The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
ක්‍රීඩා

‘සෙක්ස් ටෝයිස්’ විසිකිරීම: අමෙරිකාවේ කාන්තා බාස්කට්බෝල් තරග පිටියේ අලුත්ම සිදුවීම් මාලාව

T

The Leader Desk

August 10, 2025 • 3:12 PM

‘සෙක්ස් ටෝයිස්’ විසිකිරීම: අමෙරිකාවේ කාන්තා බාස්කට්බෝල් තරග පිටියේ අලුත්ම සිදුවීම් මාලාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කාන්තාවන්ට අගෞරව කරන අශෝභන හා අශිෂ්ට සිදුවීම් මාලාවක් පසුගිය සතියේ අමෙරිකාවේ කාන්තා ජාතික බාස්කට්බෝල්
  • මේ සිද්ධීන් සම්බන්ධයෙන් 18 හැවිරිදි සහ 23 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ක්‍රිප්ටෝ මුදල් ඩිජිටල් කාසි නිර්මාණකරුවන් සමූහයක් මේ පිටුපස සිටින බවට ප්‍රකාශ වී තිබෙනවා.
  • විශේෂයෙන් කළු ජාතික හා සමලිංගික කාන්තාවන් ද අන්තර්ඝතව සිටින මේ ලීගයට සියලු ජාතීන් සමානව ඇතුළත්ව තිබුන ද, මෑත වසරවලදී එහි ජනප්‍රියත්වය රොකට්ටුවක වේගයෙන් ඉහළ යාමත් සමග එම ලීගය වඩාත් විශාල අමෙරිකානු සංස්කෘතික යුද්ධයට හසුව තිබෙනවා.
  • මෙහි ආසන්නතම විද්‍යමානවීම ලෙස සමහ‌රු දකින්නේ තරග පැවැත්වෙද්දී ඒ මැදට ‘සෙක්ස් ටෝයිස්’ විසිකිරීමේ   ප්‍රවණතාව.
අකුරු ප්‍රමාණය (Font Size):

ලීග් (WNBA) තරග බිම ග්‍රහණය කර ගත්තා.

ක්‍රීඩා ලෝලියෙකු විසින් ජූලි 29 වැනිදා පැවති තරගයකට ‘සෙක්ස් ටෝයි’ එකක් විසිකරමින් හුදෙකලා සිදුවීමක් ලෙස ඇරඹුනු මේ ක්‍රියාව දැන් අනුන් ද කරන ‘කොපිකැට්’ ක්‍රියාදාමයක් බවට පත්ව තිබෙන්නේ ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් හා තරග විස්තර නිවේදකයන්ගේ දැඩි කෝපයට ලක්වෙමින්.

මේ සියල්ල ආරම්භ වූයේ කෙසේද යන්න පිළිබඳව වාර්තා වන කතන්දරය මගින් ක්‍රිප්ටෝ මුදල් වටා තිබෙන Gen Z meme නමැති මාර්ගගත හාස්‍ය සන්නිවේදනයේ අද්විතීය ආකෘතිය සහ තවමත් දිගටම කාන්තාවන්‌ගේ ක්‍රීඩාව වෙලාගෙන තිබෙන ස්ත්‍රීභාවය නිසා කතුන් හෙලා දැකීම හා නාරිද්වේෂය පිළිබඳ අමුතු කවුළුවක් විවෘත කර තිබෙනවා.

මේ සිද්ධීන් සම්බන්ධයෙන් 18 හැවිරිදි සහ 23 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ක්‍රිප්ටෝ මුදල් ඩිජිටල් කාසි නිර්මාණකරුවන් සමූහයක් මේ පිටුපස සිටින බවට ප්‍රකාශ වී තිබෙනවා.

WNBA

ස්ත්‍රීභාවය නිසා වෙනස්කම් කිරීම සහ වර්ගවාදය WNBA ට අමුතු දෙයක් නෙවෙයි. විශේෂයෙන් කළු ජාතික හා සමලිංගික කාන්තාවන් ද අන්තර්ඝතව සිටින මේ ලීගයට සියලු ජාතීන් සමානව ඇතුළත්ව තිබුන ද, මෑත වසරවලදී එහි ජනප්‍රියත්වය රොකට්ටුවක වේගයෙන් ඉහළ යාමත් සමග එම ලීගය වඩාත් විශාල අමෙරිකානු සංස්කෘතික යුද්ධයට හසුව තිබෙනවා. මෙහි ආසන්නතම විද්‍යමානවීම ලෙස සමහ‌රු දකින්නේ තරග පැවැත්වෙද්දී ඒ මැදට ‘සෙක්ස් ටෝයිස්’ විසිකිරීමේ   ප්‍රවණතාව.

‘සෙක්ස්’ සෙල්ලම් බඩු වර්ගයක නාට්‍යයක නමක් තිබෙන අලුත් ඩිජිටල් කාසියක් දියත් කිරීම සමග සම්පාත වීම පිණිස කොළපැහැ ‘සෙක්ස් ටෝයිස්’ විසිකිරීම තම සාමාජිකයන් විසින් ආරම්භ කළ බව එම ඩිජිටල් කාසි නිර්මාණකරුවන්ගේ සමූහය පවසනවා.

