The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මතභේදාත්මක බොක්සිං ක්‍රීඩිකා ඉමාන් කලීෆ් ට කාන්තා අංශයේ තරග වැදීම තහනම්!

T

The Leader Desk

May 31, 2025 • 9:49 AM

මතභේදාත්මක බොක්සිං ක්‍රීඩිකා ඉමාන් කලීෆ් ට කාන්තා අංශයේ තරග වැදීම තහනම්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇල්ජීරියාවේ කලීෆ් පසුගිය වසරේ පැරිසියේ පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කාන්තා බොක්සිං අංශයේ තරග කරමින් රන් පදක්කම දිනා ගැනීම ලෝකාපවාදයකට හේතුවක් වුනා.
  • පිරිමි ක්‍රෝමසොම තිබෙන බවට පරීක්ෂණවලින් පෙන්වීමෙන් පසුව 2023 ලෝක බොක්සිං ශූරතාවලියෙන් ඉවත් කෙරුනු කලීෆ්, අනිවාර්ය ලිංගික ජාන පිරික්සීමකින් සමත් විය යුතු බව ජාත්‍යන්තර බොක්සිං පාලක මණ්ඩලය නිවේදනය කර තිබෙනවා.
  • මේ දක්වා, එනම් මහත් මතභේදයකට තුඩුදුන් ඔලිම්පික් මෙහෙයුමකින් පසුව ගෙවුනු මාස නවය ඇතුළත කලීෆ් එවැනි පරීක්ෂාවකට ලක්වී නැහැ.
  • එම ඔලිම්පික් බොක්සිං තරගාවලියේදී ඇය වෙතින් පරාජයට පත්වූ ඉතාලි ක්‍රීඩිකාව, කලීෆ් එල්ල කළ පහරවලින් තමාට තමාගේ ජීවිතය ගැන බියක් ඇතිවූ බව කියා සිටියා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඇල්ජීරියාවේ කලීෆ් පසුගිය වසරේ පැරිසියේ පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කාන්තා බොක්සිං අංශයේ තරග කරමින් රන් පදක්කම දිනා ගැනීම ලෝකාපවාදයකට හේතුවක් වුනා.

ලබන සතියේ නෙදර්ලන්තයේ පැවැත්වෙන අයින්ඩ්හෝවන් කුසලාන (Eindhoven Box Cup) තරගාවලියේ කාන්තා අංශයේ තරග කිරීම පිණිස ඇයට නැවත අවසර ලබා දීම සම්බන්ධයෙන් බොහෝ දෙනා ඔවුන්ගේ දැඩි කෝපය ප්‍රකාශ කිරීම සහ කාන්තා ක්‍රීඩාවේ සුරක්ෂිතභාවය හා සාධාරණත්වය ඉල්ලා සමාජ ක්‍රියාකාරීන් විසින් එල්ල කරන ලද ප්‍රබල පීඩනය හමුවේ හිස නමමින් බොක්සිං ක්‍රීඩාවේ නව ගෝලීය පාලකයන් වන ලෝක බොක්සිං ආයතනය (World Boxing) මේ තීරණයට එළැඹ තිබෙනවා.

 

thumbs b c 772c39f2514d536075ce5fa41f311f2c

පිරිමි ක්‍රෝමසොම තිබෙන බවට පරීක්ෂණවලින් පෙන්වීමෙන් පසුව 2023 ලෝක බොක්සිං ශූරතාවලියෙන් ඉවත් කෙරුනු කලීෆ්, අනිවාර්ය ලිංගික ජාන පිරික්සීමකින් සමත් විය යුතු බව ජාත්‍යන්තර බොක්සිං පාලක මණ්ඩලය නිවේදනය කර තිබෙනවා.

මේ දක්වා, එනම් මහත් මතභේදයකට තුඩුදුන් ඔලිම්පික් මෙහෙයුමකින් පසුව ගෙවුනු මාස නවය ඇතුළත කලීෆ් එවැනි පරීක්ෂාවකට ලක්වී නැහැ. එම ඔලිම්පික් බොක්සිං තරගාවලියේදී ඇය වෙතින් පරාජයට පත්වූ ඉතාලි ක්‍රීඩිකාව, කලීෆ් එල්ල කළ පහරවලින් තමාට තමාගේ ජීවිතය ගැන බියක් ඇතිවූ බව කියා සිටියා.

ජානමය පරීක්ෂාවකට මුහුණ දෙනවා වෙනුවට කලීෆ්ගේ උත්සාහයන් ‌යොමුව තිබුනේ ජේ.කේ.රෝලිං (Harry Potter ෆැන්ටසි කතා මාලාවේ කතුවරිය) සහ ඊලොන් මස්ක් (අමෙරිකානු ව්‍යාපාරික) ට එරෙහිව නඩු පැවරීමට සහ ඉතා වැඩි ‘මේක්අප්’වලින් අලංකාර වෙමින් Vogue Algeria කවරයේ පෙනී සිටීමටයි. 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී තමා තමාගේ පැරිස් රන් පදක්කම රැක ගන්නා බවට කලීෆ් ප්‍රකාශ කර තිබුන ද එම මාර්ගය දැන් වෙනස් කළ නොහැකි අයුරින් වැසී තිබෙන බවක් පෙනෙන්නට තිබෙනවා.


