The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඔන්ලයින් හිරිහැරය: එංගලන්ත පාපන්දු ක්‍රීඩිකාවෝ සමාජ මාධ්‍යයෙන් ඉවත් වෙති

T

The Leader Desk

June 21, 2025 • 8:59 AM

ඔන්ලයින් හිරිහැරය: එංගලන්ත පාපන්දු ක්‍රීඩිකාවෝ සමාජ මාධ්‍යයෙන් ඉවත් වෙති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එංගලන්ත ක්‍රීඩිකාවන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ කියා සිටියේ ඔවුන් සතුව තිබෙන කාන්තා යුරෝපීය පාපන්දු කුසලානය ජූලි 2 වැනිදා ස්විට්සලන්තයේ ඇරැඹෙන 2025 තරගාවලියේ රැකගැනීමට සූදානම් වෙමින් සිටින අතරතුර.
  • මම මීට වඩා තරුණ වියේ සිටිද්දී ඒවාට අහුවුනා” යනුවෙන් 26 හැවිරිදි ඇය වාර්තාකරුවන්ට කියා සිටියා.
  • මම මේ පණිවුඩ කියවලා සමහර අවස්ථාවල ඒ උගුල්වලට අහුවුනා.” “මම 2023 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වෙද්දී, මම සම්පූර්ණයෙන්ම ඒවා අතහැරලා මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම හසුරුවන්න වෙනත් පුද්ගලයන්ව පත්කළා.
  • මේවායින් ඉවත්ව කණ්ඩායමක් ලෙස අවධානය යොමු කිරීමෙන් මට සාර්ථකත්වයක් ලැබුනා.” එංගලන්ත කණ්ඩායමේ සිටින තවත් ක්‍රීඩිකාවක වන චෙල්සී ක්‍රීඩා සමාජයීය ක්‍රීඩිකා Lauren James කියන්නේ මේ ඔන්ලයින් හිරිහැරය ඇත්තටම කවදාවත් නිම නොවන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


එංගලන්ත ක්‍රීඩිකාවන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ කියා සිටියේ ඔවුන් සතුව තිබෙන කාන්තා යුරෝපීය පාපන්දු කුසලානය ජූලි 2 වැනිදා ස්විට්සලන්තයේ ඇරැඹෙන 2025 තරගාවලියේ රැකගැනීමට සූදානම් වෙමින් සිටින අතරතුර.

ආසනල් කණ්ඩායම සමග චැම්පියන්ස් ලීග් ජයග්‍රාහී තරග වාරයකින් පසුව ජාතික කණ්ඩායමට එක්වන ආක්‍රමණික ක්‍රීඩිකා Alessia Russo අදහස් දක්වමින් පාපන්දු ක්‍රීඩිකාවන්ට ලැබීමට ඉඩ තිබෙන සෘණාත්මක ඔන්ලයින් පණිවුඩ පිළිබඳව විස්තර කළා.

0 Best friends Russo and Toone will defend Englands European title this summer Nick PottsPA

“මම අතීතයේ ඒවාට මුහුණ දී තිබෙනවා. කණ්ඩායමේ බොහෝ ක්‍රීඩිකාවනුත් එහෙමයි කියා මා හිතනවා. මම මීට වඩා තරුණ වියේ සිටිද්දී ඒවාට අහුවුනා” යනුවෙන් 26 හැවිරිදි ඇය වාර්තාකරුවන්ට කියා සිටියා.

“මට වැදගත් වන්නේ මගේ කණ්ඩායමේ සගයන්ගෙන්, මගේ පුහුණුකරුවන්ගෙන් සහ මගේ පවුලෙන් ලැබෙන අදහස් පමණයි. මම මගේ පළමු යුරෝ තරගාවලියට ක්‍රීඩා කරමින් සිටියදී සමාජ මාධ්‍යයේ හිටියා. මම මේ පණිවුඩ කියවලා සමහර අවස්ථාවල ඒ උගුල්වලට අහුවුනා.”

“මම 2023 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වෙද්දී, මම සම්පූර්ණයෙන්ම ඒවා අතහැරලා මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම හසුරුවන්න වෙනත් පුද්ගලයන්ව පත්කළා. මම අවධානය යොමු කළේ තරගාවලියට පමණයි. මේවායින් ඉවත්ව කණ්ඩායමක් ලෙස අවධානය යොමු කිරීමෙන් මට සාර්ථකත්වයක් ලැබුනා.”

skysports lauren james chelsea 6717864

එංගලන්ත කණ්ඩායමේ සිටින තවත් ක්‍රීඩිකාවක වන චෙල්සී ක්‍රීඩා සමාජයීය ක්‍රීඩිකා Lauren James කියන්නේ මේ ඔන්ලයින් හිරිහැරය ඇත්තටම කවදාවත් නිම නොවන බවයි. නමුත් තමා එම අපවාදයන් සමග ගනුදෙනු කිරීමට සමත් වූ බව 23 වියේ පසුවන ඇය සඳහන් කරනවා.

එංගලන්ත පාපන්දු ක්‍රීඩිකාවන්ගේ මේ අදහස් පළවන්නේ එංගලන්තයේ සුපිරි ටෙනිස් ක්‍රීඩිකාව වන කේටී බෝල්ට තමන්ට මෑතකදී ලැබුනු නින්දාසහගත ඔන්ලයින් පණිවුඩ හා මරණ තර්ජන පිළිබඳව අනාවරණය කිරීමෙන් පසුව.

විශේෂයෙන් ඔන්ලයින් ක්‍රීඩා ඔට්ටු ඇල්ලීම සම්බන්ධයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත එල්ල වන පරිභව කිරීම් මෑත වසරවල වැඩිවී තිබෙනවා.

gettyimages 2218674277Alessia Russo

ක්‍රීඩාවල ඔට්ටු ඇල්ලීම දැන් අමෙරිකාවේ ප්‍රාන්ත 39ක නීත්‍යානුකූල කර තිබෙන අතර මේ නිසා වෘත්තීය හා කොලේජ් ලීගයන්හි ක්‍රීඩා කරන්නන්ට පරිභව කිරීමේ ධාරාවකට දොරටු විවර වී ඇති බවට ප්‍රවීණයන් අනතුරු අඟවා තිබෙනවා. මේ නින්දා සහගත පණිවුඩ එවන්නේ ඔට්ටු අල්ලා පැරදුනු පුද්ගලයන්.

පළමු කොටසේ ශූරතාවලිය අතරතුර කොලේජ් ක්‍රීඩකයන්, පුහුණුකරුවන් හා නිලධාරීන්ට පරිභව කරමින් සමාජ මාධ්‍ය හරහා එවන ලද පණිවුඩවලින් සියයට 12ක ප්‍රමාණයක් එනම් පණිවුඩ 740ක් පමණ ක්‍රීඩා ඔට්ටු ඇල්ලීමට සම්බන්ධ ඒවා බවට සොයාගෙන තිබෙනවා.

මේ අතර, මරණීය තර්ජන ද ඇතුළුව ඔට්ටු ඇල්ලීමට සම්බන්ධ අපවාදාත්මක පණිවුඩ 540කට වැඩි ප්‍රමාණයක ඉලක්කය වී තිබුනේ පිරිමි හා කාන්තා බාස්කට්බෝල් තරගවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් බව වාර්තා වනවා.


warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...