ජූලි 29 සිදුවීමට මොහොතකට පෙර මේ සමූහයේ ‘ටෙලිග්‍රෑම්’ වේදිකාවේ සිටින පුද්ගලයන්ගේ කතාබහේදී ඔවුන් එකිනෙකාට මේ ඩිජිටල් මුදල් කාසි යවා, ‘සෙක්ස් ටෝයිස්’ තරග පිටියට විසිකිරීම සිදුවන ඊළඟ WNBA තරගය කුමක්දැයි අසමින් එම ක්‍රියාව සමාජ මාධ්‍යයේ කොතරම් දුරට පැතිරේවි ද කියා විමසා බලා තිබෙනවා.

කැලිෆෝනියා ප්‍රාන්තයේ Valkyries කණ්ඩායම ලකුණු 77-75කින් Atlanta  Dream පිල පරාජය කළ තරගය අතරතුර පිටියට ‘සෙක්ස්’ සෙල්ලම් බඩුවක් පතිත වූ අවස්ථාවේදී මේ ඩිජිටල් කාසි නිර්මාණකරුවන්ගේ සමූහයට ඔවුන්ගේ ප්‍රමෝදය සඟවා ගැනීමට නොහැකි වුනා.

එතැන් සිට මේ දක්වා, තවත් ‘සෙක්ස් ටෝයිස්’ තුනක් WNBA තරග පැවැත්වෙද්දී පිටියට වැටී තිබෙන අතර තවත් දෙකක් විසිකරනු ලැබුව ද ඒවා පිටියට පතිත වුනේ නැහැ.

පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා ම මේ ක්‍රිප්ටෝ සමූහයට අයත්දැයි පැහැදිලි නැහැ. තම ප්‍රජාවගේ කෙනෙකු වන මින් එක් පුද්ගලයෙකු සමග තමන් සමීපව කටයුතු කරන බව පවසන මේ සාමූහිකය, අත්අඩංගුවේ පසුවන අනෙක් පුද්ගලයා ‘කොපිකැට්’ කෙනෙකු බව කියනවා.

දිගින් දිගට සිදුවන මේ සිද්ධීන් තවත් ඔන්ලයින් අවකාශයක ක්‍රියාත්මක වීමක් පුබුදුවා තිබෙනවා. ඒ, තරුණයන් අතර ජනප්‍රියව තිබෙන ක්‍රීඩා සූදුව.

ලබන සිකුරාදා වන විට තවත් ‘සෙක්ස් ටෝයි’ එකක් WNBA තරගයකට විසිකරාවි ද යනුවෙන් ජනතාව ඩොලර් 460,000කට වැඩි මුදලක් Polymarket නමැති මාර්ගගත ඔට්ටු ඇල්ලීමේ වේදිකාවේ ඔට්ටු අල්ලා තිබෙනවා. තවත් වේදිකාවක් ඊළඟට විසිකරන ‘සෙක්ස් ටෝයි’ එකේ වර්ණය පිළිබඳව ඔට්ටු බාරගෙන තිබෙනවා.

මේ සිද්ධීන් සම්බන්ධයෙන් ඔට්ටු ඇල්ලූ එක් පුද්ගලයෙක් පෝස්ටුවක් තබමින් තමා ඩොලර් 20,000ක මුදලක් දිනාගත් බවට දන්වා තිබෙනවා.

අලුත් ඩිජිටල් කාසිය නිකුත් කර තිබෙන්නේ ක්‍රිප්ටෝ මුදල් වෙළඳපොලේ තිබෙන වර්තමාන තත්ත්වයට විරෝධය පළකිරීමක් වශයෙන් බවත් නව කාසියට අවධානය ලබා ගැනීම පිණිස මේ ක්‍රියාවන් වැදගත් වන බවත් ක්‍රිප්ටෝ සමූහයේ ප්‍රකාශකයෙක් සඳහන් කරනවා. මේ සිදුවීම් ක්‍රීඩිකාවන්ට කරන අගෞරවයක් බවට නගන චෝදනා ඔවුන් ප්‍රතික්ෂේප කරනවා.”

“මෙය කාන්තාවන්ට එරෙහි මෙහෙයුමක් නෙවෙයි. මෙය ඉලක්ක කරගෙන සිටින්නේ ඩිජිටල් කාසි සංස්කෘතිය හා ක්‍රිප්ටෝ අවකාශය පිළිබඳව දැනුවත් කිරීමටයි” එම සාමූහිකය ප්‍රකාශ කරනවා.

තරග පිටියට ‘සෙක්ස් ටෝයිස්’ විසිකරන ක්‍රියාවන් සඳහා තම කණ්ඩායම පිරිමි ක්‍රීඩා ලීගයන් ද ඉලක්ක කරගෙන සිටින බව කියන මේ සමූහය, ප්‍රධාන ලීග් බේස්බෝල් තරගයකදී එහි කැමරාවට ‘සෙක්ස් ටෝයි’ එකක් පෙන්වූ බවත් ඉදිරියේදී එවැනි තවත් සිද්ධීන් ඇතිවිය හැකි බවත් පවසනවා.


warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

‘සෙක්ස් ටෝයිස්’ විසිකිරීම: අමෙරිකාවේ කාන්තා බාස්කට්බෝල් තරග පිටියේ අලුත්ම සිදුවීම් මාලාව | The Leader