පාකිස්තානයේ 1992 ලෝක කුසලාන ජර්සිය පැළඳ අක්රම් සිටින ඔහුගේ පුරාවෘත්තමය පන්දු යැවීමේ ඉරියව්ව මේ ප්‍රතිමාවෙන් ප්‍රදර්ශනය වනවා. කෙසේ වෙතත්, ප්‍රතිමාවේ තිබෙන මුහුණ ජනප්‍රිය හොලිවුඩ් නළුවකු වන සිල්වෙස්ට ස්ටැලෝන් ට යම් සමානකමක් දක්වනවා.

මූර්තිකරුවා අක්රම්ගේ ශරීරයේ ප්‍රමාණය හා ව්‍යුහය ප්‍රතිමාවේ නිවැරදිව නිරූපණය කර තිබුන ද, ඔහුගේ ඒකාග්‍රතාවේ හැඟීම් පළ කිරීම රැවීමක් ලෙස දිස්වෙමින් සහ හිසකෙස්වලින් ඔහුට වැඩි වයසක පෙනුමක් ලැබී ඇති බැවින් ප්‍රතිමාවේ මුහුණ විරූපී වී තිබෙනවා.
මේ ප්‍රතිමාවේ පිංතූරයක් X සමාජ මාධ්‍යයේ පළවීමෙන් පසුව ක්‍රීඩා ලෝලීන් එය විහිළුවට ගෙන තිබෙනවා.
“සිමෙන්ති සියයට 10ක් හා කලකිරීම සියයට 90ක් මිශ්‍ර කර තැනූ ප්‍රතිමාවක්” යනුවෙන් එක් පුද්ගලයෙක් සටහන් කරනවා.
“ඒ ඉන්නේ එයා කියලා වසිම් අක්රම් දන්නවාද?” තවත් ක්‍රීඩා ලෝලියෙක් ප්‍රශ්න කරනවා.

මේ ප්‍රතිචාර මගින් සිහියට නංවන්නේ මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණය ඉන්දියා පුරාවෘත්ත ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර්ගේ පිළිමය නිරාවරණය කළ අවස්ථාවේ ලැබුනු ප්‍රතිචාර. එදා ක්‍රිකට් ලෝලීන් සිතුවේ එය ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ස්ටීව් ස්මිත් ට සමාන බවයි.

(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



