The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉතාලිය පිට පිට තෙවැනි වතාවටත් පාපන්දු ලෝක කුසලානයෙන් විසිවේවිද?

T

The Leader Desk

June 8, 2025 • 4:08 PM

ඉතාලිය පිට පිට තෙවැනි වතාවටත් පාපන්දු ලෝක කුසලානයෙන් විසිවේවිද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුහුණ දීමට සිදුවේවිදැයි අතිශය කැලඹිල්ලට පත්ව සිටිනවා.
  • ඒ, ඉතාලි පාපන්දු ක්‍රීඩා ලෝලීන් මහත් කම්පනයට පත්කරමින් ඉතාලිය ගෝල් 3-0කින් නෝවේ කණ්ඩායමට සිකුරාදා පරාජය වීම හේතුවෙන්.
  • මේ අනුව ඉතාලි පාපන්දු කණ්ඩායම 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට යුරෝපයෙන් සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ පත්ව සිටින්නේ අවදානම් තත්ත්වයක.
  • තවමත් ලකුණක් ලබා ගෙන නැති ඉතාලිය යුරෝපීය ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ 1 කොටසේ සිටින්නේ සිවුවැනි ස්ථානයේ.
අකුරු ප්‍රමාණය (Font Size):

මුහුණ දීමට සිදුවේවිදැයි අතිශය කැලඹිල්ලට පත්ව සිටිනවා. ඒ, ඉතාලි පාපන්දු ක්‍රීඩා ලෝලීන් මහත් කම්පනයට පත්කරමින් ඉතාලිය ගෝල් 3-0කින් නෝවේ කණ්ඩායමට සිකුරාදා පරාජය වීම හේතුවෙන්.

ඉතාලිය ට තවත් දරුණු පරාජයක් අත්කර දීමට තරගයේ පළමු භාගයේදී Alexander Sorloth, Antonio Nusa සහ Erling Haaland නෝවේ වෙනුවෙන් ලබා ගත් ගෝල් ප්‍රමාණවත් වුනා. මේ අනුව ඉතාලි පාපන්දු කණ්ඩායම 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට යුරෝපයෙන් සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ පත්ව සිටින්නේ අවදානම් තත්ත්වයක.

zdgdghfnbbhg
තවමත් ලකුණක් ලබා ගෙන නැති ඉතාලිය යුරෝපීය ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ 1 කොටසේ සිටින්නේ සිවුවැනි ස්ථානයේ. කෙසේ වෙතත්, නේෂන්ස් ලීගයට සහභාගි වීම නිසා ඉතාලිය තමන්ට ඉහළින් සිටින කණ්ඩායම්වලට වඩා තවමත් ක්‍රීඩා කර තිබෙන්නේ තරග දෙකක් අඩුවෙන්. ‌

මේ කොටසේ පෙරමුණේ සිටින්නේ ලකුණු නවයක් ලබා ගෙන තිබෙන නෝවේ වන අතර ඊශ්‍රායලය ලකුණු හයක් ලබා ගෙන දෙවැනි ස්ථානයේත්, එස්ටෝනියාව ලකුණු තුනක් ලබා ගෙන තෙවැනි ස්ථානයේත් පසුවනවා. තරග කොටසක ජයග්‍රාහක කණ්ඩායම කෙළින්ම ලබන වසරේ  ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබන අතර අනුශූරයින් තීරණාත්මක අතිරේක තරග වටයකට පිවිසෙනවා.

නෝවේ වෙතින් ලැබූ පරාජයෙන් පසුව ඉතාලිය තුළ බියක් හටගෙන තිබෙන්නේ ඔවුන් ලෝක කුසලාන තරගාවලිය පිට පිට තෙවැනි වතාවටත් අහිමි වීමේ ඇදහිය නොහැකි ‘හැට්-ට්‍රික්’ එකක් සම්පූර්ණ කරාවි ද යනුවෙන්. හිටපු ලෝක ශූරයෙකු වන ඉතාලිය 2018 සහ 2022 ලෝක කුසලාන තරගාවලියන් දෙක ට ම සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් වුනා.

මේ තත්ත්වය ‘පෙර නොදුටුවිරූ අර්බුදයක්’ ලෙසින් හැඳින්වූ ඉතාලියේ ප්‍රධාන දිනපතා ක්‍රීඩා පුවත්පත වන Gazzetta Dello Sport, “අපි අපේ කොටසේ දෙවැනි ස්ථානය ඩැහැ ගනීවි යනුවෙන් අනුමාන කරමින්, අපි හිතට ගතට වධ දෙන තවත් අතිරේක තරග වටයකට සූදානම් වෙමු. ජාතික කණ්ඩායම ඔස්ලෝ හි දී ක්‍රීඩා කළ ආකාරය ලජ්ජාවක්. මේ නිසා හැමදෙයක් ගැන සැකයෙන් බැලීමත්, නරක ම දෙයිනුත් නරක ම දෙය අපේක්ෂා කිරීමත් සාධාරණයි. මේ තමයි අපි. අපි දුප්පත්, හිස්” යනුවෙන් ප්‍රකාශ කර තිබෙනවා.

ඉතාලි කණ්ඩායමේ මීළඟ තරගය සඳුදා තිබෙන්නේ ඔවුන්ගේ තරග කොටසේ පහළින් ම සිටින මෝල්ඩෝවා කණ්ඩායම සමග.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...