The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉන්දුනීසියාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ අමෙරිකානු බාස්කට්බෝල් ක්‍රීඩකයෙක් මරණ දණ්ඩනය අභියස

T

The Leader Desk

June 1, 2025 • 11:27 AM

ඉන්දුනීසියාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ අමෙරිකානු බාස්කට්බෝල් ක්‍රීඩකයෙක් මරණ දණ්ඩනය අභියස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හොරෙන් ඉන්දුනීසියාව ට ගෙන ඒමේ චෝදනාව මත මේ ක්‍රීඩකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
  • ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස් නුවර 34 හැවිරිදි ජාඩ් ඩ්වේන් ෂෝ (Jarred Dwayne Shaw) මැයි 7 වැනිදා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ජකාර්තා නගරය ආසන්නයේ ටැංගරෑං පෙදෙසේ තිබෙන ඔහුගේ මහල් නිවසට හදිසියේ කඩා වැදුනු පොලිසිය එහි තිබී ගංජා පැණිරස කෑලි 132ක් සොයාගැනීමෙන් පසුව.
  • ෂෝ ට තායිලන්තයෙන් සැකසහිත ගුවන් පැකේජයක් ලැබුනු බවට රේගු දෙපාර්තමේන්තුව දන්වා සිටි බව Soekarno-Hatta ගුවන් තොටුපල පොලිසියේ ප්‍රධානියා වන රොනල්ඩ් සිපේයං (Ronald Sipayung) ප්‍රකාශ කර තිබෙනවා.
  • වසරේ නොවැම්බරයේ සිට ගංජා (කංසා) තායිලන්තය තුළ සාපරාධී බවින් තොර දෙයක් ලෙසට පත්ව තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හොරෙන් ඉන්දුනීසියාව ට ගෙන ඒමේ චෝදනාව මත මේ ක්‍රීඩකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය වෙනුවෙන් ඉන්දුනීසියාවේ ක්‍රියාත්මක වන්නේ ඉතාමත් දැඩි නීතියක්. හොරෙන් මත්ද්‍රව්‍ය ගෙන ඒමට වරදකරුවන් වන පුද්ගලයන්ව සමහර අවස්ථාවල මරණයට පමුණුවන්නේ වෙඩි තැබීමේ කණ්ඩායමක් විසින් වෙඩි තැබීමෙන් (firing squad).

 

202505150646 main.cropped 1747266393

ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස් නුවර 34 හැවිරිදි ජාඩ් ඩ්වේන් ෂෝ (Jarred Dwayne Shaw) මැයි 7 වැනිදා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ජකාර්තා නගරය ආසන්නයේ ටැංගරෑං පෙදෙසේ තිබෙන ඔහුගේ මහල් නිවසට හදිසියේ කඩා වැදුනු පොලිසිය එහි තිබී ගංජා පැණිරස කෑලි 132ක් සොයාගැනීමෙන් පසුව.

ගුවන් තොටුපලේ රේගුව විසින් දුන් ඔත්තුවක් අනුවයි මේ වැටලීම සිදුකර තිබෙන්නේ. ෂෝ ට තායිලන්තයෙන් සැකසහිත ගුවන් පැකේජයක් ලැබුනු බවට රේගු දෙපාර්තමේන්තුව දන්වා සිටි බව Soekarno-Hatta ගුවන් තොටුපල පොලිසියේ ප්‍රධානියා වන රොනල්ඩ් සිපේයං (Ronald Sipayung) ප්‍රකාශ කර තිබෙනවා.

 



2024 වසරේ නොවැම්බරයේ සිට ගංජා (කංසා) තායිලන්තය තුළ සාපරාධී බවින් තොර දෙයක් ලෙසට පත්ව තිබෙනවා. ඉන්දුනීසියාවේ මත්ද්‍රව්‍ය විරෝධී නීති යටතේ ෂෝ වරදකරු බවට ඔප්පු වුවහොත් ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට හෝ මරණ දඬුවමකට මුහුණ දීමට සිදුවනවා.