Khalif 1
“තරගවලට සහභාගි වන සියලු දෙනාගේ ආරක්ෂාව පිළිබඳව සහතික වීමට සහ පිරිමි හා කාන්තාවන්ට සාධාරණ තරගකාරිත්වයක් ලබා දීම පිණිස ‘ලිංගිකතාව, වයස හා බර’ පිළිබඳ අපේ නව ප්‍රතිපත්තියේ කොටසක් වශයෙන් මේ අනිවාර්ය ජාන පරීක්ෂණය හඳුන්වා දී තිබෙනවා” යනුවෙන් ලෝක බොක්සිං ආයතනය නිවේදනයක් මගින් ප්‍රකාශ කරනවා. “සටන්කරුවන්ගේ ජාතික සම්මේලන මේ පරීක්ෂණ පැවැත්වීම හා ඒවායේ ප්‍රතිඵල ලෝක බොක්සිං ආයතනය වෙත එවීමේ වගකීම බාර ගත යුතුයි.”

විශේෂයෙන් ඉමාන් කලීෆ් සහ තායිවානයේ ලින් යූ-ටිං ඇතුළු සමහර බොක්සිං ක්‍රීඩිකාවන් වටා මතුව තිබෙන අර්බුදවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මේ තීරණය ගත් බව එම ආයතනය තහවුරු කළා. කලීෆ් සහ ලින් යන ක්‍රීඩිකාවන් දෙදෙනා ට ම ලිංගික සුදුසුකම් පරීක්ෂණවලින් අසමත් වීම මත ජාත්‍යන්තර බොක්සිං සංගමය (IBA) තරග තහනමක් පනවා තිබුනා. එහෙත් ස්ත්‍රීත්වය තහවුරු කළ හැක්කේ ජීව විද්‍යාවට වඩා විදෙස් ගමන් බලපත්‍රයේ සඳහන් කරුණු මත බවට තීරණය කරමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව එම ක්‍රීඩිකාවන් දෙදෙනාට පැරිස් ඔලිම්පික් බොක්සිං තරගාවලියේ කාන්තා අංශයේ තරග කිරීමට අවසර ලබා දුන්නා.

මීළඟ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බොක්සිං තරගාවලිය මෙහෙයවීම සඳහා තාවකාලික අනුමැතිය හිමිව තිබෙන ලෝක බොක්සිං ආයතනය, ඔවුන්ගේ ප්‍රතිපත්තියේ මේ වෙනස පිළිබඳව කලීෆ් සහ ඇල්ජීරියානු බොක්සිං සම්මේලනයට දන්වා ඇතැයි ප්‍රකාශ කරනවා.

240803 Imane Khelif ch 1016 7bb1c4 1

“ලෝක බොක්සිං නීතිවලට අනුව ජාන පරීක්ෂාවකට ලක්වෙමින් පරීක්ෂණ ක්‍රමවේදයට මුහුණ දෙන තුරු ඉමාන් කලීෆ් අයින්ඩ්හෝවන් කුසලානයේ හෝ වෙනත් කිසිම ලෝක බොක්සිං ආයතන තරගාවලියක කාන්තා අංශයේ තරග කරන්නේ නැහැ” යනුවෙන් ලෝක බොක්සිං ආයතනය අවධාරණය කරනවා.


IBA ඔවුන්ගේ තීරණය ප්‍රකාශ කළ අවස්ථාවේදී ඉමාන් කලීෆ් දැඩි ලෙස මෙසේ කියා තිබුනා: “අනෙක් ඔ්නෑම කෙල්ලෙක් වගේ මමත් මාව දකින්නේ කෙල්ලෙක් විදියටයි. මම ඉපදුනේ කෙල්ලෙක් විදියටයි, හැදී වැඩුනේත් කෙල්ලෙක් විදියටයි. මම මගේ මුළු ජීවිතයම ජීවත් වුනේත් කෙල්ලෙක් විදියටයි!”

අඟහරුවාදා වන විටත්, අයින්ඩ්හෝවන් ඉසව්වේ නිලධාරීන්, “ඉමාන් කලීෆ් ඇගේ කිරුළ රැක ගැනීමට පැමිණීම ගැන ආඩම්බරයි” යන කැප්ෂනයෙන් යුත් පෝස්ටරයක් නිකුත් කරමින් කලීෆ්ගේ සහභාගිත්වය උද්යෝගිමත්ව ප්‍රවර්ධනය කරමින් සිටියා.

මෙයින් කෝපයට පත් එංගලන්තයේ මෙන්ම නෙදර්ලන්තයේ ද කාන්තා අයිතීන් පිළිබඳ සමාජ ක්‍රියාකාරී කණ්ඩායම් තරගාවලිය පැවැත්වෙන ස්ථානයට පැමිණ විරෝධතා දක්වන බවට ප්‍රතිඥා දුන්නා. කලීෆ්ගේ පැමිණීම සම්බන්ධයෙන්  හටගෙන තිබෙන කලබලකාරී තත්ත්වය Telegraph Sport විසින් මතුකර දැක්වීමෙන් පැය 48ක් ඇතුළත, ලෝක බොක්සිං ආයතනය පෙබරවාරි මාසයේ නිකුත් කරන බවට පොරොන්දු වී තිබූ ඔවුන්ගේ ප්‍රතිපත්තිය යාවත්කාලීන කර වහාම නිකුත් කිරීමට තීරණය කළේ මේ තරගාවලිය විරෝධතාවේ සංදර්ශනයක් බවට පත්වනු ඇතැයි යන බියෙන්.


warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මතභේදාත්මක බොක්සිං ක්‍රීඩිකා ඉමාන් කලීෆ් ට කාන්තා අංශයේ තරග වැදීම තහනම්! | The Leader