The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මන්දනා ඉන්දීය ක්‍රිකට් වාර්තා පොත අලුතින් ලියයි

T

The Leader Desk

June 29, 2025 • 5:30 AM

මන්දනා ඉන්දීය ක්‍රිකට් වාර්තා පොත අලුතින් ලියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එංගලන්තයට එරෙහිව නොටින්හැම්හිදී පැවති පළමු විස්සයි20 තරගයේදී ප්‍රහාරාත්මක ලකුණු 112ක් රැස්කරමින් ඇය මෙම සුවිශේෂී වාර්තාව පිහිටුවීය.
  • පළමුව පන්දුවට පහර දී ඉන්දියාව රැස්කළ ලකුණු 210ක දැවැන්ත ඉනිමේ වැඩි බරක් කරට ගත් ඇය සිය ශතක ඉනිම වෙනුවෙන් මුහුණදුන්නේ පන්දු 62කට පමණි.
  • එහිදී හයේ පහර 3ක් හා හතරේ පහර 15ක් එල්ල කිරීමටද ඇය වගබලා ගත්තාය.
  • ඇය මේ වනවිට ටෙස්ට් ශතක 2කට හා එක්දින ශතක 11කට හිමිකම් කියයි.
අකුරු ප්‍රමාණය (Font Size):


එංගලන්තයට එරෙහිව නොටින්හැම්හිදී පැවති පළමු විස්සයි20 තරගයේදී ප්‍රහාරාත්මක ලකුණු 112ක් රැස්කරමින් ඇය මෙම සුවිශේෂී වාර්තාව පිහිටුවීය.

පළමුව පන්දුවට පහර දී ඉන්දියාව රැස්කළ ලකුණු 210ක දැවැන්ත ඉනිමේ වැඩි බරක් කරට ගත් ඇය සිය ශතක ඉනිම වෙනුවෙන් මුහුණදුන්නේ පන්දු 62කට පමණි. එහිදී හයේ පහර 3ක් හා හතරේ පහර 15ක් එල්ල කිරීමටද ඇය වගබලා ගත්තාය.

 

ඇය මේ වනවිට ටෙස්ට් ශතක 2කට හා එක්දින ශතක 11කට හිමිකම් කියයි.

මේ අතර එංගලන්තයට එරෙහිව පැවති මෙම තරගයෙන් ලකුණු 97ක විශිෂ්ට ජයක් ලැබීමටද ඉන්දියාවට හැකිවිය.

ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී රැස්කළ ලකුණු 210ක දැවැන්ත ඉනිමට පිළිතුරු ලෙස එංගලන්තයට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 113ක් පමණි.

ind w 229835
ඒ අනුව එංගලන්තය ලැබූ එම පරාජය සැලකෙන්නේද ඔවුන් ඉන්දියාව හමුවේ සිය ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු පරතරකින් පරාජය වූ තරගය ලෙසය.

මෙම තරගයේ ඉන්දීය කණ්ඩායමේ නායිකාව ලෙසින් කටයුතු කළේද මන්දනාය.

| adaderana

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...