The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකාවට සුපිරි පාපන්දු ජයක් : ආදවන් රාජමෝහන්, ඩිලොන් ද සිල්වා සහ වසීම් රාසික් ගෝල වාර්තා කරයි

T

The Leader Desk

June 11, 2025 • 6:12 AM

ශ්‍රී ලංකාවට සුපිරි පාපන්දු ජයක් : ආදවන් රාජමෝහන්, ඩිලොන් ද සිල්වා සහ වසීම් රාසික් ගෝල වාර්තා කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ, චීන තායිපේ කණ්ඩායම ගෝල 3ට 01ක් ලෙස පරාජය කරමිනි.
  • මෙහිදී ශ්‍රී ලංකාව දෙවන අර්ධයේ මිනිත්තු 9ක් තුළ ගෝල ත්‍රිත්වයක් වාර්තා කිරීම කැපී පෙනුනි.
  • ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 200 වැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව මෙලෙස ක්‍රීඩා කළේ තමන්ට ස්ථාන 34ක් ඉදිරියෙන් සිටිමින් 166 වැනි ස්ථානයේ පසු වූ චීන තායිපේ කණ්ඩායමට එරෙහිවය.
  • දෙවන අර්ධයේදී සිය අණසක පැතිර වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එම අර්ධයේ 48 වැනි මිනිත්තුවේ තරගයේ පළමු ගෝලය වාර්තා කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ, චීන තායිපේ කණ්ඩායම ගෝල 3ට 01ක් ලෙස පරාජය කරමිනි.

මෙහිදී ශ්‍රී ලංකාව දෙවන අර්ධයේ මිනිත්තු 9ක් තුළ ගෝල ත්‍රිත්වයක් වාර්තා කිරීම කැපී පෙනුනි.

ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තුන්වැනි වටයේ ශ්‍රී ලංකාව සහ චීන තායිපේ කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වුණේ 'D'  කාණ්ඩය යටතේය.

කණ්ඩායම් දෙකම මූලික වටයේ ආරම්භක තරග දෙක පරාජය වීම නිසා කොළඹ තුරඟ තරග පිටියේ පැවති මෙම තරගය දෙපිලටම අභියෝගාත්මක තරගයක් විය.

football 1

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 200 වැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව මෙලෙස ක්‍රීඩා කළේ තමන්ට ස්ථාන 34ක් ඉදිරියෙන් සිටිමින් 166 වැනි ස්ථානයේ පසු වූ චීන තායිපේ කණ්ඩායමට එරෙහිවය.

තරගය ආරම්භයේ සිටම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරගයේ පාලනය සියතට ගත්තේ චීන තායිපේ පිලට දැඩි පීඩනයක් එල්ල කරමිනි.

පළමු අර්ධයේදී ශ්‍රී ලංකා පිලට ගෝල වාර්තා කිරීමට තිබූ අවස්ථා කිහිපයක් දැල ආසන්නයේදී ගිලිහී ගියේය.

ඒ අනුව පළමු අර්ධයේදී දෙපිලටම ගෝල වාර්තා කිරීමට හැකියාව ලැබුණේ නැත.

දෙවන අර්ධයේදී සිය අණසක පැතිර වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එම අර්ධයේ 48 වැනි මිනිත්තුවේ තරගයේ පළමු ගෝලය වාර්තා කළේය.

 

rajmo
එම ගෝලය වාර්තා කළේ ආදවන් රාජමෝහන් ය.

යළිත් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකාව 52 වැනි මිනිත්තුවේදී සිය දෙවන ගෝලය වාර්තා කළේ චීනා තායිපේ පිල අසරණ කරමිනි.

දෙවන ගෝලය වාර්තා කර තවත් මිනිත්තු 5ක් ගතවීමටත් මත්තෙන් සිය තුන්වැනි ගෝලයත් වාර්තා කරන්නට ශ්‍රී ලංකාව සමත් වුණේ චීන තායිපේ දෙසට එල්ල වන පීඩනය තව තවත් වැඩි කරමිනි.

70 වැනි මිනිත්තුවේදී චීන තායිපේ කණ්ඩායම ගෝලයක් වාර්තා කළද එය ඔවුන්ගේ ජයග්‍රහණයට ප්‍රමාණවත් වූයේ නැත.

ඒ අනුව මෙම තරගය ගෝල 3ට 01ක් ලෙස ජයගත් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකකම් ලැබීමේ තරගාවලියේ තුන්වැනි වටයේ සිය පළමු ජය වාර්තා කිරීමට සමත්වුණි.

1749567893 football L

මෙරට පාපන්දු ලෝලීන්ට තවත් ජයග්‍රාහී තරග නිමාවක් කොළඹ තුරඟ තරග පිටියේ සනිටුහන් කළ මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ගෝල වාර්තා කළේ ආදවන් රාජමෝහන්, ඩිලොන් ද සිල්වා සහ වසීම් රාසික් ය.

ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තුන්වැනි වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළග තරගය ටර්කිමේනිස්තානයට එරෙහිව ඔක්තෝබර් මස 09 වනදා පැවැත්වීමට නියමිතය.

 




| aruna.lk

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...