The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

කාසන් බ්‍රැන්ස්ටීන්: විම්බල්ඩන් ටෙනිස් පිටියට අද පා තබන ලස්සන නිරූපිකාව

T

The Leader Desk

June 30, 2025 • 10:04 AM

කාසන් බ්‍රැන්ස්ටීන්: විම්බල්ඩන් ටෙනිස් පිටියට අද පා තබන ලස්සන නිරූපිකාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෘත්තීය නිරූපිකාවක වන කාසන් බ්‍රෑන්ස්ටීන් (Carson Branstine) විම්බල්ඩන් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයෙන් ඉදිරියට පැමිණි එක් අනපේක්ෂිත ක්‍රීඩිකාවක්.
  • එම වටයේදී ඇය මුහුණ දුන් තරග තුනට ප්‍රංශ විවෘත අවසන් පූර්ව ක්‍රීඩිකාවක වූ ලුවා බොයිසෝ (Lois Boisson) ට එරෙහිව වාර්තා කළ ජයග්‍රහණය ද ඇතුළත්.
  • වර්තමානයේ ලොව අංක 197 ට ශ්‍රේණිගතව සිටින බ්‍රෑන්ස්ටීන් අද තරග වදින්නේ ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩිකාව වන එරීනා සබලෙන්කා (Aryna Sabalenka) සමග.
  • බොහෝ වෙලාවට ඔබ යම් වස්තුවක්.
අකුරු ප්‍රමාණය (Font Size):


වෘත්තීය නිරූපිකාවක වන කාසන් බ්‍රෑන්ස්ටීන් (Carson Branstine) විම්බල්ඩන් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරග  වටයෙන් ඉදිරියට පැමිණි එක් අනපේක්ෂිත ක්‍රීඩිකාවක්. එම වටයේදී ඇය මුහුණ දුන් තරග තුනට ප්‍රංශ විවෘත අවසන් පූර්ව ක්‍රීඩිකාවක වූ ලුවා බොයිසෝ (Lois Boisson) ට එරෙහිව වාර්තා කළ ජයග්‍රහණය ද ඇතුළත්.  

වර්තමානයේ ලොව අංක 197 ට ශ්‍රේණිගතව සිටින බ්‍රෑන්ස්ටීන් අද තරග වදින්නේ ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩිකාව වන එරීනා සබලෙන්කා (Aryna Sabalenka) සමග.

Carson

කාසන් බ්‍රැන්ස්ටීන් කාන්තා ටෙනිස් සංගමයේ (WTA) තරගාවලියන්ට සහභාගි වීමට මුදල් සොයාගෙන තිබෙන්නේ ඇගේ නිරූපණ රැකියාවෙන්.

වෘත්තීන් දෙකක් එකිනෙකට සමීපව සමබර කර ගැනීමෙන් තමන්ට ලැබෙන විනෝදය ගැන ඇය කතා කරන්නේ විවෘතව: “පිංතූර ගනිද්දී කැමරාව ඉදිරියේ ඉන්න මම හරි ආසයි. ඒක විනෝදයක්. මම විලාසිතාවලට ආසයි. මගේ සමහර තරග සංචාරයන්ට මට මුදල් ගෙවීමට හැකිවුනු එක හේතුවක් තමයි එ රැකියාව.”

carson1

“මගේ මව්පියන්ගෙන් කිසිම දෙයක් ඉල්ල ගන්න මට ඕන වුනේ නැහැ. මට උවමනා කළේ මගේ සියලු දේවල් මගෙන් සහ ටෙනිස් ක්‍රීඩාවෙන් එනවා දකින්නයි.”

“මේ ඒජන්සි මාත් එක්ක ගිවිසුම් අත්සන් කළේ මගේ ටෙනිස් දක්ෂතාව නිසා නෙවෙයි. මගේ පෙනුම නිසයි.”

“මෝස්තර නිරූපණය කිරීම හා ටෙනිස් ක්‍රීඩාව පුදුම විදියට එක සමානයි. බොහෝ වෙලාවට ඔබ යම් වස්තුවක්. ඔබ පුද්ගලයෙක් ද වන බව මිනිසුන්ට සමහර වෙලාවට අමතක වෙනවා.”

carson2

 

ටෙනිස් ඉනිමගේ ඉහළට නැගීමට අබාධ හරස් වීම මත වසර පහක් ම පැත්තකට වී සිටීමෙන් පසුව, සබලෙන්කා ට එරෙහිව ලබා ගන්නා ජයග්‍රහණයක් මගින් ඇයට දැඩි විශ්වාසයකින් යුතුව ඇගේ විම්බල්ඩන් සම්ප්‍රාප්තිය සුවිශේෂ ආකාරයෙන් නිවේදනය කිරීමට හැකිවනවා.

“මම කවුද කියලා හැමෝම නොදන්නවා වෙන්න පුළුවනි. එත් මට ඕනම කෙනෙක්ව පරද්දන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මගේ ක්‍රීඩාව ඕනම කෙනෙක් එක්ක කරට කර තියන්න පුළුවන් කියලා මම දන්නවා. මට ඒක දැන් ප්‍රදර්ශනය කරන්න අවස්ථාවක් ලැබීම ගැන සතුටු වෙනවා.”

 

ටෙනිස් පිටිය හා කැමරාවේ අවධානයෙන් බැහැරව සිටියදී බ්‍රෑන්ස්ටීන් කැප වුනු ශිෂ්‍යාවක්. දර්ශන විද්‍යාව හා ක්‍රීඩා කළමනාකරණය පිළිබඳව දෙවැනි අධ්‍යයනයක් ලබන අතර ඇය සමාජය, සදාචාර ප්‍රතිපත්ති සහ නීතිය පිළිබඳ පළමු පංතියේ උපාධියක් ලබා ගෙන තිබෙනවා.

පවුල් නීතියට සම්බන්ධ නඩු කතා කරමින් ඇය සහාය නීතිඥවරියක ලෙස වසරක කාලයක් උසාවියේ ද කටයුතු කර තිබෙනවා.

අනාගතයේ නැවත නීති විද්‍යාලයට පිවිසීමට ආශාවක් තිබෙන බවට මේ නිරූපිකාව ප්‍රකාශ කරන්නේ තමාට ඉක්මනින්ම පවුල් ජීවිතයක් ආරම්භ කිරීමටත් කැමැත්තක් තිබෙන බව සඳහන් කරමින්.

 

carson3
Double Blue Ball 2025: ආදි වෙස්ලිඅයිට්ස් ක්‍රීඩා සමාජයෙන් ලාස් වේගාස් තේමාව  කොටගත් උත්සවයක්(සටහන | වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...