කළු පැහැති කමිසයක් හා කොට කලිසමක් පැළඳ සිටි ෂෝ පොලිස් නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා නිවසින්  පිටතට ගෙන යද්දී “Help…help!” යනුවෙන් පිහිට පතා කෑගසන අයුරු දිස්වන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වී තිබෙනවා.

2022 වසරේ සිට ඉන්දුනීසියානු බාස්කට්බෝල් ලීගයේ ක්‍රීඩා සමාජ කිහිපයකටම ක්‍රීඩා කර තිබෙන ෂෝ පසුගිය වසරේදී  ටැංගරෑං හෝක් (Tangerang Hawk) කණ්ඩායම සමග කොන්ත්‍රාත්තුවක් අත්සන් කළා. පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ඒ ගංජා පැණිරස තමාගේ බාස්කට්බෝල් ක්‍රීඩා සගයන් සමග බෙදා ගැනීමට තමාට අවශ්‍ය වූ බව ෂෝ කියා තිබෙනවා.

 

පැකේජය තුළ දළ වශයෙන් ග්‍රෑම්ස් 869ක් (අවුන්ස 30.6) බරැති ගංජා පැණිරස තිබූ බව ඔහු පවසා තිබෙනවා.

“මේ සිද්ධිය පිටුපස සිටින ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලය සොයාගෙන එහි බෙදාහැරීම නතර කිරීම සඳහා අපි තවමත් පරීක්ෂණ පවත්වමින් සිටිනවා” යැයි සිපේයං පවසනවා.

ෂෝගේ ක්‍රියාව පිළිබඳව තමා කනගාටු වන බවත් ඔහු කොන්ත්‍රාත්තුව උල්ලංඝනය කර ඇති බැවින් ඔහුව වහාම ක්‍රීඩා සමාජයෙන් නෙරපා දැමූ බවත් ටැංගරෑං හෝක් ක්‍රීඩා සමාජයේ කළමනාකරු Tikky Suwantikno ප්‍රකාශ කරනවා. ඉන්දුනීසියානු බාස්කට්බෝල් ලීගය ෂෝ ට ජීවිතාන්තය දක්වා ක්‍රීඩා තහනමක් පනවා තිබෙනවා.

64163 budi djiwandonoBudisatrio Djiwandono

“ක්‍රීඩා ක්ෂේත්‍රයේ සිටින කිසිම ක්‍රීඩකයෙක්, පරිපාලකයෙක් හෝ කිසිම කෙනෙකුට මත්ද්‍රව්‍ය සමග සම්බන්ධ වීමට අපි ඉඩදෙන්නේ නැහැ. මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට බාස්කට්බෝල් ලෝකයේ ඉඩක් නැහැ” යනුවෙන් එම ක්‍රීඩා සමාජයේ සභාපති Budisatrio Djiwandono සඳහන් කරනවා.

ලෝකයේ වඩාත්ම දැඩි මත්ද්‍රව්‍ය විරෝධී නීති තිබියදීත් ඉන්දුනීසියාව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන ක්‍රියාකාරි මධ්‍යස්ථානයක් බවට පත්ව තිබෙන්නේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය සංවිධාන එරට තරුණ ජනගහණය ඉලක්ක කරගෙන සිටින නිසා බව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ කාර්යාලය පවසනවා.

පුද්ගලයන් 530 දෙනෙකු පමණ ඉන්දුනීසියාවේ මරණ දණ්ඩනයට ලක්ව සිටින අතර විදේශිකයන් 96 දෙනෙකු ද ඇතුළත් මේ පිරිසෙන් වැඩි දෙනෙක් මරණයට පෙළගැසී සිටින්නේ (death row) මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ හේතුවෙන්.

ඉන්දුනීසියානු ජාතිකයෙක් සහ විදේශිකයන් තිදෙනෙක් මරණයට පත්කරමින් ඉන්දුනීසියාවේ මරණ දණ්ඩනය අවසන් වරට ක්‍රියාත්මක කර තිබෙන්නේ 2016 වසරේ ජූලි මාසයේ.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉන්දුනීසියාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ අමෙරිකානු බාස්කට්බෝල් ක්‍රීඩකයෙක් මරණ දණ්ඩනය අභියස | The Leader