The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

රිය අනතුරින් මිය ගිය පෘතුගාල ක්‍රීඩකයාට ජගත් පාපන්දුවේ හා විම්බල්ඩන් පිටියේ ගෞරවය

T

The Leader Desk

July 5, 2025 • 9:24 AM

 රිය අනතුරින් මිය ගිය පෘතුගාල ක්‍රීඩකයාට ජගත් පාපන්දුවේ හා විම්බල්ඩන් පිටියේ ගෞරවය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හැවිරිදි ජෝටා සහ 25 හැවිරිදි සිල්වා පාපන්දු ලෝකය හඬවමින් මිය ගියේ බ්‍රහස්පතින්දා මැදියම් රැයේ ස්පාඤ්ඤයේ සමෝරා පෙදෙසේදී දෙදෙනා ගමන් කරමින් සිටි ලැම්බෝගිනි රථය ටයරයක් පිපිරී මාර්ගයෙන් ඉවතට විසිව ගිනිගැනීමෙන්.
  • ජෝටාගේ මිතුරෙකු හා පෘතුගාල ජාතික කණ්ඩායමේ සගයකු වන චෙල්සී පිලේ පෙඩ්රෝ නෙටෝ කුරුසය ලකුණු කරමින් පිටියට පිවිසියේ ඩිඔගෝ ජෝටා සහ ඇන්ඩෲ සිල්වාගේ පළමු නම් සඳහන් ජර්සියක් කර තබාගෙන.
  • නිහඬතාවක් පැවැත්වූ මොහොතේ නෙටෝ තවත් ක්‍රීඩකයෙකුගේ ද සහාය ඇතිව එම ජර්සිය ඔසවා ගෙන සිටියා.
  • විම්බ්ල්ඩන් ටෙනිස් තරගාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්පූර්ණයෙන්ම සුදු පැහැති ඇඳුම් පැළඳීම අනිවාර්ය නීතියක්.
අකුරු ප්‍රමාණය (Font Size):

28 හැවිරිදි ජෝටා සහ 25 හැවිරිදි සිල්වා පාපන්දු ලෝකය හඬවමින් මිය ගියේ බ්‍රහස්පතින්දා මැදියම් රැයේ ස්පාඤ්ඤයේ සමෝරා පෙදෙසේදී දෙදෙනා ගමන් කරමින් සිටි ලැම්බෝගිනි රථය ටයරයක් පිපිරී මාර්ගයෙන් ඉවතට විසිව ගිනිගැනීමෙන්.

skynews accident diogo jota 6956155

ඕලෑන්ඩෝ නගරයේ Camping World Cup ක්‍රීඩාංගණයේ පැවති අල්-හිලාල් සහ ෆ්ලුමිනේසී කණ්ඩායම් අතර තරගයේ ක්‍රීඩකයන් පිටිය මැද කවයකට සැදී සිටියදී වීඩියෝ පුවරුව පෘතුගීසි පාපන්දු ක්‍රීඩකයන්ගේ ඡායාරූපයක් ප්‍රදර්ශනය කළා. නිහඬතාවකින් ගෞරව දැක්වීමේ අවස්ථාවකට නරඹන්නන් සහභාගි වුනා.

‌ෆිලඩෙල්‌ෆියා නගරයේ Lincoln Financial Field ක්‍රීඩාංගණයේ පල්මේරස් කණ්ඩායම චෙල්සී පිල මුණගැසුනු තරගයේ, මිය ගිය සොහොයුරන්ගේ කළු සුදු ඡායාරූපයක් ප්‍රදර්ශනය වෙද්දී සෙනඟ මොහොතකට නිශ්ශබ්දව සිටි අතර දෙපිලේ ම ක්‍රීඩකයන් ඔවුන්ගේ කමිස අත්වල කළු පටි පැළඳ සිටියා.

download 22

ජෝටාගේ මිතුරෙකු හා පෘතුගාල ජාතික කණ්ඩායමේ සගයකු වන චෙල්සී පිලේ පෙඩ්රෝ නෙටෝ කුරුසය ලකුණු කරමින් පිටියට පිවිසියේ ඩිඔගෝ ජෝටා සහ ඇන්ඩෲ සිල්වාගේ පළමු නම් සඳහන් ජර්සියක් කර තබාගෙන. නිහඬතාවක් පැවැත්වූ මොහොතේ නෙටෝ තවත් ක්‍රීඩකයෙකුගේ ද සහාය ඇතිව එම ජර්සිය ඔසවා ගෙන සිටියා.

විම්බල්ඩන් ගෞරවය

මේ අතර, මේ දිනවල තරග පැවැත්වෙන විම්බල්ඩන් ටෙනිස් පිටිය ද ඩිඔගෝ ජෝටා ට ගරු බුහුමන් දක්වා සිටියේ ඔවුන්ගේ දැඩි ඇඳුම් නීතිය මොහොතකට වෙනස් කරමින්.

8a1d685290977faafe06117aa9e4d405

විම්බ්ල්ඩන් ටෙනිස් තරගාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්පූර්ණයෙන්ම සුදු පැහැති ඇඳුම් පැළඳීම අනිවාර්ය නීතියක්. එහෙත් ඩෝටාගේ මේ ඛේදජනක මරණය වෙනුවෙන් එම නීතිය ලිහිල් කළ මේ තරගාවලිය පවත්වන සමස්ත එංගලන්ත සමාජය (All England Club) පෘතුගාලයේ ෆ්‍රැන්සිස්කෝ කබ්රාල් ට කළු පටියක් පැළඳ ක්‍රීඩා කිරීමට අවසර ලබා දුන්නා.

ඒ අනුව ඔහු ඊයේ පැවති යුගල තරගයට ක්‍රීඩා කළේ ඔහුගේ සුදු කමිස අතේ කළු පටියක් ප්‍රදර්ශනය කරමින්.

ජෝටා රිය අනතුරකින් මිය යාමේ දුක්මුසු පුවත ඇසෙන විට තමා විම්බල්ඩන් බලා රිය පදවමින් සිටි බව පැවසූ කබ්රාල්, ජෝටා ඉතාම ප්‍රියජනක, නිහතමානී හා ප්‍රතිමාමය ක්‍රීඩකයෙකු බව කියා සිටියා.

 

jotaඩිඔගෝ ජෝටා

 

ප්‍රබල ලිවපූල් ක්‍රීඩා ලෝලියකු වන බ්‍රිතාන්‍ය යුගල ටෙනිස් ක්‍රීඩක නීල් ස්කප්ස්කී ද ඔහුගේ බ්‍රහස්පතින්දා තරගය වෙනුවෙන් කළු අත්පටියක් ගෙනැවිත් තිබුන ද එය පැළඳ සිටියේ නැහැ. තරගාවලියේ ඉදිරි දිනවල තමා එය පැළඳ ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙන බව ඔහු පැවසුවා.

warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...