පසුගියදා පැවති චැම්පියන්ස් ලීග් තරගාවලියේ ක්‍රීඩා කිරීම සඳහා ඉන්දියා කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා මේ රටවල් දෙක විසින් සත්කාරකත්වය දක්වන තරගාවලි වෙනුවෙන් මධ්‍යස්ථාන හඳුන්වා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට (ICC) සිදුවුනා.
දෙසැම්බර් මාසයේ නිවේදනය කෙරුනු මේ සැලසුම්වල කොටසක් වශයෙන් මේ රටවල් දෙකෙන් කිසිම රටක් අනෙක් රටට ICC තරගාවලියක තරගයක් වෙනුවෙන් සංචාරය කරන්නේ නැහැ.

ඉන්දියාව සත්කාරකත්වය දරන 2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 30 සිට නොවැම්බර් 2 දක්වා පැවැත්වෙන්නේ බෙංගලුරු, ගුවහාටි, ඉන්දූර් සහ විසාඛාපට්නම් යන නගරවල. දැන් පාකිස්තාන කණ්ඩායමේ තරගවලට සත්කාරකත්වය දක්වමින් කොළඹ නගරය ද ඉන්දියාවේ නගර සමග එක්වනවා.
ඉන්දියාව ට එරෙහි තරගය හා එංගලන්තය ට එරෙහි තරගය ඇතුළුව පාකිස්තානයේ මූලික තරග හත කොළඹදී පැවැත්වෙනු ඇති අතර මීට අමතරව පාකිස්තාන කණ්ඩායම අවසන් පූර්ව හෝ අවසාන තරගයට පිවිසියහොත් එම තරග පැවැත්වෙනු ඇත්තේ ද කොළඹ නගරයේ.
ඉන්දියාව සහභාගි වන තරගාවලියේ සමාරම්භක තරගය මෙන්ම පාකිස්තානය ට අවසන් තරගයට සුදුසුකම් නොලැබුනොත් එම තරගය ද ක්‍රීඩා කෙරෙන්නේ බෙංගලුරු ක්‍රීඩාංගණයේ. කණ්ඩායම් අටක් සහභාගි වන මෙම තරගාවලියේ තරග වැඩසටහන තවමත් නිවේදනය කර නැහැ.

වර්තමානයේ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් කිරුළ හිමි කරගෙන සිටින්නේ ඔස්ට්‍රේලියාව.
මෙවර තරගාවලියේ කොළඹ නගරයට ගෙන ආ තරගවල ගැටළුව වී තිබෙන්නේ දේශගුණය. ඔක්තෝබර් යනු ශ්‍රී ලංකාවට වසරේ වැසි ලැබෙන එක් මාසයක්.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



