The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඔලිම්පික් කමිටුවෙන් ශ්‍රී ලංකාවට දැමූ ප්‍රතිපාදන තහංචිය නිමි

T

The Leader Desk

June 19, 2025 • 5:01 AM

ඔලිම්පික් කමිටුවෙන් ශ්‍රී ලංකාවට දැමූ ප්‍රතිපාදන තහංචිය නිමි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පවසා සිටියේය.
  • එසේම ජාතික ඔලිම්පික් කමිටුවේ ඉකුත් සමයේ සිදුවූ ගනුදෙනු සම්බන්ධයෙන් වන වෝහාරික විගණනයද ලබන සඳුදා දිනයේ සිට ඇරැඹෙන බවත් ඒ සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් වියදම් සැපයෙන බවත් සභාපතිවරයා පැවැසීය.
  • අදාළ සඟරාවේ මැද පිටු දෙක පුරා සමූහ ඡායාරූපයක් පළව ඇති අතර එම පිටු සැකසුමට අනුව සඟරාව වැසෙන විට අදාළ සමූහ ඡායාරූපයේ හිටපු ලේකම්වරයාගේ රුව පිහිටි ස්ථානයෙන් ඔහුගේ මුහුණ පිටු දෙකට මැදින් නැවී යන සේ මුද්‍රණය වී තිබීම නිසා ඔහු ඒ ගැන දැඩි ලෙස උරණ වී මෙලෙස සිදුකර ඇතැයිද ප්‍රකාශ විණි.
  • මේ අතර ඉකුත් සමයේ දැඩි ලෙස පක්ෂග්‍රාහීව සහ කිසිදු විනිවිදභාවයකින් තොරව සිදුවූ ජාතික ඔලිම්පික් කමිටුවේ කටයුතු මේ වන විට සුදුස්සාට සුදුසු තැන ලැබෙන පරිදි වූ ඉතා ඉහළ විනිවිදභාවයකින් යුක්තව සිදුවන ලෙස ඒ ඒ කමිටු යටතට පවරා එකී කමිටු සඳහා සැබෑ සුදුස්සන් පත්කර ඇතැයිද ප්‍රකාශ විය.
අකුරු ප්‍රමාණය (Font Size):

මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පවසා සිටියේය.

එසේම ජාතික ඔලිම්පික් කමිටුවේ ඉකුත් සමයේ සිදුවූ ගනුදෙනු සම්බන්ධයෙන් වන වෝහාරික විගණනයද ලබන සඳුදා දිනයේ සිට ඇරැඹෙන බවත් ඒ සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් වියදම් සැපයෙන බවත් සභාපතිවරයා පැවැසීය.

අදාළ වෝහාරික විගණනය අවසානයේ, ජාතික ඔලිම්පික් කමිටුවේ ඉකුත් සමයේ සිටි නිලධාරීන් සමහරකුගේ දූෂිත ක්‍රියා කලාපය සම්බන්ධ‍යන් සැබෑ ලෙස හෙළිදරව්වනු ඇති බවට මෙහිදී ඉඟිකළ සුරේෂ් සුබ්‍රමනියම්, වැරදි මගක යන බව තේරුම්ගතහොත් වාහනය ආපහු හරවා හෝ හරි මගට ගත යුතු බවත්, ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ලෙසින් තමන් සිදුකළේද එවැන්නක් බවත් පවසා සිටියේය.

 

මැක්ස්වෙල් ද සිල්වා

දූෂණ චෝදනා එල්ලවීම හමුවේ හිටපු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා තහනමට ලක්කිරීමෙන් පසු හිටපු උප ලේකම් චන්දන ලියනගේ ද චෝදනා මධ්‍යයේ තහනමට ලක්වූ අතර දම්පත් ප්‍රනාන්දු, ලලිත් විතාන, ගාමිණී ජයසිංහ, සුරංජිත් ප්‍රේමදාස යන හිටපු ජාතික ඔලිම්පික් කමිටු විධායක සභාවේ නිලධාරීන්ද උද්ගත තත්ත්වය හමුවේ ඉවත්වීමට යෙදුණි.

දූෂිතයන්ට එරෙහිව කටයුතු කිරීමට නොහැකි වන සේ තමාව හුදෙකලා කළ එම හිටපු නිලධාරීන්ගෙන් ඇබෑර්තු වූ අදාළ තනතුරු පිරවීම සඳහා තමන් ජාතික ඔලිම්පික් කමිටු ව්‍යවස්ථාවට අදාළව ඉහළ සුදුසුකම් ඇති පිරිසක් පත්කරගත් බවත්, මේ වන විට පරිපාලන කටයුතු වෙනුවෙන් තමන්ට සහය දෙන එකී පිරිස අදූෂිත බවට තමන්ට සහතික විය හැකි බවත් මෙහිදී මාධ්‍යවේදීන් කළ විමසුමක් හමුවේ ජාතික ඔලිම්පික් කමිටු සභාපතිවරයා පවසා සිටියේය.


