The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඔන්ලයින් නින්දා කිරීම ගැන එංගලන්ත ටෙනිස් ක්‍රීඩිකාවගෙන් අනාවරණයක්

T

The Leader Desk

June 20, 2025 • 9:28 AM

ඔන්ලයින් නින්දා කිරීම ගැන එංගලන්ත ටෙනිස් ක්‍රීඩිකාවගෙන් අනාවරණයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ මස මුල පැවති ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ ක්‍රීඩා කරමින් සිටියදී එංගලන්තයේ ටෙනිස් තාරකාවක වන කේටී බෝල්ට (Katie Boulter) ට ලැබුනු ඔන්ලයින් පණිවුඩ කිහිපයෙන් එකකි මේ.
  • හෙට වන විට ඇය නොමැරී සිටියහොත් ඇගේ ආච්චිගේ සොහොනට හානි සිදුකරන බව සහ “ඔබේ මුළු පවුලටම ඉටිපන්දම් හා මිනීපෙට්ටියක්” යනුවෙන් තවත් පණිවුඩයක සඳහන්ව තිබුනා.
  • තෙවැනි පණිවුඩයෙන් මෙසේ කියා තිබුනා: “උඹ අපායට පලයන්, මගේ අම්මා එවපු සල්ලි මට නැතිවුනා.” මේ අපවාදාත්මක පණිවුඩ ලැබී දින දහයකට පසුව නැවත ඒවා කියවන එංගලන්තයේ අංක 2 ටෙනිස් ක්‍රීඩිකාවගේ ප්‍රතිචාරවල ගැබ්ව තිබෙන්නේ බලාපොරොත්තු සුන්වීම, විඳ දරා සිටීම හා භීතියේ මිශ්‍රණයක්.
  • මෙවැනි හිරිහැර කිරීමේ පණිවුඩ ලැබීම දැන් සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇතැයි ප්‍රකාශ කරන 28 හැවිරිදි බෝල්ට, මෙමගින් තරුණ ක්‍රීඩිකාවන්ට සිදුවන අහිතකර බලපෑම ගැන බිය පළ කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ මස මුල පැවති ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ ක්‍රීඩා කරමින් සිටියදී එංගලන්තයේ ටෙනිස් තාරකාවක වන කේටී බෝල්ට (Katie Boulter) ට ලැබුනු ඔන්ලයින් පණිවුඩ කිහිපයෙන් එකකි මේ.

හෙට වන විට ඇය නොමැරී සිටියහොත් ඇගේ ආච්චිගේ සොහොනට හානි සිදුකරන බව සහ “ඔබේ මුළු පවුලටම ඉටිපන්දම් හා මිනීපෙට්ටියක්” යනුවෙන් තවත් පණිවුඩයක සඳහන්ව තිබුනා.

තෙවැනි පණිවුඩයෙන් මෙසේ කියා තිබුනා: “උඹ අපායට පලයන්, මගේ අම්මා එවපු සල්ලි මට නැතිවුනා.”

 

මේ අපවාදාත්මක පණිවුඩ ලැබී දින දහයකට පසුව නැවත ඒවා කියවන එංගලන්තයේ අංක 2 ටෙනිස් ක්‍රීඩිකාවගේ ප්‍රතිචාරවල ගැබ්ව තිබෙන්නේ බලාපොරොත්තු සුන්වීම, විඳ දරා සිටීම හා භීතියේ මිශ්‍රණයක්.

මෙවැනි හිරිහැර කිරීමේ පණිවුඩ ලැබීම දැන් සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇතැයි ප්‍රකාශ කරන 28 හැවිරිදි බෝල්ට, මෙමගින් තරුණ ක්‍රීඩිකාවන්ට සිදුවන අහිතකර බලපෑම ගැන බිය පළ කරනවා.

kuiehf897e4

k92878r

k928374

k9q8c4uhtකේටී බෝල්ට (Katie Boulter) ට ලැබුනු අපවාදාත්මක ඔන්ලයින් පණිවුඩ

 

තම ආදරණීයයන්ට තර්ජනය කෙරෙන පණිවුඩය ඇයට එවා තිබුනේ ඇය Carole Monnet ට එරෙහිව ප්‍රංශ විවෘත පළමු වටයේ තරගයට ක්‍රීඩා කරමින් සිටියදී. කෙසේ වෙතත් එම තරගය ජය ගැනීමට බෝල්ට සමත් වුනා.

