තැලී පොඩිවීමෙන් පුද්ගලයන් 11 දෙනෙක් මරුමුවට පත්ව තවත් 50කට ආසන්න පිරිසකට තුවාල සිදුවූ සිද්ධියේ ‘සදාචාරාත්මක වගකීම’ බාර ගනිමින් කර්නාටක ප්‍රාන්ත ක්‍රිකට් සංගමයේ ඉහළම නිලධාරීන් දෙදෙනෙක් ඔවුන්ගේ තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.
ජූනි 4 වැනිදා ඇතිවූ මේ ඛේදජනක සිදුවීම මත මෙසේ තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙන්නේ එම සංගමයේ ලේකම් ඒ.ශන්කර් (A. Shankar) සහ භාණ්ඩාගාරික ඊ.එස්.ජයිරාම් (E.S. Jairam).
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පුද්ගලයන් සිවු දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් අතර RCB වෙළෙඳ ප්‍රධානී නික්හිල් සොසේල් (Nikhil Sosale) ද සිටිනවා.
ජීවිත අහිමි වූ ආධාරකරුවන්ගේ 11 දෙනාගේ පවුල්වලට රුපියල් කෝටි 10 බැගින් මුදල්මය සහායක් ලබා දෙන බව RCB නිවේදනය කර තිබෙනවා.
“බැංගලූරු හි සිදුවූ අවාසනාවන්ත සිදුවීම නිසා RCB පවුලට දැඩි සංවේගයක් ඇතිව තිබෙනවා” යනුවෙන් RCB නිවේදනයක් මගින් කියා සිටිනවා.
සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයන්ට සහාය වීම පිණිස RCB Cares නමින් අරමුදලක් පිහිටුවන බව ද ඔවුන් ප්‍රකාශ කරනවා.
බැංගලූරු ඛේදවාචකය සම්බන්ධයෙන් දැන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වෙන අතර එහි වාර්තාව ඉදිරි දෙසති කාලය ඇතුළත නිකුත් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
මෙවැනි විශාල ප්‍රමාණයේ උත්සවයක් පැවැත්වීමට පෙර අවශ්‍ය ආරක්ෂාව සූදානම් කිරීම සඳහා පොලිසියට කල් ලබා නොදී ජයග්‍රහණයෙන් දිනකට පමණක් පසුව පෙළපාළිය පැවැත්වීම සම්බන්ධයෙන් RCB ට බොහෝ විවේචන එල්ල වී තිබෙනවා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
මෙම පුවතට අදාල තවත් විස්තර :
පොලිස් උපදෙස් නොතකා RCB පැවැත්වූ ජයග්‍රහණයේ උත්සවයෙන් 11ක් මරුට
IPL බැංගලූරු ජය සැමරුමේ තෙරපීමකින් 11 දෙනෙකු මරුට
අංක 18 කමිසයෙන් 18 වැනි IPL කිරුළ දිනාගත් කෝලි ටෙස්ට් ක්‍රිකට් අගය කරයි



