The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

එංගලන්ත පාපන්දු පුරාවෘත්තය ඩේවිඩ් බෙකම් ට නයිට් පදවියක්

T

The Leader Desk

June 14, 2025 • 4:26 PM

එංගලන්ත පාපන්දු පුරාවෘත්තය ඩේවිඩ් බෙකම් ට නයිට් පදවියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහුට මේ පදවි නාමය පිරිනමා තිබෙන්නේ චාල්ස් රජුගේ උපන්දින ගෞරව ලැයිස්තුවෙන්.
  • වර්තමානයේ අමෙරිකානු පාපන්දු ලීගයට ක්‍රීඩා කරන ඉන්ට මයාමි ක්‍රීඩා සමාජයේ සම අයිතිකරු වන බෙකම් 2005 වසරේ සිට යුනිසෙෆ් ආයතනයේ තානාපතිවරයෙකු වශයෙන් සේවය කර තිබෙනවා.
  • ඔහු 2024 වසරේදී චාල්ස් රජුගේ පරිත්‍යාගශීලී පදනම වන The Kings Foundation හි තානාපතිවරයෙකු ලෙස පත්වුනා.
  • රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම හා නායකත්වය දැරීම තමාගේ ක්‍රීඩා දිවියේ තමාට ලැබුනු විශිෂ්ටතම වරප්‍රසාදය බවත් එය ළමා කාලයේ සිහිනයක් සැබෑවීමක් බවත් බෙකම් නිවේදනයකින් ප්‍රකාශ කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහුට මේ පදවි නාමය පිරිනමා තිබෙන්නේ චාල්ස් රජුගේ උපන්දින ගෞරව ලැයිස්තුවෙන්.

ක්‍රීඩාව හා පරිත්‍යාගශීලිත්වයේ සේවාව වෙනුවෙන් බෙකම් ට පිරිනැමුනු මේ ගෞරවයත් සමග බ්‍රිතාන්‍යයේ ඉහළම ගෞරව නාමය ලබා ගැනීමට බෙකම් බලා සිටි දීර්ඝ කාලය අවසන් වනවා.

වර්තමානයේ අමෙරිකානු පාපන්දු ලීගයට ක්‍රීඩා කරන ඉන්ට මයාමි ක්‍රීඩා සමාජයේ සම අයිතිකරු වන බෙකම් 2005 වසරේ සිට යුනිසෙෆ් ආයතනයේ තානාපතිවරයෙකු වශයෙන් සේවය කර තිබෙනවා. ඔහු 2024 වසරේදී චාල්ස් රජුගේ පරිත්‍යාගශීලී පදනම වන The Kings Foundation හි තානාපතිවරයෙකු ලෙස පත්වුනා.

David Beckham
රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම හා නායකත්වය දැරීම තමාගේ ක්‍රීඩා දිවියේ තමාට ලැබුනු විශිෂ්ටතම වරප්‍රසාදය බවත් එය ළමා කාලයේ සිහිනයක් සැබෑවීමක් බවත් බෙකම් නිවේදනයකින් ප්‍රකාශ කර තිබෙනවා.

“තරග බිමෙන් පිටත ලෝකය වටා බ්‍රිතාන්‍ය නියෝජනය කිරීමට අවස්ථාවක් ලැබීම සහ ආධාර අවශ්‍ය ප්‍රජාවන්ට උපකාර කරන හා ඊළඟ පරම්පරාව ප්‍රබෝධමත් කරන විස්මයජනක සංවිධාන සමග කටයුතු කිරීමට ලැබීමට තරම් මම වාසනාවන්තයෙකුව සිටිනවා” යනුවෙන් බෙකම් කියනවා.

