්වාදය ඇතිව තවත් කාන්තා ක්‍රිකට් සංගමයක් නිර්මාණය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව දෙකඩ වීම සම්බන්ධයෙන් ග්වේන් හේරත් දැඩි කළකිරීමෙන් සිටියාය.

එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු ඇමතිවරයකු වූ හැරල්ඩ් හේරත් හා විවාහ වීමෙන් පසුව ග්වේන් හේරත් ලෙසින් හැඳින්වුණ නමුත් ඇය කලක් ශ්‍රී ලංකාවේ සුප්‍රකට නිළියක ව සිටියේ අයේෂා වීරකෝන් නමිනි.


1950 දශකයේදී තිරගත වූ ‘ප්‍රේම තරගය’ ඇතුළු චිත්‍රපට කිහිපයක ඇය රඟපෑවද පසුව සිනමාවෙන් ඈත් වූවාය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංගමය 1996 දී පිහිටුවන ලද්දකි. එය පිහිටුවීමට යාමේදී බලවත් දුෂ්කරතා රැසකට මුහුණ දුන් නමුත් ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට හඬක් මෙන්ම ශක්තිමත් ව්‍යුහයක් නිර්මාණය කළ ග්වේන් හේරත් මහත්මිය ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට බලාපොරොත්තුවක් ලබා දුන්නාය. දශකයක් පුරා පැවැති ග්වේන් හේරත්ගේ නායකත්වය ඇතුළත ශ්‍රී ලංකා කාන්තාවෝ ටෙස්ට් තරගයකට සහ ලෝක කුසලාන තරගාවලි තුනකට සහභාගි වූහ.

ඇයගේ මඟ පෙන්වීම යටතේ, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 1997, 2000 සහ 2005 වසර වලදී ලෝක කුසලාන තරගාවලි තුනකට සහභාගි විය. 1998 වසරේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම (පාකිස්තානයට එරෙහිව) කාන්තා ටෙස්ට් තරගයකටත් සහභාගි වී එම තරගයෙන් ලකුණු 309 ක ජයක් අත්කර ගත්තේය. එම කාලය පුරාම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝකයේ රටවල් 13 ක් අතුරින් ශ්‍රේණිගත 6 වැනි ස්ථානයේ සිටියේය.

 කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කළ අමිල මෙහෙවර වෙනුවෙන් 2023 ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සම්මාන උලෙළකදී ඇයට ජීවිතයේ එක්වරක් පමණක් පිරිනැමෙන සම්මානය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා විසින් පිරිනමන ලදි 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංගමයේ සභාපතිනිය වශයෙන් ග්වේන් හේරත් ගත් දුෂ්කරම තීරණවලින් එකක් වූයේ 2006 දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමගින් සහසම්බන්ධ වීමයි.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නියමය අනුව එය සිදුවූවත් ඒ වන විට පැවැති දේශපාලනික අතපෙවීම් හේතුවෙන් හේරත් දැඩි කළකිරීමෙන් සිටියාය. ඇය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව අතහැර යාමට මුල්වුයේත් දේශපාලනික කරුණා කාරණා සමුදායකි.

කෙසේ වෙතත්, හේරත් අපේක්‍ෂා කළ පරිදිම, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් (ආයතනය) හා සහසම්බන්ධ වීමෙන් පසුව ඊට වඩාත් හොඳ පහසුකම් මෙන්ම මූල්‍ය ස්ථාවරත්වයක් ලැබිණ. එකම අඩුව වූයේ කාන්තා ටෙස්ට් තරග වලට සහභාගි වීමේ අවස්ථාව අහිමි වීමයි.  

 

148269247 3743695069001295 4605975018255678393 n

ප්‍රතිලාභ අපේක්‍ෂාවකින් තොරවම වසර ගණනාවක් ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඇප කැප වී කටයුතු කළ ග්වේන් හේරත්  විසින් සිය ජීවිතයේ වඩාත්ම තෘප්තිමත් අවස්ථාවක් ලෙසින් සලකන ලද්දේ 2023 දී සම්භාවනාවට පාත්‍ර වීමයි. 

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කළ අමිල මෙහෙවර වෙනුවෙන් 2023 ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සම්මාන උලෙළකදී ඇයට ජීවිතයේ එක්වරක් පමණක් පිරිනැමෙන සම්මානය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා විසින් පිරිනමන ලදි.


ග්වේන් හේරත් අවසන් කටයුතු ඊයේ  (28 වැනිදා) බොරැල්ල කනත්තේදී සිදුකෙරින.


( kelimandala.lk| දමින්ද විජේසූරිය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...