The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

'බොක්සිං දස්කම් දක්වන දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දෙනවා' - ක්‍රීඩා නි.ඇමති සුගත් තිලකරත්න

T

The Leader Desk

May 31, 2025 • 2:22 PM

'බොක්සිං දස්කම් දක්වන දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දෙනවා' - ක්‍රීඩා නි.ඇමති සුගත් තිලකරත්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බොක්සිං ක්‍රීඩාවෙන් ඔලිම්පික් පදක්කම් ජයග්‍රහණයක් ශ්‍රී ලංකාව ට ගෙන ඒමට අවශ්‍ය පහසුකම් ක්‍රීඩා අමාත්‍යංශයෙන් ලබා දෙන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කියනවා.
  • ASBC ආසියානු වයස අවුරුදු 22න් පහළ බොක්සිං ශූරතාවලිය සහ යොවුන් බොක්සිං ශූරතාවලියේ පදක්කම්ලාභීන් ඊයේ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේදී ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ සහ ක්‍රීඩා නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න යන මහත්වරු හමුවූ අවස්ථාවේදීයි නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේ.
  • මේ තරගාවලියන්හිදී රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 18ක් හිමිකර ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුනා.
  • ක්‍රීඩාවේ ප්‍රවර්ධනය වෙනුවෙන් මෙම තරගාවලිය මෙරටදී පැවැත්වීමට හැකිවීම පිළිබඳව සතුටු වන බව ද ක්‍රීඩා නියෝජ්‍ය ඇමතිවරයා මෙහිදී සඳහන් කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

පවසනවා.

බොක්සිං ක්‍රීඩාවෙන් ඔලිම්පික් පදක්කම් ජයග්‍රහණයක් ශ්‍රී ලංකාව ට ගෙන ඒමට අවශ්‍ය පහසුකම් ක්‍රීඩා අමාත්‍යංශයෙන් ලබා දෙන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කියනවා.

ASBC ආසියානු වයස අවුරුදු 22න් පහළ බොක්සිං ශූරතාවලිය සහ යොවුන් බොක්සිං ශූරතාවලියේ පදක්කම්ලාභීන් ඊයේ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේදී ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ සහ ක්‍රීඩා නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න යන මහත්වරු හමුවූ අවස්ථාවේදීයි නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේ.

මේ තරගාවලියන්හිදී රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 18ක් හිමිකර ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුනා.

ක්‍රීඩාවේ ප්‍රවර්ධනය වෙනුවෙන් මෙම තරගාවලිය මෙරටදී පැවැත්වීමට හැකිවීම පිළිබඳව සතුටු වන බව ද ක්‍රීඩා නියෝජ්‍ය ඇමතිවරයා මෙහිදී සඳහන් කළා.

මේ ජාත්‍යන්තර තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු සූදානම් කිරීම අභියෝගයක් වූ බව මෙහිදී කියා සිටි ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ, ඒ වෙනුවෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය බොහෝ වෙහෙසුනු බව පැවසුවා.

ආසියානු තරගාවලියේ ජයග්‍රහණ හිමිකර ගත් සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුභ පැතූ ක්‍රීඩා ඇමතිවරයා, ඉදිරියේදී ශ්‍රී ලංකාවට බොක්සිං ක්‍රීඩාවෙන් ඔලිම්පික් පදක්කමක් ගෙන ඒමට උත්සාහවන්ත විය යුතු බව කියමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරි ගැන්වූවා.

ක්‍රීඩා සංවර්ධන අධ්‍යක්ෂ ජනරාල් ශෙමාල් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති අනුරුද්ධ බණ්ඩාර, ASBC ආසියානු අවුරුදු 22න් පහළ බොක්සිං ශූරතාවලිය සහ යොවුන් බොක්සිං ශූරතාවලියට සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ පුහුණුකරුවන් මේ අවස්ථාවට සහභාගි වුනා.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

cxvsdsed

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'බොක්සිං දස්කම් දක්වන දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දෙනවා' - ක්‍රීඩා නි.ඇමති සුගත් තිලකරත්න | The Leader