2003 වසරේදී Order of the British Empire (OBE) නිලධාරියෙකු ලෙස පත්කෙරුනු බෙකම්, එංගලන්තය වෙනුවෙන් පාපන්දු තරග 115කට ක්‍රීඩා කරමින් ඉන් තරග 59ක නායකත්වය දැරුවා. විවිධ ලෝක කුසලාන තරගාවලියන් තුනක ගෝල් ලබා ගත් එකම එංගලන්ත පිරිමි ක්‍රීඩකයා ලෙස අදටත් රැඳී සිටින ඔහු 1998 සිට 2006 කාලය තුළ එංගලන්තය වෙනුවෙන් සෑම ප්‍රධාන තරගාවලියකම ක්‍රීඩා කළා.

fbgftrt
Manchester United ට ප්‍රිමිය ලීග් ශූරතා හයක් දිනා ගැනීමට බෙකම් උපකාරී වූ අතර 1999 වසරේ එම කණ්ඩායමේ ජනප්‍රිය ත්‍රිත්ව සාර්ථකත්වය ද මීට ඇතුළත්. ගෝලීය සුපිරි තරුවක් බඳවා ගැනීමේ ප්‍රතිපත්තියක් රේආල් මෙඩ්රිඩ් පාපන්දු සමාජයට තිබූ 2000 - 2006 වකවානුවේ එම කණ්ඩායමට ක්‍රීඩා කළ බෙකම් LA Galaxy කණ්ඩායම සමග සම්බන්ධ වෙමින් අමෙරිකානු මේජර් ලීග් පාපන්දු ලීගයේ තත්ත්වය උසස් මට්ටමකට ගෙන ආවා. 2013 වසරේ පාපන්දු තරග බිමෙන් විශ්‍රාම ගැනීමට පෙර බෙකම් AC Milan හා Paris Saint-German පාපන්දු සමාජ සමග සාර්ථක ක්‍රීඩාවක නිරත වුනා.

ලන්ඩනය ට 2012 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ලබා ගැනීමට බෙකම් ද යම් ප්‍රමාණයක කාර්යභාර්යක් ඉටුකළා.

නයිට් පදවිය ලැබීමට පෙර ඉවසීමෙන් සිටීමට බෙකම් ට සිදුවුනා. 2011 වසරේදී ඔහුගේ නම මේ පදවිය සඳහා ප්‍රථම වතාවට ඉදිරිපත් කෙරුනු විට එය සාර්ථක වුනේ නැහැ. ආදායම් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් මීට හේතුවූ බව ඒ දිනවල වාර්තා වී තිබුනා.

නයිට් පදවිය පිරිනැමීමේ ක්‍රමවේදය හා එම කමිටුව විවේචනය කරමින් බෙකම් විසින් යවන ලද රහස් විද්‍යුත් පණිවුඩවල විස්තර 2017 වසරේදී පුවත්පත් කිහිපයක් පළ කළා. එම ඊමේල් ව්‍යාජ ලෙස වෙනස් කරන ලද ඒවා බව බෙකම්‌ගේ ප්‍රකාශකයෙක් ඒ වකවානුවේ කියා සිටියා.

එංගලන්ත රජුගේ ගෞරව ලැයිස්තුවේ සිටි එකම ප්‍රසිද්ධ ක්‍රීඩා පුද්ගලයා ඩේවිඩ් බෙකම් නෙවෙයි.

chdgh

ආශ්චර්යමත් ඩාට්ස් ක්‍රීඩක Luke Littler සහ ලෝක අංක 1 ඩාට්ස් ක්‍රීඩක Luke Humphries ද ක්‍රීඩාව වෙනුවෙන් කළ සේවයට MBE ගෞරව නාම ලබා ගත්තා.

එංගලන්ත භූමියේ පැවති යුරෝ 2022 තරගාවලිය ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩිකාවක වූ හිටපු පාපන්දු ක්‍රීඩිකා Rachel Daly ද මේ ගෞරව නාමය හිමිකර ගත්තා. ඇය පසුගිය වසරේ අප්‍රේල් මාසයේ තරග බිමෙන් විශ්‍රාම ගියා.

Alistair Brownlee තුන්ප්‍රයාම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය OBE සම්මානය ද, Virginia Wade එංගලන්ත ටෙනිස් ක්‍රීඩිකාව CBE සම්මානය ද ලබා ගත්තා.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

එංගලන්ත පාපන්දු පුරාවෘත්තය ඩේවිඩ් බෙකම් ට නයිට් පදවියක් | The Leader