The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මැතිව්ස්ගේ අවසන් ටෙස්ට් තරගය වෙනුවෙන් ගාලු පිටිය සැරසෙයි

T

The Leader Desk

June 17, 2025 • 5:51 AM

මැතිව්ස්ගේ අවසන් ටෙස්ට් තරගය වෙනුවෙන් ගාලු පිටිය සැරසෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයා වන ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටම තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ සහභාගි වන අවසන් ටෙස්ට් තරගය වීම විශේෂත්වයකි.
  • ඒ අනුව ඇන්ජලෝ මැතිව්ස්ට ගෞරවාන්විත සමුගැනීමක් ලබා දීම සඳහා තරගය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඔහුගේ දැවැන්ත ඡායාරූප සහිත පුවරුවලින් සරසා ඇත.
  • “ඇත්තම කියනවා නම් මේක හරිම කණගාටුදායක තත්ත්වයක්” ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ක්‍රිකට් බලධාරීන් මීට වඩා උනන්දු විය යුතු බව හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් කියයි.
  • සිය සමුගැනීමේ ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට පොරතුව ඊයේ (16 වැනිදා) ගාල්ලේදී පැවැති පුවත් පත් සාකච්ඡාවේදී ඇන්ජලෝ මැතිව්ස් එසේ කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයා වන ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටම තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ සහභාගි වන අවසන් ටෙස්ට් තරගය වීම විශේෂත්වයකි.

ඒ අනුව ඇන්ජලෝ මැතිව්ස්ට ගෞරවාන්විත සමුගැනීමක් ලබා දීම සඳහා තරගය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඔහුගේ දැවැන්ත ඡායාරූප සහිත පුවරුවලින් සරසා ඇත.

articles ln5hlOg0Ui9ne3lcpad7
“ඇත්තම කියනවා නම් මේක හරිම කණගාටුදායක තත්ත්වයක්”

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ක්‍රිකට් බලධාරීන් මීට වඩා උනන්දු විය යුතු බව හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් කියයි.

සිය සමුගැනීමේ ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට පොරතුව ඊයේ  (16 වැනිදා) ගාල්ලේදී පැවැති පුවත් පත් සාකච්ඡාවේදී ඇන්ජලෝ මැතිව්ස් එසේ කියා සිටියේය.

ඔහු තව දුරටත් මෙසේද පැවසිය.

“වසර 2008 සිට මේ දක්වාම ශ්‍රී ලංකාව අවුරුද්දකදී ටෙස්ට් තරග 4 ක් විතරක් ක්‍රීඩා කරන්නේ මේ අවුරුද්දේදී. ඒක හරිම කණගාටුදායක තත්ත්වයක්”

“මේ තරුණ ක්‍රීඩකයන් වැඩි වැඩියෙන් ටෙස්ට් ක්‍රිකට් තරග ඉල්ලනවා.... ක්‍රිකට් ක්‍රීඩාවේ මුදුන් මල්කඩ තමයි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව. ඒ හින්දා අපි ටෙස්ට් ක්‍රිකට් වෙනුවෙන් වැඩි වැඩියෙන් උනන්දු වෙන්න ඕනේ”

“අපි ටෙස්ට් ක්‍රිකට් තරග වැඩි වැඩියෙන් ඉල්ලන්න ඕනේ. මොකද මේ තරුණ ක්‍රීඩකයන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ගැන බොහෝ උනන්දු වෙනවා.”

“මා හිතන්නේ අඩුම තරමේ වසරකට ටෙස්ට් තරග 10 ක් වත් තියෙනවා නම් හොඳයි”  

“එංගලන්තය, ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව වගේ රටවල් අවුරුද්දකට ටෙස්ට් තරග 15 ක් විතර ක්‍රීඩා කරනවා. ඉතිං අපට බැරි ඇයි...?, අපිටත් පුළුවන්...අපි ඒ වෙනුවෙන් කිසියම් බලපෑමක් කරනවා නම්...”

“අපි ඇත්තටම ඒ බලපෑම කරන්න ඕනා''

 

වසර 2025 - 2027 ටෙස්ට් චක්‍රයේදී ශ්‍රී ලංකාවට ඇත්තේ තරගාවලි 6 කි. ඒවායින් බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව සහ ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරගාවලි ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අතර නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරගාවලි එම රටවලදී පැවැත්වීමට නියමිතය.

 

“අපි ලෝක කුසලාන දිනලා තියෙනවා. තවත් කුසලාන දිනලා තියෙනවා.... ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අපි බොහෝ දේවල් කරලා තියෙනවා....”

“ඒ නිසා ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ එංගලන්තය ක්‍රීඩා කරන තරමටම අපිටත් ටෙස්ට් තරග ලැබිය යුතුයි” යයි ඇන්ජලෝ වැඩි දුරටත් පැවසිය.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව ටෙස්ට් ලෝක ශූරතාවලිය ආරම්භ කරන්නේ 2019 දී එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර බර්මින්හැම් නුවරදී පැවැති තරගයකිනි. එහි දෙවැනි තරගය ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ලේදී පැවැත්විණ. එහෙත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව ටෙස්ට් ලෝක ශූරතාවලිය ආරම්භ කිරීමට වසර 20 කට පොරතුව, 1999 දී, ආසියානු ටෙස්ට් ශූරතාවලිය ආරම්භ කෙරිණ.

වසර 2002 දී ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ටෙස්ට් ශූරයන් වූ අතර එක දිගට ටෙස්ට් තරග 9 ක් ජයගැනීමට ද සමත් විය.


(මුලාශ්‍රය | kelimandala.lk)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...