The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

'මට දිගටම සෞදියේ ජීවත් වෙන්න ඕන' - රොනාල්ඩෝ

T

The Leader Desk

June 30, 2025 • 12:02 PM

'මට දිගටම සෞදියේ ජීවත් වෙන්න ඕන' - රොනාල්ඩෝ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම රාජධානිය සාමය හා ආරක්ෂාවේ ස්ථානයක් බවත් එරට ජීවත් වෙද්දී තමාට සහ තම පවුලට දැනෙන්නේ ඇත්තටම මව්බිමේ සිටින හැඟීමක් බවත් මේ ලෝක පූජිත පාපන්දු ක්‍රීඩකයා ප්‍රකාශ කරනවා.
  • එංගලන්තයේ මැන්චෙස්ට යුනයිටඩ් සමාජයෙන් ඉවත් වීමෙන් පසුව 2022 වසර අග භාගයේ සෞදි අරාබියේ අල්-නසර් වෘත්තීය පාපන්දු ලීග් කණ්ඩායමට එක්වූ 40 හැවිරිදි රොනාල්ඩෝ එම ක්‍රීඩා සමාජය සමග තිබෙන ඔහුගේ ගිවිසුම 2027 වසර දක්වා දීර්ඝ කර තිබෙනවා.
  • මේ කොන්ත්‍රාත් අලුත් කිරීමට අනුව රොනාල්ඩෝ ඔහුගේ 42 වැනි උපන්දිනය පසුවන තෙක් අල්-නසර් කණ්ඩායම සමග රැඳී සිටිනවා.
  • මේ රටේ ජීවත් වෙමින් අපේ ජීවිත මෙහෙ ගොඩනගා ගැනීමට අපට අවශ්‍ය ඒ නිසායි.” අල්-නසර් කණ්ඩායමට බැඳීමෙන් පසුව සියලුම තරගාවලියන් හරහා ගෝල් 99ක් වාර්තා කර තිබෙන රොනාල්ඩෝ, තමාගේ කොන්ත්‍රාත්තුව දීර්ඝ කිරීමට තමා පෙලඹුනේ සම්පූර්ණ නොවූ මෙහෙයුමක් තිබෙන නිසා බව සඳහන් කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


එම රාජධානිය සාමය හා ආරක්ෂාවේ ස්ථානයක් බවත් එරට ජීවත් වෙද්දී තමාට සහ තම පවුලට දැනෙන්නේ ඇත්තටම මව්බිමේ සිටින හැඟීමක් බවත් මේ ලෝක පූජිත පාපන්දු ක්‍රීඩකයා ප්‍රකාශ කරනවා.

එංගලන්තයේ මැන්චෙස්ට යුනයිටඩ් සමාජයෙන් ඉවත් වීමෙන් පසුව 2022 වසර අග භාගයේ සෞදි අරාබියේ අල්-නසර් වෘත්තීය පාපන්දු ලීග් කණ්ඩායමට එක්වූ 40 හැවිරිදි රොනාල්ඩෝ එම ක්‍රීඩා සමාජය සමග තිබෙන ඔහුගේ ගිවිසුම 2027 වසර දක්වා දීර්ඝ කර තිබෙනවා.

 

මේ කොන්ත්‍රාත් අලුත් කිරීමට අනුව රොනාල්ඩෝ ඔහුගේ 42 වැනි උපන්දිනය පසුවන තෙක් අල්-නසර් කණ්ඩායම සමග රැඳී සිටිනවා.

“මගේ පවුල සැමවිටම මගේ තීරණවලට සහයෝගය දෙනවා. අපි මෙහෙ සෞදි අරාබියේ සතුටින් සිටිනවා” යනුවෙන් රොනාල්ඩෝ කියනවා. “මෙහෙ ඉන්න මිනිස්සු අපට සලකන්නේ විශ්වාස කළ නොහැකි තරමට උණුසුම් ආකාරයෙන්. මේ රටේ ජීවත් වෙමින් අපේ ජීවිත මෙහෙ ගොඩනගා ගැනීමට අපට අවශ්‍ය ඒ නිසායි.”

