The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉතාලියේ ක්‍රීඩා තරග විනිසුරුවන්ටත් පොලිසියට තිබෙන නීතිමය ආරක්ෂාව

T

The Leader Desk

June 23, 2025 • 9:11 AM

ඉතාලියේ ක්‍රීඩා තරග විනිසුරුවන්ටත් පොලිසියට තිබෙන නීතිමය ආරක්ෂාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොලිස් නිලධාරීන්ට සහ රජයේ හා පොදු ප්‍රජාවගේ කටයුතු කරන නිලධාරීන්ට තිබෙන නීතිමය ආරක්ෂාව තරග නිලධාරීන්ට ද ඉතාලි රජය විසින් ලබා දී තිබෙන්නේ ඔවුන්ගේ දණ්ඩ නීති සංග්‍රහය වෙනස් කරමින්.
  • එය පිළිනොගන්නා අයට අනතුරු අඟවනවා: හෙට සිට තරග විනිසුරුවන්ට එරෙහිව සිදුකරන ප්‍රචණ්ඩකාරී හැසිරීම සහ ආරවුල් ඇති කිරීමට ප්‍රමාදයකින් තොරව දඬුවම් කරනවා.
  • සමහර විට බන්ධනාගාරගත කරන්නත් ඉඩ තිබෙනවා” යනුවෙන් සිකුරාදා මේ නව නීතිය ගෙන එමින් කණිෂ්ඨ අධිකරණ ඇමති Andrea Ostellari ප්‍රකාශ කළා.
  • සිසිලි නුවර පැවති පසුගිය ක්‍රීඩා වාරයේ යොවුන් තරගයකදී 19 හැවිරිදි Diego Alfonzetti ට පහර දීමක් සිදුවුනා.
අකුරු ප්‍රමාණය (Font Size):


පොලිස් නිලධාරීන්ට සහ රජයේ හා පොදු ප්‍රජාවගේ කටයුතු කරන නිලධාරීන්ට තිබෙන නීතිමය ආරක්ෂාව තරග නිලධාරීන්ට ද ඉතාලි රජය විසින් ලබා දී තිබෙන්නේ ඔවුන්ගේ දණ්ඩ නීති සංග්‍රහය වෙනස් කරමින්.

තරග විනිසුරුවන්ට පහර දීමේ සිද්ධීන්වල වැඩිවීමකින් පසුව වෙනස් කර තිබෙන මේ නීතියට අනුව, තරග නිලධාරීන්ව තල්ලු කරන, පහර දෙන හෝ තර්ජනය කරන පුද්ගලයන්ට දැනට ක්‍රියාත්මක දඬුවම්වලට වඩා වැඩි දඬුවම් නියම වනවා.

4VRJIGGDRBIWNABQNAYDY5D7T4

“ක්‍රීඩාව යනු පක්ෂපාතිත්වය හා බෙදා ගැනීමයි. එය පිළිනොගන්නා අයට අනතුරු අඟවනවා: හෙට සිට තරග විනිසුරුවන්ට එරෙහිව සිදුකරන ප්‍රචණ්ඩකාරී හැසිරීම සහ ආරවුල් ඇති කිරීමට ප්‍රමාදයකින් තොරව දඬුවම් කරනවා. සමහර විට බන්ධනාගාරගත කරන්නත් ඉඩ තිබෙනවා” යනුවෙන් සිකුරාදා මේ නව නීතිය ගෙන එමින් කණිෂ්ඨ අධිකරණ ඇමති Andrea Ostellari ප්‍රකාශ කළා.

තරග විනිසුරුවන්ට එල්ල වන ප්‍රහාරයන් පිළිබඳව ඉතාලි රජය පසුගිය දෙසැම්බරයේ සිට ඉතාලි පාපන්දු විනිසුරුවන්ගේ සංගමය සමග සාකච්ඡා කරමින් සිටියා.

e5f98790 4eb8 11f0 9aa0 796ec11eecac

ඒ මාසයේදී ඉතාලියේ ප්‍රධානතම පාපන්දු තරගාවලිය වන Serie A ලීගයේ විනිසුරුවන් ඔවුන්ට එල්ල වන පරිභව කිරීම්වල වැඩිවීම සම්බන්ධයෙන් විරෝධතාව පළ කළේ ඔවුන්ගේ කම්මුලේ කළු පැල්ලමක් ඇඳගෙන තරග විනිශ්චයේ යෙදෙමින්.

සිසිලි නුවර පැවති පසුගිය ක්‍රීඩා වාරයේ යොවුන් තරගයකදී 19 හැවිරිදි Diego Alfonzetti ට පහර දීමක් සිදුවුනා.


warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉතාලියේ ක්‍රීඩා තරග විනිසුරුවන්ටත් පොලිසියට තිබෙන නීතිමය ආරක්ෂාව | The Leader