“අපි සිටින්නේ කොතරම් අවදානම් සහිතව ද කියලා මෙයින් පෙන්නුම් කරනවා” යනුවෙන් ඇය කියනවා. “‌මේ පණිවුඩ එවන පුද්ගලයා ඔබට පේන්න ඉන්නවාද කියා ඔබ හරියටම දන්නේ නැහැ. ඔවුන් ඉන්නේ ඔබ අසල ද, ඔවුන් ඔබ ජීවත් වන ස්ථානය දන්නවා ද,ඔබේ පෞද්ගලික දේවල් ඔවුන් දන්නවා ද කියා ඔබට කිසිම දැනුමක් නැහැ.”

ඇයට පිළිකාව හැදේවි කියා ප්‍රාර්ථනා කරමින් එවන ලද පණිවිඩය දෙස බෝල්ට නැවත බලන්නේ හිස සලමින්.

“මේක එවුවේ කවුද කියලා මම නිතරම කල්පනා කරනවා” යනුවෙන් ඇය පවසනවා.

 



“මම නම් හිතන්නේ නැහැ මම මගේ පරම හතුරාටවත් මෙහෙම දෙයක් කියයි කියලා. ඒක ඔ්නම කෙනෙකුට කියන නරකම නරක දෙයක්. ඒක හරිම අප්‍රසන්නයි.”

තමන්ගේ පරාජයන් මෙන්ම ජයග්‍රහණවලින් ද පසුව මේ පණිවුඩ ලැබෙන නිසා මේ පරිභව කිරීම්වලින් වැඩි ප්‍රමාණයක් එන්නේ ඇගේ තරග වෙනුවෙන් ඔට්ටු ඇල්ලූ පුද්ගලයන්ගෙන් බවට බෝල්ට විශ්වාස කරනවා. මෙයින් නින්දා සහගත පණිඩුඩ බොහොමයක් ලැබෙන්නේ ඇගේ ජයග්‍රහණයේදී ඔට්ටුවෙන් පරාද වූ පුද්ගලයන්ගෙන් යැයි බෝල්ට කියනවා.

ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනය (ITF) හා කාන්තා ටෙනිස් සංගමය (WTA) ට ලබා දී ඇති දත්ත අනුව 2024 වසරේදී අපවාදාත්මක, ප්‍රචණ්ඩ හෝ තර්ජනාත්මක පණිඩුඩ 8,000ක් ටෙනිස් ක්‍රීඩකයින් 458 දෙනෙකුට ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රසිද්ධියේ යවා ඇති බවට පෙනී ගොස් තිබෙනවා.

මේ නින්දා සහගත පණිවුඩ සැලකිය යුතු කොටසක් එන්නේ තරග ඔට්ටු ඇල්ලීමේදී පැරදීමෙන් කෝපයට පත් පුද්ගලයන්ගෙන් බවට සොයාගෙන තිබෙනවා.

ක්‍රීඩිකාවන්ට මුහුණ දීමට සිදුව තිබෙන තවත් ප්‍රධාන ගැටළුවක් වී තිබෙන්නේ ඔවුන්ට ලැබෙන නග්නත්වය හෝ ලිංගික කාර්ය විස්තර කෙරෙන පිංතූර බව ‌ලොව අංක 39 ට ශ්‍රේණිගතව සිටින බෝල්ට පවසනවා.

 

96259d60 c11b 11ef b76e 9de78285d5f5

තමාගේ මවුබිමේදී විම්බ්ල්ඩන් ග්‍රෑන්ඩ් ස්ලෑම් ඉසව්වට ක්‍රීඩා කරන විට තමාට කෙරෙන නින්දාවේ මට්ටම ඉහළ යනු ඇතැයි අනුමාන කරන කේටී බෝල්ට ඊට මුහුණ දීමට දැන් සූදානම් වනවා. තමා සමග විවාහ ගිවිස ගත් ඔස්ට්‍රේලියානු ලෝක අංක 12 ක්‍රීඩක Alex de Minaur ගේ කුසලතා පදනම් කරගෙන ද තමාට අපවාදාත්මක පණිවුඩ ලැබෙන බව ඇය ප්‍රකාශ කරනවා.


Double Blue Ball 2025: ආදි වෙස්ලිඅයිට්ස් ක්‍රීඩා සමාජයෙන් ලාස් වේගාස් තේමාව  කොටගත් උත්සවයක්(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...