The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ක්‍රිකට් පිටිය මැද ගහගැනීමක්: දකුණු අප්‍රිකානු පන්දු යවන්නාගෙන් බංග්ලාදේශ පිතිකරුවාට පහර දීමක්

T

The Leader Desk

May 29, 2025 • 10:04 AM

ක්‍රිකට් පිටිය මැද ගහගැනීමක්: දකුණු අප්‍රිකානු පන්දු යවන්නාගෙන් බංග්ලාදේශ පිතිකරුවාට පහර දීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බංග්ලාදේශයේ ධකා නුවරින් වාර්තා වනවා.
  • මේ අශෝභන සිදුවීම ඇතිවූයේ බංග්ලාදේශය හා දකුණු අප්‍රිකාවේ නැගී එන ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති සිවුදින තරගයේ.
  • සිද්ධිය හටගත්තේ 22 හැවිරිදි බංග්ලාදේශ පිතිකරු රිපන් මොන්ඩෝල් (Ripon Mondol) සහ දකුණු අප්‍රිකා වේග පන්දු යවන 29 හැවිරිදි චිපෝ ටූලි (Tshepo Ntuli) අතර හටගත් උණුසුම් වචන හුවමාරුවෙන්.
  • මේ ක්‍රීඩකයින් දෙදෙනා පළමුව එකිනෙකා තල්ලු කිරීමට පටන් ගත් අතර සැණින් එය ඊට වඩා ලොකු පොරයකට හැරුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

බංග්ලාදේශයේ ධකා නුවරින් වාර්තා වනවා.

මේ අශෝභන සිදුවීම ඇතිවූයේ බංග්ලාදේශය හා දකුණු අප්‍රිකාවේ නැගී එන ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති සිවුදින තරගයේ. බංග්ලාදේශය පන්දුවට පහර දෙමින් සහ දකුණු අප්‍රිකාව පන්දු යවමින් සිටියදී, දෙපිලේම ක්‍රීඩකයින් විවාදයක පැටලුනේ පිටිය මැද ගහගැනීමකට මුල පුරමින්.

සිද්ධිය හටගත්තේ 22 හැවිරිදි බංග්ලාදේශ පිතිකරු රිපන් මොන්ඩෝල් (Ripon Mondol) සහ දකුණු අප්‍රිකා වේග පන්දු යවන 29 හැවිරිදි චිපෝ ටූලි (Tshepo Ntuli) අතර හටගත් උණුසුම් වචන හුවමාරුවෙන්. ක්ෂණයකින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයන් ද පොරයට සම්බන්ධ වුනා.

south africa vs Bangladesh
චිපෝගේ පන්දුවට රිපන් කෙළින්ම හයේ පහරක් එල්ල කිරීම මේ සිදුවීමට හේතුව වී ති‌බෙනවා. මෙයින් පන්දු යවන්නා සහ පිතිකරුවා අතර එකිනෙකා දෙස රවා බැලීමක් ආරම්භ වුනා. රිපන් තණතීරුවේ අනෙක් අන්තයේ සිටි ඔහුගේ පිතිකරණ සගයා වෙත යද්දී චිපෝ බංග්ලාදේශ පිතිකරුවා දෙසට කඩා වැදුනා.

මේ ක්‍රීඩකයින් දෙදෙනා පළමුව එකිනෙකා තල්ලු කිරීමට පටන් ගත් අතර සැණින් එය ඊට වඩා ලොකු පොරයකට හැරුනා. පිටියේ තරග විනිසුරු Kamruzzaman සිද්ධියට මැදිහත් වීමට උත්සාහ කළ ද චිපෝ කිහිප වතාවක්ම රිපන්ගේ හෙල්මටය බලයෙන් අල්ලා ගෙන එය අදින අයුරු දිස්වුනා. මේ සිද්ධිය දෙස බලා සිටි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද සටනට සම්බන්ධ වෙමින් රිපන් වෙත කඩා වදින චිපෝ සමග එක්වන අයුරු වීඩියෝවෙන් පෙන්නුම් කරනවා. එවිට රිපන් ඔහුගේ හෙල්මටය හිසෙන් ඉවත් කළා.

6a608gas ripon mondol ntuli 625x300 28 May 25
සටන එතැනින් නතර වුනේ නැහැ. පන්දු තුනකට පසුව, චිපෝ එවූ පන්දුවට රිපන් ආරක්ෂාකාරී පියවරක් ගැනීමෙන් පසුව පන්දුව අතට ගත් චිපෝ එයින් රිපන් ට දමා ගැසුවා. පන්දුව එන දෙසින් ඉවත් වීමට පිතිකරුවා සමත් වුනා.

ක්‍රිකට් තරග බිමක සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන මේ අශෝභන සිද්ධිය පිළිබඳව නිල වශයෙන් පියවරක් ගැනීමට පෙර තරග තීරකවරයා විසින් මේ පිළිබඳ වාර්තාවක් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයට සහ දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

warnan Gunasekara
සටහන | වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ක්‍රිකට් පිටිය මැද ගහගැනීමක්: දකුණු අප්‍රිකානු පන්දු යවන්නාගෙන් බංග්ලාදේශ පිතිකරුවාට පහර දීමක් | The Leader