තමා, අවංක නිලධාරීන් පිරිසක් සමග එක්ව ජාතික ඔලිම්පික් කමිටුව පිරිසිදු කිරීමට දරන උත්සහයේදී, අදාළ විගණනයන් සඳහා මුදල් ලබාගැනීම වැළකෙන සේ ප්‍රතිවාදී පාර්ශ්වයේ පිරිසක්, ජාතික ඔලිම්පික් කමිටුවේ බැංකු ගිණුම් අත්හිටුවන සේ එම බැංකු ශාඛාවේ කළමනාකාරවරයාගේද අනියම් සහයක් සහිතව කටයුතු කළ බවත් (මේ වන විට එම බැංකු ගිණුම් ගනුදෙනු සඳහා සක්‍රිය කර තිබිණිද) බැංකුවකට අධිකරණ තීන්දුවකින් තොරව එසේ ගිණුම් කටයුතු අත්හිටුවීමට නීත්‍යනුකූළ බලයක් නොමැති බැවින් එම බැංකුවට එරෙහිව නඩුමගට පිවිසෙන බවත් මෙහිදී ජාතික ඔලිම්පික් කමිටුව සභාපතිවරයා වෙතින් ප්‍රකාශ විය.
 
සුරේෂ් සුබ්‍රමනියම්
එසේම ඉකුත් සමයේදී හිටපු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා විසින් සිය ඡායාරූපයක් පළවූ ආකරය සම්බන්ධයෙන් නොසතුටුවීම නිසා රුපියල් මිලියන 3ක වියදමින් මුද්‍රණය කළ ජාතික ඔලිම්පික් කමිටුවේ සඟරාවක පිටපත් ගිනිබත් කිරීමට සහ කඩදාසි බරට විකුණාදැමීමට කටයුතු කර ඇතැයිද මෙහිදී කියැවිණි.
අදාළ සඟරාවේ මැද පිටු දෙක පුරා සමූහ ඡායාරූපයක් පළව ඇති අතර එම පිටු සැකසුමට අනුව සඟරාව වැසෙන විට අදාළ සමූහ ඡායාරූපයේ හිටපු ලේකම්වරයාගේ රුව පිහිටි ස්ථානයෙන් ඔහුගේ මුහුණ පිටු දෙකට මැදින් නැවී යන සේ මුද්‍රණය වී තිබීම නිසා ඔහු ඒ ගැන දැඩි ලෙස උරණ වී මෙලෙස සිදුකර ඇතැයිද ප්‍රකාශ විණි.

මේ අතර ඉකුත් සමයේ දැඩි ලෙස පක්ෂග්‍රාහීව සහ කිසිදු විනිවිදභාවයකින් තොරව සිදුවූ ජාතික ඔලිම්පික් කමිටුවේ කටයුතු මේ වන විට සුදුස්සාට සුදුසු තැන ලැබෙන පරිදි වූ ඉතා ඉහළ විනිවිදභාවයකින් යුක්තව සිදුවන ලෙස ඒ ඒ කමිටු යටතට පවරා එකී කමිටු සඳහා සැබෑ සුදුස්සන් පත්කර ඇතැයිද ප්‍රකාශ විය.
 
රි‍ෆ්ඩි ‍ෆාමි
ඒ අනුව ජාත්‍යන්තර තරගාවලි සඳහා කණ්ඩායම් ප්‍රධානීන් පත්කිරීමේදී මෙතෙක් පැවැති ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් හෝ හිතවතුන් පත්කරීමේ ක්‍රමවේදය වෙනස් කරමින් ඉදිරියේදී පැවැත්වෙන එවැනි ඉසව් සඳහා විවෘත අයැදුම්පත් කැඳවීමේ ක්‍රමවේදයක් මේ වන විටද අරඹා ඇතැයි ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් රි‍ෆ්ඩි ‍ෆාමි මෙම මාධ්‍ය සාකච්ඡාවේදී පවසා සිටියේය.

එපමණක් නොව, නිසි තෝරාගැනීමේ ක්‍රමවේදයකින් තොරව ක්‍රීඩා ශිෂ්‍යත්ව පිරිනමමින් කෝටි ගණනින් මුදල් අපතේ යැවූ යුගය නිමා කරමින් විවෘත ඉල්ලුම්පත් කැඳවීමේ ක්‍රමවේදයකින් ඒවා පිරිනැමීමද මේ වන විට ක්‍රියාත්මක කර ඇතැයි මෙහිදී පැවැසුණි.


( aruna | ඉන්ද්‍රජිත් සුබසිංහ)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඔලිම්පික් කමිටුවෙන් ශ්‍රී ලංකාවට දැමූ ප්‍රතිපාදන තහංචිය නිමි | The Leader