The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

සමාජ මාධ්‍යයේ සරදම් මැද වසිම් අක්රම් ඔහුගේ පිළිරුව වර්ණනා කරයි

T

The Leader Desk

June 14, 2025 • 9:09 AM

සමාජ මාධ්‍යයේ සරදම් මැද වසිම් අක්රම් ඔහුගේ පිළිරුව වර්ණනා කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රිකට් ක්‍රීඩා කළ ලොව ශ්‍රේෂ්ඨතම වමත් වේග පන්දු යවන්නකු වන වසිම් අක්රම්ගේ ප්‍රතිමාව හයිදරාබාද් හි නියාස් ක්‍රීඩාංගණය පිටත ස්ථාපනය කෙරුනේ පසුගිය අප්‍රේල් මාසයේ.
  • පාකිස්තානය අනුශූරයින් වූ 1999 ලෝක කුසලාන කණ්ඩායමේ ක්‍රීඩා කළ අවස්ථාවේ පැළඳ සිටි ඇඳුමෙන් අක්රම් පන්දු යැවූ ආකාරය එම පිළිරුවෙන් පෙන්නුම් කරනවා.
  • “පිළිමයේ ඇත්ත විදිය‌ට පෙනෙන එකම දේ පන්දුව පමණයි” යනුවෙන් සරදම් කළ එක් ක්‍රීඩා ලෝලියෙක්, ප්‍රතිමාවේ මුහුණ හොලිවුඩ් නළු සිල්වෙස්ට ස්ටැලෝන් ට සමාන බව වැඩිදුරටත් කියා තිබුනා.
  • “නියාස් ක්‍රීඩාංගණයේ මගේ ප්‍රතිමාව ඉදිකිරීම ගැන ලොකු කතාබහක් ඇතිව තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ක්‍රිකට් ක්‍රීඩා කළ ලොව ශ්‍රේෂ්ඨතම වමත් වේග පන්දු යවන්නකු වන වසිම් අක්රම්ගේ ප්‍රතිමාව හයිදරාබාද් හි නියාස් ක්‍රීඩාංගණය පිටත ස්ථාපනය කෙරුනේ පසුගිය අප්‍රේල් මාසයේ. පාකිස්තානය අනුශූරයින් වූ 1999 ලෝක කුසලාන කණ්ඩායමේ ක්‍රීඩා කළ අවස්ථාවේ පැළඳ සිටි ඇඳුමෙන් අක්රම් පන්දු යැවූ ආකාරය එම පිළිරුවෙන් පෙන්නුම් කරනවා. ඒ අසල කොටියෙකුගේ පිළිමයක් ද තිබෙනවා.



“පිළිමයේ ඇත්ත විදිය‌ට පෙනෙන එකම දේ පන්දුව පමණයි” යනුවෙන් සරදම් කළ එක් ක්‍රීඩා ලෝලියෙක්, ප්‍රතිමාවේ මුහුණ හොලිවුඩ් නළු සිල්වෙස්ට ස්ටැලෝන් ට සමාන බව වැඩිදුරටත් කියා තිබුනා.

කෙසේ වෙතත්, සුහදශීලී අක්රම්, ප්‍රතිමාව නිර්මාණය කිරීමේ උත්සාහයට ප්‍රශංසා කිරීම පිණිස සමාජ මාධ්‍යයට පිවිසියා.

“නියාස් ක්‍රීඩාංගණයේ මගේ ප්‍රතිමාව ඉදිකිරීම ගැන ලොකු කතාබහක් ඇතිව තිබෙනවා. මගේ පිළිමය පැහැදිලිවම කොටියාගේ ප්‍රතිමාවට වඩා හොඳයි” යනුවෙන් අක්රම් X වේදිකාවේ පෝස්ට් කර තිබෙනවා.

පාකිස්තානය 1992 වසරේ ලෝක කුසලානය දිනා ගත් අවස්ථාවේ වැඩිම කඩුලුලාභියා වූයේ වසිම් අක්රම්.

“වඩාත් වැදගත් වන්නේ අරමුණයි. නිර්මාණකරුවන්ට මගේ ගෞරවය. උත්සාහයට සම්පූර්ණ ලකුණු ලැබෙනවා. මීට සම්බන්ධ වූ සියලු දෙනාටම ස්තූතියි!” යනුවෙන් අක්රම් සඳහන් කර තිබෙනවා.

ප්‍රතිමාව නිර්මාණය කළ කලාකරුවා ඔහුගේ උපරිම උත්සාහය යෙදූ බවත් නමුත් මෙයින් අක්රම්ව සියයට සියයකින් සමාන වන්නේ නැතැයි ඔහු පිළිගන්නා බවත් නියාස් ක්‍රීඩාංගණයේ ප්‍රධානී ශිරාස් ලෙඝාරි පවසනවා.

183158566 10158397520252686 468103691241283807 n

පාකිස්තානයේ වඩාත්ම ගෞරවයට පාත්‍රව සිටින එක් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන වසිම් අක්රම් පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 104කට සහ ජාත්‍යන්තර එක්දින තරග 356කට ක්‍රීඩා කරමින් පිළිවෙලින් කඩුලු 414ක් හා 502ක් වාර්තා කර තිබෙනවා.



මෙම පුවතට අදාල තවත් විස්තර


වසිම් අක්රම්ගේ ප්‍රතිමාවේ මුහුණ සිල්වෙස්ට ස්ටැලෝන් ට සමානයි ලු


warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...