The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මැලිබන්: ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ ආසියානු රග්බි ශූරතාවලියේ ශ්‍රී ලංකා පිලේ අනුග්‍රාහකයා

T

The Leader Desk

June 13, 2025 • 8:05 AM

මැලිබන්: ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ ආසියානු රග්බි ශූරතාවලියේ ශ්‍රී ලංකා පිලේ අනුග්‍රාහකයා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ අනුව එම ආයතනය ආසියානු රග්බි එමිරේට්ස් ශූරතාවලියේ ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ ප්ලැටිනම් අනුග්‍රාහකයා බවට පත්වනවා.
  • ‘මැලිබන් විසින් බලගැන්වූ ආසියානු රග්බි ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග’ – Asia Rugby World Cup Qualifiers powered by Maliban - ලෙස දැන් නම් කර තිබෙන මේ වසරේ තරගාවලියේදී ශ්‍රී ලංකාව ආසියානු රග්බි ක්‍රීඩාවේ ඉහළම ස්තරයේ සිටින ප්‍රබල කණ්ඩායම් තුනක් සමග තරග වදිනවා.
  • මේ මෙහෙයුම ආරම්භ වන්නේ ජූනි 13 කොළඹදී පැවැත්වෙන කොරියාව ට එරෙහි තරගයෙන්.
  • ඉන්පසුව ශ්‍රී ලංකා කණ්ඩායම හොංකොං පිල සමග ජූනි 22 වැනිදා ඔවුන්ගේ රටේදී තරග වැදීමෙන් පසුව නැවත කොළඹදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය පිල සමග ජූලි 4 වැනිදා තරග කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ අනුව එම ආයතනය ආසියානු රග්බි එමිරේට්ස් ශූරතාවලියේ ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ ප්ලැටිනම් අනුග්‍රාහකයා බවට පත්වනවා.

මේ අනුග්‍රාහකත්වයෙන් ස්ථිර වන්නේ ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් මැලිබන් ආයතනයේ තිබෙන දීර්ඝ කාලීන කැපවීම.

 

m 4
‘මැලිබන් විසින් බලගැන්වූ ආසියානු රග්බි ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග’ – Asia Rugby World Cup Qualifiers powered by Maliban - ලෙස දැන් නම් කර තිබෙන මේ වසරේ තරගාවලියේදී ශ්‍රී ලංකාව ආසියානු රග්බි ක්‍රීඩාවේ ඉහළම ස්තරයේ සිටින ප්‍රබල කණ්ඩායම් තුනක් සමග තරග වදිනවා. මේ මෙහෙයුම ආරම්භ වන්නේ ජූනි 13 කොළඹදී පැවැත්වෙන කොරියාව ට එරෙහි තරගයෙන්. ඉන්පසුව ශ්‍රී ලංකා කණ්ඩායම හොංකොං පිල සමග ජූනි 22 වැනිදා ඔවුන්ගේ රටේදී තරග වැදීමෙන් පසුව නැවත කොළඹදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය පිල සමග ජූලි 4 වැනිදා තරග කරනවා.

ශ්‍රී ලාංකේය රග්බි ක්‍රීඩාව සමග මැලිබන් ආයතනයේ තිබෙන සබඳතාව පසුගිය වසර කිහිපය තිස්සේ ශක්තිමත්ව වර්ධනය වී තිබෙන අතර පසුගිය මැයි මාසයේ නවසිලන්තයේ කිලෝග්‍රෑම් 85 ට අඩු රග්බි කණ්ඩායමේ ‌ඓතිහාසික ශ්‍රී ලංකා සංචාරයට අනුග්‍රහය දැක්වූයේ ද මැලිබන්. රග්බි ක්‍රීඩාවේ මූලික පදනම සහ සුපිරි මට්ටමේ ද උපායමාර්ගික සම්බන්ධතාව තුළින් මැලිබන් ආයතනය ශ්‍රී ලංකාව පුරා රග්බි ක්‍රීඩාවේ ව්‍යාප්තියේ උත්ප්‍රේරකයක් බවට පත්වෙමින් සිටිනවා.

m 5m 3m 2m 6

Double Blue Ball 2025: ආදි වෙස්ලිඅයිට්ස් ක්‍රීඩා සමාජයෙන් ලාස් වේගාස් තේමාව  කොටගත් උත්සවයක්(සටහන | වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...