 

4615542 1974981841

අල්-නසර් කණ්ඩායමට බැඳීමෙන් පසුව සියලුම තරගාවලියන් හරහා ගෝල් 99ක් වාර්තා කර තිබෙන රොනාල්ඩෝ, තමාගේ කොන්ත්‍රාත්තුව දීර්ඝ කිරීමට තමා පෙලඹුනේ සම්පූර්ණ නොවූ මෙහෙයුමක් තිබෙන නිසා බව සඳහන් කරනවා. ඒ, එම ක්‍රීඩා සමාජය සමග ප්‍රධාන ශූරතාවක් දිනා ගැනීමයි. ඔහු King Salman Club කුසලානය දිනා ගත්ත ද, දේශීය හෝ මහාද්වීප මට්ටමෙන් ප්‍රධාන ශූරතාවලියක් අල්-නසර් කණ්ඩායම සමග ඔහු මෙතෙක් ජයගෙන නැහැ.

“මම තවමත් ඒ ඉලක්කය ගැන විශ්වාස කරනවා” රොනාල්ඩෝ ප්‍රකාශ කරනවා. “ඒ නිසයි මම මගේ කොන්ත්‍රාත්තුව තව අවුරුදු දෙකකින් අලුත් කළේ. මම සෞදි අරාබියේදී ශූරයෙකු වේවි කියා මම විශ්වාස කරනවා.”

 27 rona
අමෙරිකාවේ මේ දිනවල පැවැත්වෙන පාපන්දු සමාජ ලෝක කුසලාන තරගාවලියේ ක්‍රීඩා කිරීම සඳහා තමාට ලැබුනු යෝජනා තමා ප්‍රතික්ෂේප කළේ ඉදිරියේ පැමිණෙන තමාගේ දක්ෂකම් උපරිම වශයෙන් අව්‍යශ තරග වාරයට සම්පූර්ණයෙන් සූදානම් වීමට සහ ඊට පෙර විවේකයකට තිබෙන අවශ්‍යතාව නිසා බව ඔහු කියා සිටියා.

“එය ගැනීමට තිබුනු තර්කානුකූල තීරණයක් නෙවෙයි” රොනාල්ඩෝ පැවසුවා. “ලෝක කුසලානයෙන් අවසන් වන දීර්ඝ ක්‍රීඩා වාරයකට පෙර විවේකයක් ලබමින් ඊට සූදානම් වීම වඩා වැදගත් බව මට හැඟුනා. අල්-නසර් වෙනුවෙන් පමණක් නොව පෘතුගාල ජාතික කණ්ඩායම වෙනුවෙනුත් මට මගේ උපරිම දක්ෂතාවයෙන් සිටින්න උවමනා වුණා.”

ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝගෙන් 2023 වසරේ 50 වැනි ගෝලයක්

 

මේ මස මුලදී රොනාල්ඩෝ පෘතුගාලය ට UEFA නේෂන්ස් ලීගය ජයග්‍රහණය කිරීමට උපකාරී වූයේ ස්පාඤ්ඤය ට එරෙහි අවසාන තරගයේදී ගෝලයක් ලබා ගනිමින්.


අනතුරුව දෙපිල සමව තරගය අවසන් වීමෙන් පසුව පැවති තියුණු පෙනල්ටි ප්‍රහාරයේදී ඔහුගේ කණ්ඩායම හිටපු යුරෝපීය ශූරයන් පරාජය කිරීමට සමත් වුණා.

රොනාල්ඩෝ සෞදි වෘත්තීය ලීගයට ද සිය ප්‍රශංසාව පුද කළේ එය ලෝකයේ තිබෙන හොඳම ලීගයන් පහෙන් එකක් බව සඳහන් කරමින්. සෞදි අරාබිය සත්කාරකත්වය දැක්වීමට නියමිත 2034 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ඉතිහාසයේ වඩාත්ම අලංකාර එකක් වනු ඇතැයි ඔහු අනාවැකි පළ කළා.

 

වයසට යන රොනාල්ඩෝගෙන් තවත් හපන්කමක්
මීළඟ තරග වාරය අල්-නසර් කණ්ඩායමේ ඉතිහාසයේ හොඳම ක්‍රීඩා වාරය වනු ඇති බවට ද රොනාල්ඩෝ පොරොන්දු වුණා.

Double Blue Ball 2025: ආදි වෙස්ලිඅයිට්ස් ක්‍රීඩා සමාජයෙන් ලාස් වේගාස් තේමාව  කොටගත් උත්සවයක්(සටහන | වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...