The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලිබියානු පාපන්දුවේ ප්‍රචණ්ඩත්වය ඇවිලෙයි

T

The Leader Desk

June 21, 2025 • 2:19 PM

ලිබියානු පාපන්දුවේ ප්‍රචණ්ඩත්වය ඇවිලෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ මහත් කලබැගෑනියට මුල්වූයේ අල්-ඉට්ටිහාඩ් කණ්ඩායමේ මොරොක්කෝ ජාතික මැදපෙල ක්‍රීඩක Noufel Zerhouni ලබා ගත් ගෝලය.
  • තරගයේ විනිසුරු ලෙස කටයුතු කරමින් සිටි පෘතුගීසි ජාතික Fabio Jose Costa සහ ක්‍රීඩා ලෝලීන් කිහිප දෙනෙක් සිද්ධියෙන් තුවාල ලැබූ බව වාර්තා වනවා.
  • ක්‍රීඩා ලෝලීන් හා ආරක්ෂක බලකාය අතර ක්‍රීඩාංගණය ඇතුළත මෙන්ම පිටතදීත් හටගත් ගැටුම් ඔන්ලයින් වීඩියෝ පටවලින් අනාවරණය වූයේ තත්ත්වයේ බරපතලකම පෙන්නුම් කරමින්.
  • තරගයේ ප්‍රතිඵලය හෝ වෙනත් විනයානුකූල ක්‍රියාමාර්ග පිළිබඳව ලිබියානු පාපන්දු සම්මේලනය (LFF) මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ මහත් කලබැගෑනියට මුල්වූයේ අල්-ඉට්ටිහාඩ් කණ්ඩායමේ මොරොක්කෝ ජාතික මැදපෙල ක්‍රීඩක Noufel Zerhouni ලබා ගත් ගෝලය. ඔහු තමා ලබා ගත් ගෝලයේ සතුට අල්-අහ්ලී ක්‍රීඩා ලෝලීන් ඉදිරියේ ප්‍රදර්ශනය කරද්දී ඉන් කුපිත වූ ප්‍රතිවාදී ක්‍රීඩා ලෝලීන්, ආධාරකරුවන් හා අතිරේක ක්‍රීඩකයින් පිටිය ආක්‍රමණය කළේ ඉතාමත් ප්‍රචණ්ඩ අයුරින්.

xgetee

තරගයේ විනිසුරු ලෙස කටයුතු කරමින් සිටි පෘතුගීසි ජාතික Fabio Jose Costa සහ ක්‍රීඩා ලෝලීන් කිහිප දෙනෙක් සිද්ධියෙන් තුවාල ලැබූ බව වාර්තා වනවා. පිටිය තුළ ශාරීරික ගැටුම් හටගත් විට තරග විනිසුරුවන් හා ක්‍රීඩකයන් ඔවුන්ගේ ජීවිත බේරා ගැනීම පිණිස ක්‍රීඩාංගණයෙන් පලා ගිය අතර තරගය නැවත ආරම්භ වුනේ නැහැ.

ක්‍රීඩා ලෝලීන් හා ආරක්ෂක බලකාය අතර ක්‍රීඩාංගණය ඇතුළත මෙන්ම පිටතදීත් හටගත් ගැටුම් ඔන්ලයින් වීඩියෝ පටවලින් අනාවරණය වූයේ තත්ත්වයේ බරපතලකම පෙන්නුම් කරමින්.

මේ ප්‍රචණ්ඩත්වය තවත් තීව්‍ර කරමින් අල්-ඉට්ටිහාඩ් කණ්ඩායමේ බස් රථයට ද ගිනි තැබුනු අතර වාසනාවකට කිසිම කෙනෙක් ඒ මොහොතේ බස් රියේ සිටියේ නැහැ.

cfhrertth

තරගයේ ප්‍රතිඵලය හෝ වෙනත් විනයානුකූල ක්‍රියාමාර්ග පිළිබඳව ලිබියානු පාපන්දු සම්මේලනය (LFF) මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැහැ. සිද්ධිය ඇතිව තිබෙන්නේ මේ තරගය ගේට්ටු වසා දැමුනු ක්‍රීඩාංගණයක පවත්වන ලෙසට LFF විසින් උපදෙස් දී තිබියදී වීම විශේෂත්වයක්.

මේ හේතුවෙන්, ක්‍රීඩාංගණයේ ආරක්ෂක කටයුතුවල බිඳ වැටීමක් පෙන්නුම් කරන බව පැවසෙනවා. දොරටු වසා තිබියදීත් ක්‍රීඩා ලෝලීන් කණ්ඩායම් වශයෙන් ක්‍රීඩාංගණය ඇතුළට රිංගා ගියේ  ප්‍රචණ්ඩත්වයට නැඹුරුව තිබූ වාතාවරණයක් තවත් උණුසුම් කරමින්.

රස්තියාදුකාරයන් විසින් ලිබියානු පාපන්දුව කඩාකප්පල් කළ ප්‍රථම අවස්ථාව මෙය නෙවෙයි. 1996 වසරේ දෙසැම්බරයේ මේ කණ්ඩායම් දෙක අතර පැවති තරගය අතරතුර මුවම්මර් ගඩාෆි ට පක්ෂපාතීව හා විරුද්ධව මත ප්‍රකාශ කළ කැරැලිකරුවන් මැඩ පැවැත්වීම පිණිස හමුදාවන් සිදුකළ වෙඩිතැබීම්වලින් ක්‍රීඩා ලෝලීන් අට දෙනෙක් මිය ගොස් තවත් 39 දෙනෙකුට තුවාල සිදුවුනා.

මේ සිද්ධීන්වලින් ඉස්මතු වන්නේ දොරටු වසා දැමුනු ක්‍රීඩාංගණයන්හි පවත්වන පාපන්දු තරගවල පවා ආරක්ෂාව තහවුරු කිරීම සහ ක්‍රීඩා ලෝලීන්ගේ හැසිරීම පාලනය කිරීමේ කාර්යයේ දිගටම තිබෙන අභියෝගයි.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලිබියානු පාපන්දුවේ ප්‍රචණ්ඩත්වය ඇවිලෙයි | The Leader