The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

බිරිඳ හා දුවට මසකට රුපියල් ලක්ෂ හතර බැගින් නඩත්තු දීමනා ගෙවන්න ඉන්දියා වේග පන්දු යවන්නාට නියෝග

T

The Leader Desk

July 2, 2025 • 10:53 AM

බිරිඳ හා දුවට මසකට රුපියල් ලක්ෂ හතර බැගින් නඩත්තු දීමනා ගෙවන්න ඉන්දියා වේග පන්දු යවන්නාට නියෝග

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ නියෝගයට අනුව හාසින් ජහාන් ට මසකට රුපියල් ලක්ෂ 1.50ක් සහ ආයිරා ට මසකට රුපියල් ලක්ෂ 2.50ක් බැගින් ගෙවීමට ෂාමි ට සිදුවනවා.
  • මාස හයක් ඇතුළත මේ නඩුවේ කටයුතු අවසන් කරන ලෙසට පහළ උසාවියට නියෝගයක් ද ලබා දී තිබෙනවා.
  • එම පෝස්ටුවට පැයක් ඇතුළත ‘ලයික්ස්’ ලක්ෂ 1.60කට වැඩියෙන් ලැබී තිබුණා.
  • එයා දුවව අරගෙන ගියේ ෂාමි දැන්වීම්වලට පෙනී සිටින ආයතනයටයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ නියෝගයට අනුව හාසින් ජහාන් ට මසකට රුපියල් ලක්ෂ 1.50ක් සහ ආයිරා ට මසකට රුපියල් ලක්ෂ 2.50ක් බැගින් ගෙවීමට ෂාමි ට සිදුවනවා.

මේ මුදල් ගෙවීමේ නියෝගය පනවා තිබෙන්නේ වසර හතක පෙර දාතමක් යොදමින්. මාස හයක් ඇතුළත මේ නඩුවේ කටයුතු අවසන් කරන ලෙසට පහළ උසාවියට නියෝගයක් ද ලබා දී තිබෙනවා. ‘ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙන් කාන්තාවන් ආරක්ෂා කිරීම’ යන පනත යටතේ මේ නඩුව පවරා තිබුණා.

h5vupib mohammed shami daughter 625x300 01 October 24

ඉන්දියා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක මොහමඩ් ෂාමි සහ ඔහුගේ දියණිය ආයිරා අතර චිත්තවේගාත්මක හමුවීමක් පසුගිය වසරේ සිදුවුනා. බොහෝ කලකට පසුව මුණගැසුනු දියණිය සමග ෂොපිං යන අයුරු එහිදී දක්නට ලැබුනු අතර, “දිගු කලකට පසුව මම ඇය දුටු මොහොතේ කාලය නතර වුණා. වචනවලින් කියන්න බැරි තරමට මම ඔයාට ආදරෙයි” යනුවෙන් ෂාමි එ අවස්ථාවේ ඉන්ස්ටග්‍රෑම් හි පෝස්ටුවක් දමා තිබුණා.

එම පෝස්ටුවට පැයක් ඇතුළත ‘ලයික්ස්’ ලක්ෂ 1.60කට වැඩියෙන් ලැබී තිබුණා. කෙසේ වෙතත්, ෂාමිගෙන් වෙන්ව සිටින බිරිඳ හාසින් ජහාන් එම හමුව සම්බන්ධයෙන් බරපතල චෝදනා නගා තිබුණා.

llsrqseg shami hasin jahan daughter 625x300 03 October 24
“එය ලෝකෙට පේන්න කළ දෙයක් පමණයි. මගේ දුවගේ පාස්පෝට් එක අවසන් වෙලයි තිබුනේ. අලුත් පාස්පෝට් එකට ෂාමිගේ අත්සන ඕන. එයා එයාගෙ තාත්තව හම්බු වෙන්න ගියේ ඒ නිසයි. නමුත් ෂාමි අත්සන් කළේ නැහැ. ඔහු දුවත් එක්ක ෂොපිං මෝල් එකකට ගියා. එයා දුවව අරගෙන ගියේ ෂාමි දැන්වීම්වලට පෙනී සිටින ආයතනයටයි. මගේ දුව සපත්තු හා ඇඳුම් එ සාප්පුවෙන් ගත්තා. එතනින් මොනවා හරි ගන්නවා නම් ෂාමි ගෙවන්න ඕන නැහැ. ඒ නිසයි එයා දුව එතනට එක්ක ගියේ. මගේ දුවට ගිටාරයකුයි කැමරාවකුයි ඕන වෙලා තිබුණා. එයා දුවට ඒවා අරන් දුන්නේ නැහැ” යනුවෙන් හාසින් ජහාන් ප්‍රකාශ කර තිබුණා.
“ෂාමි කවදාවත් මගේ දුව ගැන හොයල බැලුවේ නැහැ. ෂාමි කාර්යබහුල වෙලා ඉන්නේ එයාගෙ වැඩවලට විතරයි. එයා දුවව මීට මාසෙකට කළිනුත් හම්බවුණා. ඒ වෙලාවේ එයා කිසිම දෙයක් පෝස්ට් කළේ නැහැ. දැනුත් එයාට පෝස්ට් කරන්න දෙයක් තිබුනේ නැහැ. ඒ නිසයි එයා ඒ වීඩියෝව අප්ලෝඩ් කළේ” ජහාන් කියා තිබුණා.
 


වෘත්තීය මට්ටමෙන් මොහමඩ් ෂාමි විස්මිත හැකියාවන් තිබෙන ක්‍රීඩකයෙකු ලෙස සැමවිටම අගය කෙරුන ද, පෞද්ගලික මට්ටමෙන් ගනුදෙනු කිරීමට ප්‍රශ්න ගණනාවක් ඔහුට තිබුණා. බිරිඳ සමග තිබූ සබඳතා බිඳ වැටීමෙන් පසුව චෝදනා ගණනාවක් ඔහුට එරෙහිව නගා තිබුණා. ඔහුගේ බිරිඳ මේ වේග පන්දු යවන්නා තරග පාවාදුන් බවට ද චෝදනා නැගීම හේතුවෙන් ඒ පිළිබඳව අප්‍රමාදව පරීක්ෂණයක් පැවැත්වීමට ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී ඒකකයට සිදුවුනා.

Double Blue Ball 2025: ආදි වෙස්ලිඅයිට්ස් ක්‍රීඩා සමාජයෙන් ලාස් වේගාස් තේමාව  කොටගත් උත්සවයක්
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බිරිඳ හා දුවට මසකට රුපියල් ලක්ෂ හතර බැගින් නඩත්තු දීමනා ගෙවන්න ඉන්දියා වේග පන්දු යවන්නාට නියෝග | The Leader