The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
ක්‍රීඩා

එකම තරගාවලියකදී මොළයට ඇතිවූ තුවාලවලින් ජපන් බොක්සිං ක්‍රීඩකයන් දෙදෙනෙක් මරුට

T

The Leader Desk

August 11, 2025 • 10:19 AM

එකම තරගාවලියකදී මොළයට ඇතිවූ තුවාලවලින් ජපන් බොක්සිං ක්‍රීඩකයන් දෙදෙනෙක් මරුට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජපානයේ බොක්සිං ක්‍රීඩකයන් දෙදෙනෙක් ටෝකියෝ නුවර පැවති එකම තරගාවලියේ ඉසව් දෙකකදී ඇතිවූ මොළයේ තුවාලවලින් මිය ගොස් තිබෙනවා.
  • ටෝකියෝ හි කොරාකුඅන් ශාලාවේ අගෝස්තු 2 වැනිදා පැවති තරගාවලියේදී ජීවිත අහිමි වන වි‌ට මේ ක්‍රීඩකයන් දෙදෙනා ම පසුවෙමින් සිටියේ 28 වැනි වියේ.
  • ජපානයේ ම යමාටො හටා ට එරෙහිව පැවති තරගය වට 12න් පසුව ජය පැරදුමින් තොරව අවසන් කර ගත් කොටාරි  තරගය අවසන් වී මොහොතකට පසුව සිහිනැතිව ගොස් මිය ගිය බව ඔහු‌ගේ M.T.
  • ජිම්නේසියම ඔවුන්ගේ වෙබ්අඩවියෙන් කියා සිටියා.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙසේ මිය ගොස් තිබෙන්නේ සුපර් ෆෙදවේට් අංශයේ තරග වැදුනු ෂිගෙටොෂි කොටාරි (Shigetoshi Kotari) සහ ලයිට්වේට් අංශයේ තරග කළ හිරෝමාසා උරකාවා (Hiromasa Urakawa) යන දෙදෙනා. ටෝකියෝ හි කොරාකුඅන් ශාලාවේ අගෝස්තු 2 වැනිදා පැවති තරගාවලියේදී ජීවිත අහිමි වන වි‌ට මේ ක්‍රීඩකයන් දෙදෙනා ම පසුවෙමින් සිටියේ 28 වැනි වියේ.

ක්‍රීඩකයන් දෙදෙනාවම වහාම රෝහලට රැගෙන ගිය අතර එහිදී ඔවුන්ට මොළයේ ශල්‍යකර්ම සිදුකළා.

ජපානයේ ම යමාටො හටා ට එරෙහිව පැවති තරගය වට 12න් පසුව ජය පැරදුමින් තොරව අවසන් කර ගත් කොටාරි  තරගය අවසන් වී මොහොතකට පසුව සිහිනැතිව ගොස් මිය ගිය බව ඔහු‌ගේ M.T. ජිම්නේසියම ඔවුන්ගේ වෙබ්අඩවියෙන් කියා සිටියා.

 

යොජි සයිටො සමග පැවති තරගයේ අට වැනි සහ අවසාන වටයේදී පරාජය ලැබූ උරකාවා ද එම තරගයේ ලැබූ තුවාලවලින් ඛේදනීය අයුරින් මිය ගිය බව ලෝක බොක්සිං සංවිධානය (WBO) ‘ඉන්ස්ටග්‍රෑම්’ පෝස්ටුවකින් පැවසුවා.

boxingහිරෝමාසා උරකාවා (Hiromasa Urakawa-වම) සහ ෂිගෙටොෂි කොටාරි (Shigetoshi Kotari-දකුණ)
උරකාවා මිය ගියේ කොටාරිගේ මරණයෙන් දින කිහිපයකට පසුව.

බොක්සිං සටන්කරුවන් දෙදෙනෙකු එකම තරගාවලියක ලැබූ තුවාල හේතුවෙන් හිස් කබල විවෘත කෙරෙන ශල්‍යකර්මවලට බඳුන් වූ ජපානයේ ප්‍රථම අවස්ථාව මෙය බව ජපාන බොක්සිං කොමිසම සඳහන් කරනවා.

warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...